අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

වානිජ මණ්ඩල‍යෙන් කෝච්චියට අයිස් පෙට්ටි යෝජනාවක්

by editor
මැයි 21, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සෑම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් අසලම ඇති ගබඩා පහසුකම් පුළුල් කිරීමට සහ එම මධ්‍යස්ථාන ආශ්‍රිත ව ශීතාගාර ඇති කිරීමටත් තෝරා ගත් ප්‍රදේශ කිහිපයක් හරහා කොළඹට එන සෑම දුම්රියකම එක් පෙට්ටියක් ශීතාගාර සහිත බහලුම් පෙට්ටියක් යොදන ලෙසත් ශ්‍රි ලංකා වානිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

ඔවුන් මෙම ඉලලීම ඇතුළත් කර තිබුණේ ශ්‍රි ලංකා වානිජ මන්ඩලය විසින් කොවිඩ් 19 කොරෝනා වසංගතයෙන්  බිඳ වැටුණු ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළ යුතු දේ පිළිබඳ ව සකස් කළ යෝජනා මාලාවකය. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සකස් කොට ඇති මෙම යෝජනා අතර ක්ෂණික ව කළ යුතු, මධ්‍ය කාලීන හා දිගු කාලීන අංග සම්පූර්ණව සකසා ඇති  මෙම යෝජනා මාලාව පසුගියදා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ සහ දිළිඳුකම දුරලීමේ කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කර ඇත.

කෘෂි අංශය සම්බන්ධයෙන් වහා කළ යුතු යෝජනා අතරට ඔවුන් එක් කොට ඇති යෝජනාවක් වන්නේ මෙලෙස විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අසල ඇති රජයේ ගබඩා ශීතාගාර බවට පරිවර්තනය කළ යුතු බවය. එහිදී දැනට පවතින සම්පත් උපරිම වශයෙන් භාවිතයට ගනිමින් පෞද්ගලික අංශයේ ශීතාගාර මෙහෙයුම්කරුවන්ද හවුල් කරගෙන රාජ්‍ය පෞද්ලික හවුල් ව්‍යාපාර ලෙස ඒවා ස්ථාපනය කළ යුතු බවය. දැනට මෙරට ජනතාවට අවශ්‍ය කෘෂි නිෂ්පාදන මිල වේගයෙන් ඉහළ පහළ යන තත්ත්වයට හේතුව මෙසේ ගබඩා පහසුකම් නොමැති වීම බව පෙන්වා දෙන වානිජ මණ්ඩලය මෙම කටයුත්ත හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දෙයි.

එසේම ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය සහ අධික වියදම අවම කිරීම සඳහා මෙරට ප්‍රධාන දුම්රිය මාර්ග හයක ධාවනය ශීතාගාර සහිත දුම්රිය බහලුම් මැදිරි ධාවනය කිරීමට කටයතු කරන ලෙසටද යෝජනා කොට තිබේ. ඔවුන්ගේ යෝජනාවට අනුව මෙම ශීතාගාර මැදිරි බෙලිඅත්ත, බදුල්ල , ත්‍රිකුණාමලය, පුත්තලම, යාපනය සහ මඩකලපුව සිට ධාවනය කළ යුතු බවටත් ඒ අනුව මෙම පුදේශ ආශ්‍රිත විශාල පරාසයක කෘෂි නිෂ්පාදන රට තුළ හුවමාරු කර ගැනීමට හැකිවන බවත් ශ්‍රි ලංකා වානිජ මණ්ඩලය තම යෝජනා මඟින් ඉදිරිපත් කොට ඇත. මෙමඟින් කාර්යක්ෂමව අඩු වියදමකින් මෙම කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට හැකි වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එයට අමතරව කෘෂිකර්මාන්තය සඳහා තරුණ ජ්‍රජාව සහභාගී කර ගැනීමට අදාළ නව්‍යකරණ වැඩසටහන් දියත් කිරීමටද යෝජනා කර ඇති අතර වැඩි අස්වැන්නක් ලබා දෙන බීජවර්ග ආනයනය සඳහා බදු සන ලබා දීම පිළිබඳවද යෝජනා ඇතුළත්ය.

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ දිගු සහ මධ්‍ය කාලීන යෝජනා ද මෙම පුළුල් යෝජනාවලියේ පවතින අතර මධ්‍ය කාලීන පියවරක් ලෙස කෘෂිකර්මාන්තතය ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශ්ව නියෝජනය කරන ජාතික මෙහෙයුම් කමිටුවක් සැකසිය යුතු බවටද යෝජනා කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජූනි මස මුල් සතියේ සිට රෝහල්වල සුපුරුදු ලෙස වැඩ ඇරඹේ…

Next Post

හෝමාගම ක්‍රිකට් පිටි‌ ව්‍යාපෘතිය අත්හිටුවයි.

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.