අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ආසියාවෙ රැජණට දැන් මොකද වෙන්නෙ…

by editor
දෙසැම්බර් 19, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

සචිනි බස්නායක –

ලොව විශාලතම නිල් මැණික පසුගියදා මෙරට බලංගොඩ ප්‍රදේශයෙන් හමුවුණා. බොහෝ ආන්දෝලනාත්මක කතා සමඟින් ලොවක්ම විමසිලිමත්ව බැලු මෙම නිල් මැණික පිළිබඳ ලංකාසර  අපත්  විමසීමක් සිදුකළා. මෙම මැණිකට හිමිකම් කියන   රත්නපුර ප්‍රදේශයේ මැණික් පර්යේෂණ හා ගවේෂණ ආයතනයක අධ්‍යක්ෂ වරයෙක්  මෙනම මෙම මැණික් ගලේ මුල් හිමිකාරයා වූ  චමිල් සුරංග මේ කතා බහට අප හා එක් වෙනවා.  වසර 10 ක කාලයක සිට මැණික් පිළිබඳ ගවේෂණය වල යෙදෙන ඔහු ආසියාවෙ රැජණ ලෙස නම් කළ මහා නිල් මැණික ගැන කතා කළා. මැණිකට දැන් මොකද වෙන්නේ.  මේ ඔහු අපට කියූ කතාව.

 

  • අපි සහතික වෙනවා මේ රටේ ජනතාවට… මේ ගෙනන විදේශ විනිමයෙන් එක ශතයක්වත් මේ රටෙන් පිට ආයෝජනය කරන්නෙ නෑ….

  • මොන දේශපාලන පක්ෂයක හිටියත් අපි ජීවත් වෙන්න ඕන මේ රටේ… මේ රටේ ආර්ථික අර්බුදයට මේ මැණික්ගල රුකුලක් වේවි…

  • වෙන්දේසිය පවත්වන්නෙ ඩුබායිවල… ලෝකයේ දැවැන්ත රටවල් තරගකාරී මිලකට මැණික ගන්න සූදානම්…

  • මේ මැණික පිළිබඳ ලෝකයට අනාවරණය කළේ රටේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට යම් පිළියමක් ලෙස කියලා ඔබ ආයතනය කියනවා. අප නිවැරදි ද?

නැහැ ,රටේ ප්‍රශ්න වලය පිළියමක් ලෙස නෙමෙයි.  මේක ඇවිල්ලා ජාතික ප්‍රතිපත්තියක් විදියට මේ රටේ ජිවත් වන මේ රටෙ ජනතාව විදියට බලන්න ඕනේ මේ රට මේ මොහොතෙ ලොකු ජාතික අර්බුදයක නේද තිබෙන්නෙ කියලා. දේශපාලන වශයෙන් මොනයම් පක්ෂයක සිටියත් අප ජීවත් වෙන්නෙ මේ රටේනෙ. ඉතින් මේ රට මේ මොහොතේ විශාල ආර්ථික අර්බුදයක සිටින්නෙ. ඒ අවස්ථාවෙ මම මැණික් සහ කමිටු ගවේශකයෙක් විදියට මැණික් විද්‍යාවෙන් සහ ඛනිජ විද්‍යාවෙන් අපේ වටිනා සම්පතක්වන මේ නිල් මැණික මේ මොහොතේ ඉදිරිපත් කිරීමට තීරණය කළේ මේ ආර්ථික අර්බුදයට යම්කිසි රුකුලක් වෙයි කියන බලාපොරොත්තුවෙන්.

  • ජාත්‍යාන්තර තලයේ දී කොහොමද මේ මැණිකට ලැබෙන ප්‍රතිචාරය. ?

ප්‍රතිචාර හොදටම හොදයි. දැනට ප්‍රබල රටවල් වලින් චීනය , ඇමරිකාව , එංගලන්තය , ඩුබායි රාජ්‍යය දැනට මෙයට ලොකු උනන්දුවක් සහ මෙය මිළදී ගන්න අප සමඟ කතා කරගෙන යනවා. මෙය ඉතා වටින කෞතුක භාණ්ඩයක්. මේ මැණික්වලට අදාළව ලොකු කෞතුකාගාර තිබෙනවා. චීනය , ඇමරිකාව , එංගලන්තය වගේ රටවල තමයි එවැනි දැවැන්ත  කෞතුකාගාර තිබෙන්නෙ. ඔවුන් බලන්නෙ මේ මැණික ඔවුන් සතු කර ගන්න කොහොම හරි. එතනදි ඒ රටවල් වල තිබෙන බලවත්කම සහ ඒ මුදල් වල තිබෙන බලවත්කම සමඟ අපි බලනවා ඉහළ මිලක් මෙයට ලබා ගන්න.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

  • මේ මැණික් ගල වෙන්දේසියට ඉදිරිපත් කරන්නෙ මොන ආකාරයට ද?. අපිට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන් ද?

