ඉන්දියාවේ ටාටා සමාගම එරට ජාතික ගුවන් සේවය වූ එයාර් ඉන්දියා ගුවන් සේවය ඉන්දීය රුපියල් කෝටි දහ අට දහසකට මිලදීගෙන තිබේ.
මේවන විට විශාල වශයෙන් පාඩු ලබමින් සිටින එයාර් ඉන්දියා ගුවන් සේවය විකුණා දැමීමට ලංසු කැඳවා තිබූ අතර එහිදී වැඩිම ලංසුව ටාටා සමාගම විසින් ඉදිරිපත් කර තිබිණි.
ඒ අනුව මෙම වසර අවසන් වන විට ගණුදෙනුව අවසන් වීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේවන විට එයාර් ඉන්දියා හී සේවය කරන කිසිදු සේවකයෙකු ගිවිසුම අනුව ඉවත් කිරීමක් සිදු කිරීමක් නොවන බවටද වාර්තා වේ.
කෙසේවෙතත් වසරකින් පසුව ඔවුන්ට වන්දි මුදලක් සමග ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාමට අවස්ථාවක් හිමි වීමට නියමිත බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
1932 වර්ශයේදී ටාටාවරුන් විසින් ටටා එයා ලයින් ලෙසින් මෙම සමාගම ආරම්භ කළ අතර 1946දී එය එයා ඉන්දියා ලෙස නම් කිරීමට පියවර ගත්තේය.
පසුව මෙම සමාගම 1953 දී ඉන්දීය රජය විසින් ජනසතු කරනු කරනු ලැබීය.
කෙසේ වෙතත් එයා ඉන්දියා යලිත් ලබාගැනීම සම්බන්ධයෙන් ටාටා සමාගමේ සභාපති රතන් ටාටා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමි කියා ඇත්තෙ එයා ඉන්දියා සමාගම යලිත් සාදරයෙන් පිළිගන්නා බවයි.