බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය

by editor
ජනවාරි 6, 2021
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter
  • උකස් ව්‍යාපාරයෙන් පටන්ගත් ඊ .ඒ.පී කෙටි කලක් තුළ ගිය දුර
  • ඊ.ඒපී එදිරිසිංහගේ මරණයෙන් තැන්පතුකරුවන්ගේ විශ්වාසය රැකුණු හැටි
  • අක්කා බලන්නට ආ තරුණයා සැමියා කරගත් සෝමා

දේශීය ව්‍යාපාර පවුල් අතර රටේම ජනතාව අතර ගෘහස්ත සන්නාමයක් බවට පත් සිටි පවුලක් වන්නේ ඊ.ඒ.පී එදිරිසිංහ පවුලය. ඔවුන්ට රූපවාහිනී නාලිකාවක්  සහ ගුවන් විදුලි නාළිකා කිහිපයක් හිමිව තිබුණ ද ඒවා අයිති වන්නට බොහෝ කලකට පෙර පටන් මෙරට මාධ්‍ය වෙළෙඳ දැන්වීම්  ඊ.ඒ.පී එදිරිසිංහ උකස් සේවාව සහ ස්වර්ණමහල් ජුවලර්ස් ජනප්‍රිය දේශීය සන්නාම බවට පත්ව තිබුණි. ඉතා ශක්තිමත් ව්‍යාපාර අත්තිවාරමක් මත තම විජිතය ගොඩ නැගූ ඊ.ඒ.පී එදිරිසිංහට වයස අවුරුදු 50ක් නික්මෙන්නටත් පෙර තම දිවි ගමන නිමා කරන්නට සිදු වූයේය. එයින් පසු එම කිරුළ භාර ගන්නේ ඔහුගේ වැන්දඹුවවන සෝමා එදිරිසිංහය. මේ නිසා එදිරිසිංහ පවුල මෙරට ව්‍යාපාර සමාජය තුළ සේම සෙසු ජනතාව අතර ද නිතර කතා බහට ලක්වන මුල් පෙළේ ව්‍යාපාර පවුලක් බවට පත් වුණේය. එදිරිසිංහ දෙමාල්ලන් ජීවිතයෙන් සමුගැනීමත් සමඟ එම ව්‍යාපාරයට ද එහි දෙවන පරම්පරාව අතින් අමාවක ලැබීම දැන් රටම කතා කරන මාතෘකාවය.

මේ වනවිට ඒ ව්‍යසනය උච්ඡස්ථානයට පැමිණ තිබේ. එදිරිසිංහ පවුලට අයත්ව තිබූ   එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI)  ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පැවති අර්බුද මත නීතිපතිවරයාගේ උපදෙස්පිට එදිරිසිංහ දෙමාල්ලන්ගේ දරුවන් සිව්දෙනා මේ වනවිට අත්අඩංගුවට පත්වී ඇත්තේය.

මේ ගැන කතාවෙන අය කියන්නේ සෝමා එදිරිසිංහ මහත්මිය 2015 වසරේ  දිවියෙන් සමු ගැනීමත් සමඟ පවුලේ සහෝදරයන් අතර අර්බුද උග්‍රවීම හේතුවෙන් මෙම ව්‍යාපාර ජාලය කඩා වැටුණු  බවය. එහෙත් එය අර්ධ සත්‍යයකි.   මෙම ව්‍යාපාරයේ මුල් හෙල්ලෙන්නට ගන්නේ 2008 වසරේ සෙලින්කො සමූහ ව්‍යාපාරයේ බිඳ වැටීමෙන් මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ඇතිවූ කම්පනය ය. එයට හේතුව එතෙක් ජනතාවගෙන්  තැන්පතු රැගෙන ඒවාට පොලී ගෙවන ආයතන රැසක් තිබුණ ද මේ ආයතනවල ඇත්ත නැත්ත ගැන මහ බැංකුව සොයන්නට ගන්නේ සෙලින්කෝ අර්බුදයෙන් පසුව වීම නිසාය.

