fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ආසියාවෙ රැජණට දැන් මොකද වෙන්නෙ…

මාස 5ක් ago
in ව්‍යාපාර
476 5
0
Share on FacebookShare on Twitter

සචිනි බස්නායක –

ලොව විශාලතම නිල් මැණික පසුගියදා මෙරට බලංගොඩ ප්‍රදේශයෙන් හමුවුණා. බොහෝ ආන්දෝලනාත්මක කතා සමඟින් ලොවක්ම විමසිලිමත්ව බැලු මෙම නිල් මැණික පිළිබඳ ලංකාසර  අපත්  විමසීමක් සිදුකළා. මෙම මැණිකට හිමිකම් කියන   රත්නපුර ප්‍රදේශයේ මැණික් පර්යේෂණ හා ගවේෂණ ආයතනයක අධ්‍යක්ෂ වරයෙක්  මෙනම මෙම මැණික් ගලේ මුල් හිමිකාරයා වූ  චමිල් සුරංග මේ කතා බහට අප හා එක් වෙනවා.  වසර 10 ක කාලයක සිට මැණික් පිළිබඳ ගවේෂණය වල යෙදෙන ඔහු ආසියාවෙ රැජණ ලෙස නම් කළ මහා නිල් මැණික ගැන කතා කළා. මැණිකට දැන් මොකද වෙන්නේ.  මේ ඔහු අපට කියූ කතාව.

 

  • අපි සහතික වෙනවා මේ රටේ ජනතාවට… මේ ගෙනන විදේශ විනිමයෙන් එක ශතයක්වත් මේ රටෙන් පිට ආයෝජනය කරන්නෙ නෑ….

  • මොන දේශපාලන පක්ෂයක හිටියත් අපි ජීවත් වෙන්න ඕන මේ රටේ… මේ රටේ ආර්ථික අර්බුදයට මේ මැණික්ගල රුකුලක් වේවි…

  • වෙන්දේසිය පවත්වන්නෙ ඩුබායිවල… ලෝකයේ දැවැන්ත රටවල් තරගකාරී මිලකට මැණික ගන්න සූදානම්…

  • මේ මැණික පිළිබඳ ලෝකයට අනාවරණය කළේ රටේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට යම් පිළියමක් ලෙස කියලා ඔබ ආයතනය කියනවා. අප නිවැරදි ද?

නැහැ ,රටේ ප්‍රශ්න වලය පිළියමක් ලෙස නෙමෙයි.  මේක ඇවිල්ලා ජාතික ප්‍රතිපත්තියක් විදියට මේ රටේ ජිවත් වන මේ රටෙ ජනතාව විදියට බලන්න ඕනේ මේ රට මේ මොහොතෙ ලොකු ජාතික අර්බුදයක නේද තිබෙන්නෙ කියලා. දේශපාලන වශයෙන් මොනයම් පක්ෂයක සිටියත් අප ජීවත් වෙන්නෙ මේ රටේනෙ. ඉතින් මේ රට මේ මොහොතේ විශාල ආර්ථික අර්බුදයක සිටින්නෙ. ඒ අවස්ථාවෙ මම මැණික් සහ කමිටු ගවේශකයෙක් විදියට මැණික් විද්‍යාවෙන් සහ ඛනිජ විද්‍යාවෙන් අපේ වටිනා සම්පතක්වන මේ නිල් මැණික මේ මොහොතේ ඉදිරිපත් කිරීමට තීරණය කළේ මේ ආර්ථික අර්බුදයට යම්කිසි රුකුලක් වෙයි කියන බලාපොරොත්තුවෙන්.

  • ජාත්‍යාන්තර තලයේ දී කොහොමද මේ මැණිකට ලැබෙන ප්‍රතිචාරය. ?

