බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතියට ගිනි තැබූ කොමිස් කෙළිය… ලිට්රෝ ගෑස් නිසා ආණ්ඩුව ඇතුළේත් පිපිරීමක්!

by editor
දෙසැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තවදුරටත් සිදුවෙමින් පවතින ගෘහස්ත ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ලිට්රෝ සමාගමේ අභ්‍යනන්තර ගැටලු මේ වනවිට රජයේ පාර්ශ්ව දෙකක් අතර බිඳීමක් දක්වා වර්ධනය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

ඊට හේතු වී ඇත්තේ සංයුතිය වෙනස් කරන ලද වංචනික ගෑස් ආනයනය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව ආරක්ෂා කිරීමට රජයේම යම් ප්‍රබල පාර්ශ්වයක් පෙනි සීටීමත් ඔවුන් වර්තමාන සභාපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමත් නිසා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් ලිට්රෝ සමාගම ගෑස් ආනයනය කිරීමේදී ලැබෙන අධික කොමිස් මුදලක්  හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති අතර ගෑස් සංයුතිය වෙනස් කිරීමේ හේතුව යටපත් කිරීමටද සිදුව ඇත්තේ මේ බලපෑම නිසා බව සඳහන් වේ.

  • සිදුවුනේ කුමක් ද?

ලංකාසරට වාර්තා වන ආකාරයට මෙම තත්ත්වයට පසුබිම සැකසී අත්තේ මෙසේය. ලිට්රෝ සමාගම ගෑස් ආනයනය කරන්නේ ඕමාන් ට්‍රේඩිං නම් ඕමාන රජයට වැඩි කොටස් හිමිකාරීත්වයක් දරන ආයතනයක් හරහාය. මෙම සමාගම ශ්‍රි ලංකාවට ගෑස් ලබා දෙන්නේ පවතින වෙළෙඳළෙ මිලට සාපෙක්ෂව ඉහළ මිල ගණනක් යටතේය. (ලාෆ් සමාගම මිලදී ගන්නා මුදලට සාපෙක්ෂව වැඩි මුදලකටය).   ඕමාන සමාගමේ දේශීය නියෝජිතයා ලෙස මෙරට එක් සමාගමක් ක්‍රියාත්මක වෙයි.  ඔවුන් මෙම ටෙන්ඩරය ලබා ගැනීමේදී යම් යම් පාර්ශ්වවලට යන කොමිස් මුදල් දැඩි ලෙස බලපා ඇති බව වර්තමාන සභාපතිවරයාද මීට ටික දිනකට පෙර හමුවකදී ද හෙළි කළේය ජනාධිපතිවරයාගේද අනුමැතිය මතය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

  • සංයුතිය වෙනස් කිරීමේ දේශීය මැදිහත්වීම

වැඩි ලාබ ලැබීමේ අරමුණින් ගෑස් සංයුතිය වෙනස් කිරීමේ කටයුත්ත සඳහා අදාල ඕමාන සමාගමේ දේශීය නියෝජිතයාද මැදිහක්ව ඇති බව සඳහන් වන අතර ඔහුත් ලිට්රෝ හිටපු සභාපති අනිල් කොස්වත්ත ලාෆ් සමාගමේ සභාපති වෑගපිටිය ඇතුළු ව්‍යාපාරයට අදාල පුද්ගලයන්ගේ එකඟතාවෙන් මෙම සංයුතිය වෙනස් කිරීම සිදු  කර ඇති අතර එහි අරමුණ වී ඇත්තේද ඉත්මනින් දැවෙන වැඩි ලාබයක් ලබා ගැනීමේ හැකියාව සහිත ගෑස් ව්‍යපාරයක් නිර්මාණය කිරීමය. මේ සඳහා  සමාගම්වලට  ලැබෙන ලාබය මෙන්ම පාරිභෝගික අධිකාරිය ලෝක වෙළෙඳපොලේ ගෑස් වැඩි වීමට සාපේක්ෂව මිල වැඩි කිරීමට අවසර නොදීම නිසා සමාගම් පාඩු ලැබීමද සැලකිල්ලට ගෙන ඇත.

කෙසේ වුවද සංයුතිය වෙනස් කරන ලද ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් වාර්තා වීමත් සමඟ මෙම කරුණ අනාවරණය වීම වැළැක්වීමට ලිට්රෝ සභාපතිවරයාටද යම් යම් පාර්ශ්වවල බලපෑම එල්ල වන  බව සඳහන් වන අතර ඔහු කොමිස් පිළිබඳව හෙළිකිරීම නිසා රජයේම ඇතම් පාර්ශ්ව ඔහු කෙරෙහි වෛරයකින් පසුවන බව වාර්තා වේ. මේ හේතුව නිසාම මේ වනවිට රජයේ ඇමතිවරුන් ලවා ජනාධිපතිවරයාට වැඩි ලැදියාවක් දක්වන තෙෂාර ජයසිංහ  සභාපතිවරයා අපහසුතාවට පත් කිරීමේ ව්‍යාපෘතියක්ද අමාත්‍යවරුන් යොදවා ක්‍රියාත්මක වනබව මෙම ආරංචි මාර්ග සදහන් කරයි.

  • ලිට්‍රෝ සභාපතිත් සටනට සැරසෙයි

මේ පසුබිම තුළ ඉදිරියෙදී ආණ්ඩුවේම අමාත්‍යවරුන් තෙෂාර ජයසිංහට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා  එල්ල කරමින් ඔහු එම තනතුරින් ඉවත් කරවීම සඳහාද බලපෑම් එල්ල වෙමින් පවතින අතර තෙෂාර ජයසිංහ සභාපතිවරයාද ඔහුගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සමාමේ සේවකයන්ද  ඒකරාශී කර ගනිමින් ඉහළ ආශිර්වාදයද ඇතිව සංවිධානය වෙමින්  සිටින බව සඳහන් වෙයි.

ඒ අනුව මෙම පසුබිම තුළ රජයේම පාර්ශ්ව දෙකක්  මේ චෝදනාව එහා මෙහා පාස් කර ගමිනින් බෙදී ගැටෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් මෙය ඉදිරියේදී තවත් පැහැදිලව දකින්නට හැකිවනු ඇති බවත් ලංකාසරට තොරතුර හෙළි කළ මෙම ආරංචි මාර්ගය සඳහන් කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ආසියාවෙ රැජණට දැන් මොකද වෙන්නෙ…

Next Post

“චීන පොහොර නැවට මිලියන 6 1/2ක් ගෙවනවද? රටක් තරහා කරගන්නවද?” – ඇමති ජොන්ස්ටන්

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.