මේ කාලයේ ලෝකයේම දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වූ අතර ලෝකයේ බොහෝ රටවල මූල්‍ය ආයතන කඩා වැටීමද මේ සියල්ල පසුපස බලපෑ වක්‍ර හේතුවක් විය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ඊ.ඒ.පී නැගිටීම

ඊ.ඒ.පී එදිරිසිංහ සහ සෝමා එදිරිසිංහ

ඊ.ඒ.පී  සලකුණ  බිහිවන්නේ ඉතා කෙටි කලක් තුළ දේශීය ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෝධයෙක් වූ ඊ.ඒ.පී එදිරිසිංහ නිසාය. එදිරිසිංහ   තම ව්‍යාපාර විජිතය ගොඩ නගන්නේ 1930 දශකයේය. දුෂ්කරතා රැසක් මැද ඉතා ‍ධෛර්යවන්තව තම ව්‍යාපාරය ගොඩ නැගූ ඔහුගේ මුල් ව්‍යාපාරය වන්නේ උකස් ව්‍යාපාරය ය. ඉතා සුළුවෙන් පටන් ගත් මෙම ව්‍යාපාරය ටිකෙන් ටික වැඩෙද්දී ඔහු කළේ විශ්වාසවන්ත කිහිප දෙනකුගෙන් මුදල් ණයට ගෙන රන් භාණ්ඩ උකසට ගැනීමය. අනතුරුව තමන්ට මුදල් ණයට දෙන්නන්ටද පොලියක් ගෙවීමය.

ඔහු මේ ව්‍යාපාරය ටිකෙන් ටික දියුණු කළේය. ශ්‍රි ලංකාවට නිදහස ලැබෙන්නට මත්තෙන් ඔහු එය විධිමත් ව්‍යාපාරයක් බවට පත් කළේය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් නම් ව්‍යාපාරය බිහි වන්නේ ඒ අනුවය. ඊඒ.පී එදිරිසිංහ උකස් සේවාව සමඟ බැඳුණු එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම බිහි කළ ඔහු ඊළඟට අත ගසන්නේ චිත්‍රපට ව්‍යාපාරයට ය. ඔහු චිත්‍රපට නිෂ්පාදනය කළේය. එසේම තම ව්‍යාපාරවලින් ලැබෙන ලාභයෙන් ඔහු චිත්‍රපට ශාලා මිලදී ගත්තේය. එසේම නාගරික දේපළ කිහිපයක්ද රටේ සෑම  තැනකින්ම මිලදී ගත්තේය. මේ ඉඩකඩම්වලද චිත්‍රපට ශාලා ඉදි කළේය.

මේ අතරේ එතෙක් මෙරට පැවැති පැරණි ස්වර්ණාභරණ අලෙවි ආයතනයක් වන ස්වර්ණමහල් ආයතනයද ඊ.ඒ.පී එදිරිසිංහ විසින් මිල දී ගත්තේය. මේ සියල්ලට අවශ්‍ය මූල ධන ආයෝජන එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගම හරහා ලබා ගත්තේය. ඔහු ඉතා සූක්ෂම ලෙස මේ ව්‍යාපාරය දියුණු කළේ දැඩි කළමනාකාරීත්වයක් සමගිනි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් ආයතනයේ මුදල් තැන්පතුකරුවන් මුලින්ම සලිත වන්නේ ඊ.ඒ.පී. එදිරිසිංහ මිය ගිය ආරංචිය සැලවූ පසුවය. ඔහුගේ අභාවය ආරංචි වූ විට අවමඟුල් කටයුතු අවසන් වූ සැනින් කොල්ලුපිටියේ එදිරිසිංහ ට්‍රස්ට් ආයතනය ඉදිරිපිට තැන්පතු ආපසු ලබා ගැනීමට තැන්පතුකරුවන් පෝලීම් ගැසුනේය. මෙය ආරංචි වූ සමාගමේ සේවකයන් මෙන්ම සෝමා එදිරිසිංහ ද කලබලයට පත්වූයේය.

