අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ඇලවෙන  ගොඩනැගිල්ලේ අර්බුද කෙළින් කරන්න ජනපති මැදිහත් වෙයි

ව්‍යාපෘතිය වහා අවසන් කිරීමට විශේෂ බලධාරියෙක් 

by editor
ජූනි 8, 2020
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

කොළඹ බේරේ වැව අද්දර ඉදිවෙමින් පවතින ශ්‍රි ලංකාවේ උසම සුපිරි නිවාස සංකීර්ණය ලෙසින් සැලකෙන අල්ටෙයාර් රෙසිඩන්සීස් හි වැඩ කටයුතු වහා අවසන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මැදහත් වී ඇති බව අද (08)  ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කළේය.

ඇලවෙන ගොඩනැගිල්ලක් ලෙස සුවිශේෂී ගෘහ නිර්මාණයකට අනුව නිර්මාණය වූ මෙම සුපිරි නිවාස සංකීර්ණය එහි විදේශගත ප්‍රවර්ධන සමාගම වන ඉන්ඩෝසියන් ඩිවලොපර්ස් සමාගමේ කොටස්කරුවන් අතර පවතින අර්බුදයක් නිසා නියමිත කාලයට වඩා වසර තුනක් ප්‍රමාද වී ඇති අතර මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ බලධාරියකු ලෙස කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති නිමල් පෙරේරා   පත් කොට ඇත. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ එය ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින්  සහ නිමල් පෙරේරා  නාගරික සංවර්ධන අධිකාරයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ කාලයේ දී අනුමත කළ සුවිසල් ආයෝජන ව්‍යාපෘතියක් වීමයි.

මීටර 200කට වඩා උස මෙම ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ කටයුතු සිදු කළේ ලෝකයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු වන මොෂේ සැෆ්ඩි ය. සිංගප්පූරුවේ සුප්‍රකට මරීනා බේ සෑන්ඩ්ස්, සිංගප්පූරු ගුවන් තොටුපළේ මෑතක දී එක් කරන ලද අංගයන් ඇතුළු ලෝකයේ අමතක නොවන මට්ටමේ නිර්මාණ රැසක් සිදු කළ සම්මානනීය නිර්මාණ ශිල්පියකු වන සෆ්ඩි විසින් සැලසුම් කරන ද මෙම ව්‍යාපෘතිය අති සුඛෝපභෝගී මහල් නිවාස 406කින් සමන්විතය.

මේ වනවිට එයින් සියයට 70ක් පමණ අලෙවි වී ඇති අතර මෙරට මෙන්ම විදේශීය ධනකුවේරයන් එම නිවාස මිලට ගෙන ඇත. එසේ වුවද අල්ටෙයාර් ප්‍රවර්ධකයන්ගේ සහ ආයෝජකයන්ගේ පවතින අර්බුදයක් නඩුවක් දක්වා ගොස් ඇති අතර මිලදී ගත් පුද්ගලයන්ට ද එය නිසි කලට වැඩ නිම නොවීම මහත් ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් මේ බව ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වහා මේ කටයුත්තට මැදිහත් වී එය ඉක්මනින් අවසන් කිරීමට අදාළ කටයුතු ප්‍රායෝගික කිරීම සඳහා   එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිමල් පෙරෝරා  පත් කොට ඇත. 

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share88Tweet43
Previous Post

ඒජන්සි කරුවෝ මගහරිති… ග්‍රේ ෆාම් නෞකාවේ සිරවුුණු 180 අනාථයි…

Next Post

රෑ පහක් මෙරට සිටිය යුතුයි – වීසා එක ඩොලර් සීයයි

Related Posts

daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026
rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.