ප්‍රතිචාර හොදටම හොදයි. දැනට ප්‍රබල රටවල් වලින් චීනය , ඇමරිකාව , එංගලන්තය , ඩුබායි රාජ්‍යය දැනට මෙයට ලොකු උනන්දුවක් සහ මෙය මිළදී ගන්න අප සමඟ කතා කරගෙන යනවා. මෙය ඉතා වටින කෞතුක භාණ්ඩයක්. මේ මැණික්වලට අදාළව ලොකු කෞතුකාගාර තිබෙනවා. චීනය , ඇමරිකාව , එංගලන්තය වගේ රටවල තමයි එවැනි දැවැන්ත  කෞතුකාගාර තිබෙන්නෙ. ඔවුන් බලන්නෙ මේ මැණික ඔවුන් සතු කර ගන්න කොහොම හරි. එතනදි ඒ රටවල් වල තිබෙන බලවත්කම සහ ඒ මුදල් වල තිබෙන බලවත්කම සමඟ අපි බලනවා ඉහළ මිලක් මෙයට ලබා ගන්න.

  • මේ මැණික් ගල වෙන්දේසියට ඉදිරිපත් කරන්නෙ මොන ආකාරයට ද?. අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?

ඒ සඳහා දැනට විශ්වාසවන්තව ඉදිරිපත් වෙලා ඉන්නවා ඩුබායි කම්පැණි එකක්. එයාලා අපිට ඩොලර් මිලියන දහයක් ලබා දීලා එයාලගෙ ඔක්ෂන් එකට ඩුබායි වලට ගේන්න කියනවා. එයාලා ඩොලර් මිලියන දහය අපට ලබා දෙන්නෙ ඔවුන් සමඟ ඉදිරියට වැඩකටයුතු කිරීමට සුදානම් නිසා. නැතිනම් මෙම ගලේ වටිනාකම මිලියන දහයක් නෙමෙයි. ඩුබායි වලට ගෙන ගිය පසු ඔවුන් ඩුබායි වලදි මෙය වෙන්දේසි කරනවා. චීනය ඇමරිකාව එම වෙන්දේසියට තමයි සහභාගී කර ගන්නෙ. පසුව යන වෙන්දේසිය අනුව එයාලා සියයට හතලිහක් අරන් අපිට සියයට හැටක් අපට දෙනවා.

  • ඇය තමයි දැන් ආසියාවේ රැජණ. ඇය  ආරක්ෂා කරගන්නෙ කොහොම ද?. කොහොමද මේ දැවැන්ත මැණික්ගලේ ආරක්ෂාව ඔබ තහවුරු කරලා තිබෙන්නෙ.

මේක විශාල ගලක් නිසා කෙනෙකුට හදිසියෙ ඇවිත් මේක අරගෙන යන්න අමාරුයි .දැනට මගේ ගෙදර තමයි මෙය තිබෙන්නෙ. මගේ නිවස ඉදිරිපිට සිටින්නෙත් නි  උසස් නිළධාරියෙක්. එයත් මට එක්තරා වාසනාවක්. මට දැනට තිබෙන ලොකුම ආරක්ෂාව ඔහුගේ ආරක්ෂාව.

  • ලොව විශාලතම මැණික හිමි ආයතනය විදියට ඔබතුමාලට තිබෙන අභියෝග මොනවද?

මගෙ එකම අරමුණ ලංකාවෙ සියලුම තාකෂණය තිබෙන මැණික් සහ ඛනිජ පර්යේෂණාගාරයක් ලංකාව තුළ ස්ථාපනය කිරීම. එවිට මෙම සම්පත් හරි වටිනාකමක් ඇතුව පරික්ෂාවක් සිදුකර අපට යවන්නට පුළුවන් ලෝකෙට.

මගේ අයතනයෙන් දැනට මැණික් වලට සහතික නිකුත් කරනවා. මැණික පංති කරනවා. කෞතුකාගාරයක් කරනවා. අපිට අවශ්‍යය එය දියුණු කරන්න. එතකොට ලංකාවෙ මැණික් පිටරට යවලා සහතික ගන්න අවශ්‍ය නෑ.    සියලුම විද්‍යාගාර පහසුකම් ඇතුව කෞතුකාගාරයක් සමඟ විද්‍යාගාරයක් පවත්වා ගැනීම තමයි අපේ එකම අරමුණ.