කෙසේ වුවද එදිරිසිංහ තම ආයෝජන සහ තැන්පතු පිළිබඳ සියලු වාර්තා නිසි ලෙස සකස් කොට පිළිවෙළකට තබා තිබුණු අතර නීතීඥවරුන් මාර්ගයෙන් මෙම වාර්තා විවෘත කිරීමේදී පෙනී  ගොස්  තිබුණේ ඕනෑම තැන්පතුකරුවකුට ඕනෑම මොහොතක තමන් තැන්පත් කළ මුදල ලබා ගත හැකි වන අකාරයට විසල් අරමුලක් ඔහු විසින් පවත්වාගෙන යනු ලැබ ඇති බවය. එය සමාගමේ කිහිප දෙනකු හැරෙන්නට කිසිවකු නොදැන සිටි සෙයකි. තමන් ගන්නා තැන්පතු ආයෝජනය කරන අතරේ ඊට සමාන මුදල් තැන්පතුවක් ව්‍යාපාරයක් නොවැටෙන සේ ශක්තිමත්ව තබා ගැනීම එක්තරා විස්ම කර්ම වැඩකි. එහෙත් කෙසේ හෝ එය සිදු කර තිබුණි.  එදිරිසිංහ ගේ ව්‍යාපාර ගැන අතිශය විශ්වාසයට පත් වූ තැන්පතුකරුවන් යළිත් එම සමාගමේම ආයොජනය කිරීමට  තීරණය කර තිබූ  ආකාරය තමන් මෙම සමාගම ගැන කරුනු සොයද්දී දැනගත්තේ යැයි   එහි සභාපති සහ කළමනාකර අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ නැසී ගිය මනෝ තිත්තවැල්ල වරක් අප සමග පැවසුවේය.

Mrs.-Soma-Edirisinghe-Image
සෝමා එදිරිසිංහ

ඔහුගේ අභාවයෙන් පසුව සෙලවුණු එදිරිසිංහ ව්‍යාපාරය භාර ගන්නේ ඔහුගේ බිරිය වන සෝමා එදිරිසිංහය. සෝමලතා එදිරිසිංහ දෛවෝපගත ලෙස ඊ.ඒ.පී එදිරිසිංහ සමඟ සරණ යන කාන්තාවකි. මීගොඩ ප්‍රදේශයේ කුඩා කල විසූ ඇය ඊඒ.පී එදිරිසිංහ   දකින්නේ ඇයගේ සහෝදරියක විවාහ කර ගැනීමේ අදහසින් පියාගේ මැදිහත්වීම මත ඔවුන්ගේ මීගොඩ නිවසට  පැමිණි මොහොතකය. මේ පිළිබඳව වරක් සෝමා එදිරිසිංහ  පවසා තිබුණේ සහෝදරිය එම යෝජනාවට අකමැති වූ නමුත් තමන්ගේ හිත යට මේ ජව සම්පන්න තරුණයා කෙරෙහි ඇල්මක් උපන් බවය. කෙසේ වුවද පසුව දෛවය ඔවුන් දෙදෙනා එකම වහළක් යටට ගෙනාවේය. වර්තමානයේ නීතිය හමුවේ උත්තර බඳින   දීපා, ජීවක, නාලක සහ  අසංක ඔවුන්ගේ දරුවන්ය.

සෝමා එදිරිසිංහ   මේ විසල් ව්‍යාපාරයේ මෙහෙයුම් හස්තය අතට ගන්නට පසුබට නොවූවාය. ආයතනයේ විශ්වාසවන්ත සේවකයන්ගේ සහයද ඇයට ලැබිණි. ඇය ධෛර්යවන්තව  ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවාය. ඒ අතරේ ඔවුන්ගේ දරුවන්ද ලොකු මහත් වී ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්වූහ.

