සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

මෙරට සංචාරක ව්‍යාපාරය නැවත විවෘත කිරීම සඳහා ගෙන ඇති පියවර CNN අගයයි

by Lanka Sara Editor
මාර්තු 1, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර ජනමාධ්‍ය අතර ඉදිරියෙන්ම සිටින කීර්තිමත් ප්‍රවෘත්ති නාළිකාවක් වන CNN, විසින් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) ඇගයීමට ලක්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ප්‍රබල ශක්තියක් ලබා දෙන සංචාරක ව්‍යාපාරය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැවත නගාසිටුවීම සඳහා නව්‍යකරණ ක්‍රමවේදයක් හරහා නව සාමාන්‍ය වාතාවරණයකදී (New Normal) ගනු ලැබූ විශිෂ්ට උත්සාහය හා කැපවීම වෙනුවෙන් CNN ප්‍රවෘත්ති නාළිකාව මෙම ඇගයීම සිදුකර ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට නිදහස් නීරෝධායන සංචාර හෙවත් Quarantine free සංචාරක අවස්ථා නිර්මාණය කරදීමට අදාල පාලන අධිකාරීන් කල්පනා කරන ලදී. ඒ සඳහා “ජෛව බුබුළු “bio-bubble” සංකල්පය භාවිතා කළ අතර ආරක්ෂිත හා සුරක්ෂිත හෝටල් සහතිකය හඳුන්වා දීමෙන් සංචාරක හෝටල් සේවක පිරිස් සංචාරක කර්මාන්තයෙහි නියැලි ව්‍යාපාරික පාර්ශවකරුවන්, දේශීය ජනයාගේ ආරක්ෂාව සහතික කර ඇත.

සුරක්ෂිතතා මාර්ගෝපදේශ භාවිතයෙන් ශ්‍රී ලංකා සංචරණය මූලිකත්වයෙන් මෙහෙයවූ නව්‍යකරණ කළමනාකරණ ආදර්ශය මෙහිදී විශේෂයෙන්ම කැපී පෙණිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද එම මාර්ගෝපදේශයන්, කර්මාන්තයෙහි අවශ්‍යතාවය අනුව සංචාරක අධිකාරිය විසින් භාවිතයට ගන්නා ලදී. කරුණු තුනක් මත පදනම්වන මෙම නව්‍ය ක්‍රමවේදය නිසා මෙම කාලසීමාවේදී ශ්‍රි ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉහළ අවධානයට ලක්විය.

මෙම ක්‍රමවේදය අනුව සංචාරය කිරීමට අනුකූලතාවය දැක්වීම නිසා සංචාරක කර්මාන්ත ව්‍යාපාරිකයින්ට අදාල සංචාර බුබුල නොබිඳී පවත්වාගැනීම සිදුකල හැකි අතරම, රටට අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කිරීමේ මගත් නැවතත් විවෘත වේ.

CNN නාලිකාවේ ‘First Move with ‘Julia Chatterley’ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් මෙම නව්‍ය ක්‍රමවේදය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා සංචරණයෙහි සභාපතිනිය – කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ ‘නීරෝධායන මධ්‍යස්ථාන’ පිහිටුවීම හා එන්නත්කරණ වැඩසටහන සංචාරක කර්මාන්තය තුල ක්‍රියාත්මක කිරීම ඇතුළුව කොවිඩ් වසංගතය පාලනය හා එය කළමනාකරණය සඳහා ආරම්භයේ සිටම රජය ගෙන ගිය ක්‍රියාකාරී යාන්ත්‍රණය අතිශය ඉහළ වැදගත්කමක් ගන්නා බවයි.

මේ වන විට මෙරට සංචාරය සඳහා පැමිණෙමින් සිටින විදෙස් සංචාරකයින් සහ ඒ සමග මතුවන වෙළෙඳපොල ප්‍රවණතා ඉදිරියේදී සංචාරක කර්මාන්තය විසින් ඉල්ලා සිටින අවශ්‍යතා පිළිබඳව කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැහැදිලි කරන ලදී.

ජාත්‍යන්තරය සමග ගුවන් මාර්ග සබඳතාවය පවත්වාගැනීම හා නව ගුවන් සේවා පහක් සමග ගුවන් ගමන් සබඳතා ඇතිකර ගනිමින් 2021 ජනවාරි 21 වැනි දින සිට නැවත ශ්‍රී ලංකාව විවෘතවීම පිළිබඳවද ඒ මහත්මිය CNN නාලිකාව සමග අදහස් පළ කර සිටියාය.

සංචාරක කර්මාන්තය සඳහා රට නැවත විවෘත වීමත් සමග ඊට අදාලව ශ්‍රී ලංකා සංචරණය කාලීනව හා වඩාත් ක්‍රමෝපායිකව සුදානම්වු ආකාරය පිළිබඳවද වැඩසටහන අතර දැනගන්නට ලැබිණි.

ආරක්ෂිත හා සුරක්ෂිත සහතිකකරණ ලබාදීමේ වැඩසටහන මෙන්ම සංචාරක හෝටල්, සංචාරක මගපෙන්වන්නන් හා සංචාරක වාහන රියදුරන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්වීම වැනි කරුණු පිළිබඳව එහිදී කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් ජාත්‍යන්තරයට විශිෂ්ට දැනුවත් කිරීමක් සිදු කළාය.

ශ්‍රී ලංකා සංචරණය විසින් මෙම ක්‍රියාවලිය සැලසුම් කරන ලද අතර බාධාවකින් තොරව, සුරක්ෂිතව හා ආරක්ෂිතව මතකයේ රැඳෙන විනෝදජනක සංචාර අත්දැකීමක් විදෙස් සංචාරකයින්ට ලබා දීම එහි අරමුණයි. එම වැඩපිළිවෙල තවදුරටත් විධිමත් කිරීමට ඔවුහු කටයුතු කරමින් සිටින බවද එහිදී ඇය ප්‍රකාශ කළාය.

සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරික පාර්ශවකරුවන් සෑම විටම මනා සම්බන්ධීකරණයක් සහිත තිරසාර මෙන්ම කාර්යක්ෂම ක්‍රියාවලියක් අපේක්ෂා කරන අතර, ඔවුන් බලාපොරොත්තු වන පසුබිම නිර්මාණය කරදීමට ශ්‍රී ලංකා සංචරණය කැපවී සිටින බවද කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිගම දේශපාලකයාගේ වත්තේ තිබූ කිලෝ 100 වැඩි කුඩු තොගයක් පන්නලා

Next Post

ඇමට දාන්න හදපු ලක්ෂ විසිපහේ කෘත්‍රිම දැල්ලාට මාළු බයයි ලු…

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.