ඒ සඳහා දැනට විශ්වාසවන්තව ඉදිරිපත් වෙලා ඉන්නවා ඩුබායි කම්පැණි එකක්. එයාලා අපිට ඩොලර් මිලියන දහයක් ලබා දීලා එයාලගෙ ඔක්ෂන් එකට ඩුබායි වලට ගේන්න කියනවා. එයාලා ඩොලර් මිලියන දහය අපට ලබා දෙන්නෙ ඔවුන් සමඟ ඉදිරියට වැඩකටයුතු කිරීමට සුදානම් නිසා. නැතිනම් මෙම ගලේ වටිනාකම මිලියන දහයක් නෙමෙයි. ඩුබායි වලට ගෙන ගිය පසු ඔවුන් ඩුබායි වලදි මෙය වෙන්දේසි කරනවා. චීනය ඇමරිකාව එම වෙන්දේසියට තමයි සහභාගී කර ගන්නෙ. පසුව යන වෙන්දේසිය අනුව එයාලා සියයට හතලිහක් අරන් අපිට සියයට හැටක් අපට දෙනවා.

  • ඇය තමයි දැන් ආසියාවේ රැජණ. ඇය  ආරක්ෂා කරගන්නෙ කොහොම ද?. කොහොමද මේ දැවැන්ත මැණික්ගලේ ආරක්ෂාව ඔබ තහවුරු කරලා තිබෙන්නෙ.

මේක විශාල ගලක් නිසා කෙනෙකුට හදිසියෙ ඇවිත් මේක අරගෙන යන්න අමාරුයි .දැනට මගේ ගෙදර තමයි මෙය තිබෙන්නෙ. මගේ නිවස ඉදිරිපිට සිටින්නෙත් නි  උසස් නිළධාරියෙක්. එයත් මට එක්තරා වාසනාවක්. මට දැනට තිබෙන ලොකුම ආරක්ෂාව ඔහුගේ ආරක්ෂාව.

  • ලොව විශාලතම මැණික හිමි ආයතනය විදියට ඔබතුමාලට තිබෙන අභියෝග මොනවද?

මගෙ එකම අරමුණ ලංකාවෙ සියලුම තාකෂණය තිබෙන මැණික් සහ ඛනිජ පර්යේෂණාගාරයක් ලංකාව තුළ ස්ථාපනය කිරීම. එවිට මෙම සම්පත් හරි වටිනාකමක් ඇතුව පරික්ෂාවක් සිදුකර අපට යවන්නට පුළුවන් ලෝකෙට.

මගේ අයතනයෙන් දැනට මැණික් වලට සහතික නිකුත් කරනවා. මැණික පංති කරනවා. කෞතුකාගාරයක් කරනවා. අපිට අවශ්‍යය එය දියුණු කරන්න. එතකොට ලංකාවෙ මැණික් පිටරට යවලා සහතික ගන්න අවශ්‍ය නෑ.    සියලුම විද්‍යාගාර පහසුකම් ඇතුව කෞතුකාගාරයක් සමඟ විද්‍යාගාරයක් පවත්වා ගැනීම තමයි අපේ එකම අරමුණ.

  • මේ ලැබෙන විදේශ විනිමය කළමනාකරණය වෙන්නෙ කොහොම ද?

අපි එක පොරොන්දුවක් වෙනවා ලංකාවට ලංකාවෙ ජනතාවට. මේ ගෙනෙන සියළුම විදේශ විනිමය ආයෝජනය කරන්නෙ ලංකාව තුළමයි. ඒ අදාල බදු මුදල් ලංකාවට මැණික් ආයතනයට  ගෙවලා ඉතුරු දේවල් ආයෝජනය කරන්නයි බලාපොරොත්තුව. ඒ වගේම ලංකාවේ මැණික් සහ ඛනිජ සම්පත ආරක්ෂා කරලා නිසි විදියට ලෝකයට දෙන්න තමා අපේ සුදානම.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ටැන්සානියාවේ සංචාරය කළ දූත පිරිසෙන් 02කට රටට ඇතුළු වී දිනකින් කොවිඩ් බව තහවුරු වෙලා…

Next Post

ජාතියට ගිනි තැබූ කොමිස් කෙළිය… ලිට්රෝ ගෑස් නිසා ආණ්ඩුව ඇතුළේත් පිපිරීමක්!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.