අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

කෝටි 2170ක ඉන්ධන ස්ථායීකරණ අරමුදල අහෝසි කරන්න සූදානම්… විගණනය හෙළි කරයි!

මේ වනතුරු පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නැත්තේ අහෝසි කරන්න සූදානම් නිසා... පාලන අධිකාරිය කියයි!

by editor
ඔක්තෝබර් 22, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ලෝක වෙළඳපොළේ  ඉන්ධන මිල අඩුව තිබෙන විට  ඉන්ධන ආනයනයේ දී  ශ්‍රි ලංකා රේගුව විසින්  අධිභාරයක් අයකර  පැවති මිලටම ඉන්ධන අලෙවි කර 2020 වර්ෂයේ මාර්තු මස සිට  දෙසැම්බර්මස දක්වා කාලය තුළ  ඉන්ධන ස්ථායිකරණ අරමුදල සඳහා රුපියල් කෝටි විසි එක් දහස් හැත්තෑවකුත් පනස් නව ලක්ෂ දාහතර දහස් හාරසිය හැට දෙකක් ( 21,705,914,462) ක ශුද්ධ අධිභාර ආදායමක් උපායාගෙන තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

ඒ අනුව 2020 වර්ෂයේ දි අරමුදලේ මෙහෙයුම් ප්‍රථිපලය  රුපියල් 21,705,911,662ක අතිරික්තවයක් වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මිල ස්ථායිකරණ අරමුදල ඇති කිරීමේ අපේක්ෂිත අරමුණවිය යුත්තේ  මිල වැඩිවිමේ දී හා අඩුවිමේ දී  සිදුවන මිල උච්චාවනයන් සමනය කරගැනිම බව ද විගණන වාර්තාවේ සදහන් කොට ඇත.

එසේ මිල උච්ඡාවනයන් සමනය කොට  දේශිය වෙළදපොළේ ඉන්ධන සම්බන්ධයෙන්  ස්ථාවර මිලක් පවත්වාගැනීම වුවද  මෙම අතිරික්තය  දේශීය මිල  ස්ථායිව පවත්වාගෙන යාම සදහා  ද්‍රවශීල වත්කමක් ලෙස  පවත්වාගෙන යාමක් පිළිබඳ  අමාත්‍යමණ්ඩල සංදේශයේ හෝ අනුමැතියේ  සඳහන් නොවූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

කෙසේවුවද  අනුමැතිය පරිදි  අරමුදලේ රුපියල් බිලියන 48ක මුදල් විදුලිබල මණ්ඩලය වෙත ප්‍රාග්ධන දායකත්වයක් ලෙස  ලබාදී එය මුල්‍ය තත්ව ප්‍රකාශනයේ  කෙටිකාලින ආයෝජන  යටතේ දක්වා තිබුණ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම  විසර්ජන පනතට අනනුකූලව ආදායම් රැස්කිරීම හා වියදම් දැරීම සඳහා  2020 මාර්තුමස 18 දින මෙම අරමුදල ආරම්භ කර තිබුණි. කෙසේවුවද  ඒ සඳහා වර්ෂයක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. එහෙත් විගණිත දිනය වු 2021 සැප්තැම්බර් මස 06 දින වන විටත්  ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නොතිබුණි.

මේ සම්බන්ධව  විගණනයට කළමණාකාරිත්වයේ අදහස් දැක්විමේ දී සඳහන්කොට ඇත්තේ  මෙම අරමුදල අහෝසි කිරීම සඳහා  කඩිනමින් ඉදිරියේ දී  කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක්  ඉදිරිපත් කිරීමට  යොජිතව ඇති බවය.

ඒ සඳහා  අනුමැතිය ලබාගැනිමෙන් පසු රාමු චක්‍රලේඛ 01/2020 පරිදි 2022 අයවැයෙන් අරමුදල පිහිටුවීම  එහි ගනුදෙනු හා වගකීම් පියවීම සම්බන්දයෙන්  මහා භාණ්ඩාගාරය මගින් භාරගැනීම, ඈවරකිරීම, යනාදිය ඇතුළත්ව  අරමුදලේ සියලු කටයුතු සම්බන්ධව  පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇතිබවය.

ඉන්ධන මිල ස්ථායිකරණ  අරමුදලේ 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  මුල්‍යතත්ව ප්‍රකාශනය සම්බන්දයෙන් මෙකී විගණනය සිදුකොට තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොවිඩ් සුව වී ගෙදර පැමිණි කරෙයිනගර් ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ගොදුරක් වී මරුට

Next Post

මස්වැද්දන්ගේ මද්දකට හසුවී මිය ගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් හමුවේ!

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.