ඊඒපී එදිරිසිංහගේ අභාවයෙන් පසුව ඔවුන් කළ ලොකුම ආයොජනය වූයේ ඊ.ඒ.පී මාධ්‍ය ජාලයයි. ඊට අමතරව ඔවුන්ගේ ඊ.ඒ.පී සිනමා ජාලය පුළුල් කළ අතර මෙරට පැවැති සිනමා ශාලාවලින් සියයට 60ක් පමණ ඔවුන් යටතේ පැවතිණි. එය මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ  නව නැම්මක් ඇති කරවීමට සමත් ස්වර්ණවාහිනි, ශ්‍රි එෆ් එම්, ඊ එෆ් එම් ඇතුළු නාලිකා කිහිපයක් ආරම්භ කිරීමය. එයින්ද ඊ.ඒ.පී ව්‍යාපාර ජාලයේ සිවිල් බලය ව්‍යාප්ත කිරීමට මෙනම් ආදායම් ප්‍රවාහය වැඩි වීමට  ප්‍රබල හේතුවක් විය. එයද මූල්‍ය වශයෙන් ලාභදායී ව්‍යාපාරයක් බවට පත්විය. මෙම ව්‍යාපාර ජාලය පවත්වාගෙන යන එදිරිසිංහ පවුලේ සාමාජිකයන් එයින් පසුව වෙනත් විවිධාංගීකරණය වූ ආයෝජන සඳහාද එදිරිසිංහ ට්‍රස්ට් අරමුදලේ මුදල් යෙදවූහ.

2008 වසරේ සෙලින්කෝ ව්‍යාපාර සමූහයට අයත් ගොල්ඩන් කී සමාගමේ තැන්පතුකරුවන් අර්බුදයකට ලක්වීම නිසා එම සමාගම් සමූහයම බිඳ වැටීමත් සමඟ මෙරට මුදල් තැන්පතු සහ මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධ නීති රීති සහ සෙවීම් බැලීම් අධීක්ෂණ ශක්තිමත් කෙරිණි. එහිදී හෙළිදරව් වූ කරුණක් වූයේ තැන්පතුකරුවන්ගෙන් ලබා ගත් තැන්පතු එදිරිසිංහ දූ පුතුන් විසින් නිසි නියාමනයකින් තොරව විවිධ ආයෝජනවල යොදවා ඇති බවය. කෙසේ  වුවද  ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවූ තවත් අර්බුදයක් වූයේ ලෝකයේ රන් මිල 2013, සහ 2014 කාලවල දී පෙර නොවූ විරූ ලෙස පහළ යාමය. මේ නිසා ඔවුන්ට තමන් උකසට ගත් රන් ණය මූල්‍ය ණය කිරීමේදී දැවැන්ත අභියෝගයකට මුහුණ දෙන්නට සිදු විය.

මේ අර්බුද මැද මෙම ව්‍යාපාර ජාලය බිඳ නොවැටීමට අවශ්‍ය සහයක් ලෙස එවකට රජයේද මහ බැංකුවේද මැදිහත්වීම මත මනෝ තිත්තවැල්ල  සමාගමේ සභාපතිවරයා ලෙස පත් කළේය. ඊ.ඒ.පී එදිරිසිංහ දූ පුතුන් අධ්‍යක්ෂවරුන් ලෙස සිටියද ඔවුන්ට සමාගම් ජාලය තුළ තීරණ ගැනීමේ  බලය අහිමි කෙරිණි. එමෙන්ම දැවැන්ත ප්‍රතිසංවිධාන සැලස්මක් ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී මෙම දූ පුතුන්ට ඇති වන අසීරුතා ඉවසන්නට ඔවුහු එකඟ වූහ.

ප්‍රවීණ මූල්‍ය කළමනාකරුවකු ලෙස කලක් මහජන බැංකුවේ සභාපතිවරයා වශයෙන් තීරණාත්මක කාර්යයක් ඉටු කළ මනෝ තිත්තවැල්ල  මෙම සමාගමට විදේශ ආයෝජන ගෙන එන්නට ද උත්සාහ කළේය. ඔහු මහජන බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණයක් ද මෙම සමාගමට දුන් බවට චෝදනා එල්ල වූ අතර ඔහු පසුගිය වසර් පෙබරවාරි මාසයේ අභාවප්‍රාප්ත විය.

ඊ.ටී.අයි සමාගම සතුව පැවැති ආයතන වන්නේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් නම් කොටස් වෙළෙඳපොලේ ලයිස්තු ගත සමාගම සහ ඊ.ඒ.පී බ්‍රෝඩ්කාස්ටින් සමාගමය. එම සමාගමට අයත් සමගාම් ලෙස ඊ.ඒ.පී ෆිල්ම්ස් සහ තියටර්ස් සමාගම පවත්වාගෙන ගොස් තිබිණි. සැෆයර් හෝටලය, ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය ඇතුළු තවත් දේපළ ගණනාවක් මෙම සමාගම් යටතේ තිබුණි.