  • මේ ලැබෙන විදේශ විනිමය කළමනාකරණය වෙන්නෙ කොහොම ද?

අපි එක පොරොන්දුවක් වෙනවා ලංකාවට ලංකාවෙ ජනතාවට. මේ ගෙනෙන සියළුම විදේශ විනිමය ආයෝජනය කරන්නෙ ලංකාව තුළමයි. ඒ අදාල බදු මුදල් ලංකාවට මැණික් ආයතනයට  ගෙවලා ඉතුරු දේවල් ආයෝජනය කරන්නයි බලාපොරොත්තුව. ඒ වගේම ලංකාවේ මැණික් සහ ඛනිජ සම්පත ආරක්ෂා කරලා නිසි විදියට ලෝකයට දෙන්න තමා අපේ සුදානම.

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

ටැන්සානියාවේ සංචාරය කළ දූත පිරිසෙන් 02කට රටට ඇතුළු වී දිනකින් කොවිඩ් බව තහවුරු වෙලා…

Next Post

ජාතියට ගිනි තැබූ කොමිස් කෙළිය… ලිට්රෝ ගෑස් නිසා ආණ්ඩුව ඇතුළේත් පිපිරීමක්!

Related Posts

Samantha Kumarasinghe

සබන් අඩුවට ඕන නම් බහුජාතික අයට දෙන බදු සහන දේශීය අපටත් දෙන්න!

අප්‍රේල් 29, 2022
Gautam Adani

ආදානි ලොකුම සල්ලිකාරයන්ගෙ පස්වෙනි තැනට

අප්‍රේල් 28, 2022

සිමෙන්ති මිටිය 3000ට කිට්ටු වෙයි !

අප්‍රේල් 26, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!
  • අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!
  • රනිල්ට ආණ්ඩුව හදන්න දුන්නෙ ආර්ථිකය හදන්න… ව්‍යවස්ථා සංශෝධන ඊට පස්සේ … පොහොට්ටු ලේකම් කෙලින්ම කියයි!
  • රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!
  • හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

ජනප්‍රිය පුවත්

  • අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

    175 shares
    Share 70 Tweet 44
  •  දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

    172 shares
    Share 69 Tweet 43
  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    285 shares
    Share 114 Tweet 71
  • මාධ්‍ය ඉදිරියේ හෙළි වුණු හරීන්ගේ ජනාධිපති හීනය…

    218 shares
    Share 87 Tweet 55
  • කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

    172 shares
    Share 69 Tweet 43

Highlights

රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීම සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි!

හිටපු අගමැති මහින්ද ඩී.අයි.ජී දෙශබන්දු අධිකරණ නියෝග පැහැර හැරලා – නීතිපති කියයි

 දීමනා කප්පාදුව සෞඛ්‍ය සේවයට අදාල නෑ – අගමැති කියයි!

කටුනායක ගුවන්තොටුපලත් ඉන්ධන අර්බුදයක… ගුවන් යානාවලට ඉන්ධන නෑ…

නව මුදල් ඇමතිගෙන් සති 06කින් නව අයවැයක්….

අද හෝ හෙට  නන්දලාල් වීරසිංහ  මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරයි?. තනතුර ඉන්ද්‍රජිත් කුමාරස්වාමිට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

නිතිපති උපදෙස් මත දේශබන්දුට ස්ථාන මාරුවක් නොදුන්නේ ඇයිද අහන්න පොලිස්පති අධිකරණයට කැඳවන්නැයි  නියෝග!

by editor
මැයි 26, 2022
0

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු...

Health

අගමැති  සෞඛ්‍ය සේවාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි!

by editor
මැයි 25, 2022
0

අගමැති රනිල් වික්‍රමසිංහ සෞඛ්‍ය සේවාව තුළ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist