තවදුරටත් සිදුවෙමින් පවතින ගෘහස්ත ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ලිට්රෝ සමාගමේ අභ්‍යනන්තර ගැටලු මේ වනවිට රජයේ පාර්ශ්ව දෙකක් අතර බිඳීමක් දක්වා වර්ධනය වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.
ඊට හේතු වී ඇත්තේ සංයුතිය වෙනස් කරන ලද වංචනික ගෑස් ආනයනය සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්ව ආරක්ෂා කිරීමට රජයේම යම් ප්‍රබල පාර්ශ්වයක් පෙනි සීටීමත් ඔවුන් වර්තමාන සභාපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වීමත් නිසා බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂයෙන් ලිට්රෝ සමාගම ගෑස් ආනයනය කිරීමේදී ලැබෙන අධික කොමිස් මුදලක් හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති අතර ගෑස් සංයුතිය වෙනස් කිරීමේ හේතුව යටපත් කිරීමටද සිදුව ඇත්තේ මේ බලපෑම නිසා බව සඳහන් වේ.
- සිදුවුනේ කුමක් ද?
ලංකාසරට වාර්තා වන ආකාරයට මෙම තත්ත්වයට පසුබිම සැකසී අත්තේ මෙසේය. ලිට්රෝ සමාගම ගෑස් ආනයනය කරන්නේ ඕමාන් ට්‍රේඩිං නම් ඕමාන රජයට වැඩි කොටස් හිමිකාරීත්වයක් දරන ආයතනයක් හරහාය. මෙම සමාගම ශ්‍රි ලංකාවට ගෑස් ලබා දෙන්නේ පවතින වෙළෙඳළෙ මිලට සාපෙක්ෂව ඉහළ මිල ගණනක් යටතේය. (ලාෆ් සමාගම මිලදී ගන්නා මුදලට සාපෙක්ෂව වැඩි මුදලකටය). ඕමාන සමාගමේ දේශීය නියෝජිතයා ලෙස මෙරට එක් සමාගමක් ක්‍රියාත්මක වෙයි. ඔවුන් මෙම ටෙන්ඩරය ලබා ගැනීමේදී යම් යම් පාර්ශ්වවලට යන කොමිස් මුදල් දැඩි ලෙස බලපා ඇති බව වර්තමාන සභාපතිවරයාද මීට ටික දිනකට පෙර හමුවකදී ද හෙළි කළේය ජනාධිපතිවරයාගේද අනුමැතිය මතය.
- සංයුතිය වෙනස් කිරීමේ දේශීය මැදිහත්වීම
වැඩි ලාබ ලැබීමේ අරමුණින් ගෑස් සංයුතිය වෙනස් කිරීමේ කටයුත්ත සඳහා අදාල ඕමාන සමාගමේ දේශීය නියෝජිතයාද මැදිහක්ව ඇති බව සඳහන් වන අතර ඔහුත් ලිට්රෝ හිටපු සභාපති අනිල් කොස්වත්ත ලාෆ් සමාගමේ සභාපති වෑගපිටිය ඇතුළු ව්‍යාපාරයට අදාල පුද්ගලයන්ගේ එකඟතාවෙන් මෙම සංයුතිය වෙනස් කිරීම සිදු කර ඇති අතර එහි අරමුණ වී ඇත්තේද ඉත්මනින් දැවෙන වැඩි ලාබයක් ලබා ගැනීමේ හැකියාව සහිත ගෑස් ව්‍යපාරයක් නිර්මාණය කිරීමය. මේ සඳහා සමාගම්වලට ලැබෙන ලාබය මෙන්ම පාරිභෝගික අධිකාරිය ලෝක වෙළෙඳපොලේ ගෑස් වැඩි වීමට සාපේක්ෂව මිල වැඩි කිරීමට අවසර නොදීම නිසා සමාගම් පාඩු ලැබීමද සැලකිල්ලට ගෙන ඇත.
කෙසේ වුවද සංයුතිය වෙනස් කරන ලද ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් වාර්තා වීමත් සමඟ මෙම කරුණ අනාවරණය වීම වැළැක්වීමට ලිට්රෝ සභාපතිවරයාටද යම් යම් පාර්ශ්වවල බලපෑම එල්ල වන බව සඳහන් වන අතර ඔහු කොමිස් පිළිබඳව හෙළිකිරීම නිසා රජයේම ඇතම් පාර්ශ්ව ඔහු කෙරෙහි වෛරයකින් පසුවන බව වාර්තා වේ. මේ හේතුව නිසාම මේ වනවිට රජයේ ඇමතිවරුන් ලවා ජනාධිපතිවරයාට වැඩි ලැදියාවක් දක්වන තෙෂාර ජයසිංහ සභාපතිවරයා අපහසුතාවට පත් කිරීමේ ව්‍යාපෘතියක්ද අමාත්‍යවරුන් යොදවා ක්‍රියාත්මක වනබව මෙම ආරංචි මාර්ග සදහන් කරයි.
- ලිට්‍රෝ සභාපතිත් සටනට සැරසෙයි
මේ පසුබිම තුළ ඉදිරියෙදී ආණ්ඩුවේම අමාත්‍යවරුන් තෙෂාර ජයසිංහට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කරමින් ඔහු එම තනතුරින් ඉවත් කරවීම සඳහාද බලපෑම් එල්ල වෙමින් පවතින අතර තෙෂාර ජයසිංහ සභාපතිවරයාද ඔහුගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා සමාමේ සේවකයන්ද ඒකරාශී කර ගනිමින් ඉහළ ආශිර්වාදයද ඇතිව සංවිධානය වෙමින් සිටින බව සඳහන් වෙයි.
ඒ අනුව මෙම පසුබිම තුළ රජයේම පාර්ශ්ව දෙකක් මේ චෝදනාව එහා මෙහා පාස් කර ගමිනින් බෙදී ගැටෙන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවත් මෙය ඉදිරියේදී තවත් පැහැදිලව දකින්නට හැකිවනු ඇති බවත් ලංකාසරට තොරතුර හෙළි කළ මෙම ආරංචි මාර්ගය සඳහන් කළේය.