සමාගමේ පැවැති අභ්‍යන්තර අර්බුදය තවත් තීව්‍ර වන්නේ සෝමා එදිරිසිංහ මහත්මියගේ අභාවයත් සමගය. එයින් පසු මෙම සහෝදර සහෝදරියන් අතරද තම තමන්ගේ දේපළ පිළිබඳව  ගැටලු නිර්මාණය විය. අවසානයේ මෙම සමාගම් සමූහය බෙන් හෝල්ඩින්ස් සහ බ්ලූ කැපිටල් යන සමාගම ද්විත්වය විසින් අත්පත් කර ගන්නා ලදී.

කෙසේ වුවද මෙම  ගනුදෙනුව සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති විය.  එම සමාගම්වල අයෝජකයන් විදේශිකයන්වන බැවින් මෙරට මාධ්‍ය ආයතනයක් සහ දේපළ විදේශිකයන් අතට පත්වීමේ අවදානමක්  සම්බන්ධයෙන්  වූ කරුණු පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළේය. ඒ පසුගිය වසරේ  ජනවාරි මාසයේදී ය. එම කොමිසමේදී හෙළි  වූ කරුණක් වූයේ ඊ.ඒ.පී, සෝමා යුවළගේ දරුවන් වන දීපා, නාලක, අසංක සහ ජීවක රුපියල් බිලියන 13ක වත්කම් හෙළි නොකිරීමය. ඒ වත්කම් හෙළි නොකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා ගෙන්වා උපදෙස් දුන්නේය. දැන් මේ සහොදරයන් සියල්ල සිටිනුයේ අත්අඩංගුවේය.

මෙම ව්‍යාපාරයට සිදුව ඇත්තේ අමුතු අබග්ගයක් නොවේ. ලෝකයේ බොහෝ පවුලේ ව්‍යාපාරවලටවන සන්තෑසියමය.   එහි නිර්මාතෘන් විසින් දහදිය මහන්සියෙන් ගොඩ නැගූ මෙම ව්‍යාපාර ජාලය ආයෝජන පිලිබඳව මූලික සිද්ධාන්ත නොසලකා නිසි අධ්‍යනයකින් තොරව ආයෝජන කිරීමය. වගකීම් විරහිත ලෙස වියපැහැදම් කිරීමය. ඕනෑම මොහොතක එකවර තැන්පතුකරුවන් සිය මුළු මුදලම ඉල්ලුවද දෙන්නට හැකියාව තිබූ එදිරිසිංහ ව්‍යාපාරයෙන්  මෙරට ව්‍යාපාරකරණයේ සිටින කවර මට්ටමක අයකුට පවා උගත හැකි පාඩම් රැසකි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බබල් ට්‍රැවල් ක්‍රමයට ඉන්දීය සංචාරකයොත් මෙරටට එන ලකුණු

Next Post

මහාචාර්ය බන්දුසේන ගුණසේකර අභාවප්‍රාප්ත වෙයි…

Related Posts

rupee
පුවත්

වැටුන එක කෙලින් වූ පසු…  මැයි මාසයේ රුපියලේ අගය වේගයෙන් වෙනස් වීමට බලපෑ සැබෑ හේතු ගැන මහ බැංකු සහ වෙළඳපොළ දත්ත ඇසුරින් කළ විග්‍රහයක්…

මැයි 23, 2026
පුවත්

විදේශ විනිමය වෙළඳපොළ ශක්තිමත් කරන්න අවශ්‍ය දේශපාලන පණිවිඩ නොවෙයි… විශ්වාසයයි… ඩොලරය 375 පනින අනතුරක්  හර්ෂ පෙන්වයි!

මැයි 21, 2026
rupee
පුවත්

 2026 මැයි මාසයේදී ආසියාවේ වැඩිම අගය පිරිහුණු මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියල යි… බ්ලූම්බර්ග් වාර්තා කරයි!

මැයි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.