අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

හෝමාගම ක්‍රිකට් පිටි‌ ව්‍යාපෘතිය අත්හිටුවයි.

by editor
මැයි 21, 2020
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක-

 

කුමාර් සංගක්කාර

අමෙරිකානු ඩොලර් මිලියන 40කට ආසන්න මුදලක් වැය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදි කිරීමට සැළසුම් කළ හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවීමට අගමැති  මහින්ද රාජපක්ෂ මහතා අද තීරණය කළ බව අගමැති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයන් සහ වත්මන් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිපදෙනකුත් සමග හිටපු ක්‍රිකට් පරිපාලකයන් සමග අද පැවැති සාකච්ඡාවකින් පසුව අගමැතිවරයා මේ තීරණය ගත් බව අගමැති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් කියා සිටී.

හෝමාගම, දියගම ඉදි කිරීමට යෝජිත එම ක්‍රීඩාංගණය සඳහා වැය කිරීමට අපේක්ෂා කළ මුදල් පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමට සහ දැනට පවතින ක්‍රිකට් ක්‍රීඩාංගණ වැඩි දියුණු කිරීමට යොදවන ලෙසත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව අගමැති කාර්යාලය සඳහන් කරයි.

අරලියගහ මන්දිරයේ අද පැවැති මෙම රැස්වීමට ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් වන සනත් ජයසුරිය, රොෂාන් මහානාම, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ වත්මන් කණ්ඩායමේ ලසිත් මාලිංග සහභාගි වූ අතර ක්‍රිකට් බලධාරීහුද ඊට එක්වී සිටියහ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සනත් ජයසූරිය
මහෙල ජයවර්ධන
රොෂාන් මහානාම

අගමැතිවරයා සමග පැවැති මෙම රැස්වීම ඉතා සාර්ථක වූ බවත්, වර්තමානයේ අප විසින් සිදුකළ යුතු වන්නේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයට අවධානය යොමු කිරීම බව හිටපු ක්‍රීඩකයන් සියළුදෙනා මෙහිදී අගමැතිවරයාට පැවැසූ බව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා එම සාකච්ඡාවෙන් පසුව කියා සිටියේය. එමෙන්ම මෙවැනි විශාල ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට මෙය වේලාව නොවන බවත් එහිදී හිටපු ක්‍රීඩකයන් ප්‍රකාශ කර තිබේ.

ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ක්‍රීඩා අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද මේ සාකච්ඡාවට එක්වී සිටියහ.

යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගණය පිළිබඳ පසුගිය දින කිහිපය පුරා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දැඩි විවේචනයට භාජනය වූ අතර මේ අවස්ථාවේ එවැනි ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට තීරණය කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි දෝෂාරෝපණයට ද ලක්විය.

 

 

Share69Tweet43
Previous Post

වානිජ මණ්ඩල‍යෙන් කෝච්චියට අයිස් පෙට්ටි යෝජනාවක්

Next Post

රුපියල් පන්දහසකට තෙරපී මැරුණු අසරණයන්ගේ කතාව

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.