සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ඩොලරය මැඟ හැරුණු තැනට පැමිණි ඉන්දියානු රුපියල අපේ ආර්ථිකය ඔසවයිද ?

by editor
මාර්තු 14, 2023
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

එක්සත් ජනපද ඩොලරය, යුරෝව සහ යෙන් වැනි විදේශීය මුදල් ඒකක කිහිපයක්ම ශ්‍රී ලංකාවේ නිල හුවමාරු මුදල් ඒකක ලෙස භාවිතයට ගැනෙයි. ඒ අතරින් වැඩිම ගනුදෙනු සිදුවන්නේ එක්සත් ජනපද ඩොලරයෙනි. ඒ ලෝකයට සමගාමීවය.

සමස්ත ලෝකයේ පවතින විනිමය සංචිත වලින් සියයට හැටක් පමණ පවතින්නේ එක්සත් ජනපද ඩොලර්වලින්. සියයට විස්සකට ආසන්න ප්‍රමාණයක් පවතින්නේ යුරෝවලින්. සියයට පහක් හයක් වැනි ප්‍රමාණයක් පවුම් සහ යෙන්වලින් පවතින අතර, යුවාන්වලිත්ද යම් ප්‍රමාණයක් පවතී.

ශ්‍රී ලංකාව විසින් දැනට මෙලෙස තෝරාගත්, ලොව වැඩිම භාවිතයක් සහිත මුදල් ඒකක කිහිපයක් පමණක් භාවිතයට ගත්තද, ඉතිහාසයේදී තවත් විදේශීය මුදල් ඒකක භාවිතයට ගෙන ඇති බව අනවරණය කර ගත හැකිය. ඒ අතුරින් ප්‍රධානතම මුදල් ඒකකයක් වන්නේ ඉන්දීය රුපියලය. ලොව රටවල මූල්‍ය මණ්ඩල පවතින වකවානුවේ, එනම් 1950 දශකයට පෙර ශ්‍රී ලංකාව සහ මැදපෙරදිග කලාපයේ මෙන්ම අප්‍රිකාවේ ඇතැම් රටවලද ඉන්දියානු රුපියල විශාල වශයෙන් භාවිතයට ගෙන තිබේ. එහෙත් 50 දශකයේදී මහ බැංකු සංස්කෘතිය ලොව බහුතර රටවලට හඳුන්වා දීමත් සමග ඉන්දීය රුපියල ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්ව ගොස් ඇත.

ඉන්දියාව විසින් ද ඉන් අනතුරුව සැලකිය යුතු දශක ගණනාවක සිට මුදල් ඒකකය අන්තර්ජාතික මුදල් ඒකකයක් ලෙසින් නැවත ප්‍රචලිත කරවීමට  උනන්දු වූයේ නැත. කෙසේ වෙතත් පසුගිය වසරෙදී යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමග තත්ත්වය වෙනස් විය. ඉන්දියාව දැනට ලොව 05වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රාජ්‍යයයි. 2030 වසර වන විට එය ලොව තෙවැනි බලවත්ම ආර්ථිකය බවට පත්වනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී ඇත. මෙම තත්ත්ව හමුවේ, යුක්රේන යුද්ධය හේතුවෙන් බටහිර රටවල් විසින් සම්බාධක පනවමින් ලෝකයෙන් හුදෙකලා කිරීමට උත්සාහ කරන රුසියාව සමග වෙළඳ ගනුදෙනු සිදුකිරීම ඉන්දියාවට ගැටලු සහගත විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉන්දියාවේ ප්‍රධානතම ආරක්ෂක සහ බලශක්ති හවුල්කරුවකු වන්නේ රුසියාවයි. බටහිර රටවල් විසින් ඩොලරයෙන් සිදුකෙරෙන ගනුදෙනුවලදී රුසියාවට බාධා කිරීමත් සමග ඉන්දියාවට මෙන්ම ලොව තවත් රටවල් රැසකම ආනයන අපනයන කටයුතුවලදී විශාල බාධා එල්ල විය. මෙම බාධා ජයගැනීම වෙනුවෙන් ඉන්දියාව විසින් ‘නිර්භීත’ පියවරක් තබන්නේ ඒ අනුවය. එනම් රුසියාව සමග සිදුකෙරෙන සිය වෙළඳ ගනුදෙනු වෙනුවන් ඉන්දීය රුපියල භාවිතයට ගැනීමේ එකඟතාවකට රුසියාව සමග පැමිණීමයි.

බටහිර ජාතින් වෙතින් විවිධ බාධාවන් එල්ල වුවද, මාස කිහිපයක් ඇතුළත සිය උත්සාහය ජයගැනීමට ඉන්දියාව සමත් විය. ඒ අනුව අද වන විට රුසියාව සමග සිදුකෙරෙන වෙළඳ ගනුදෙනු සියල්ල ඉන්දීය රුපියල භාවිත කරමින් සිදුකරමින් සිටින අතර, එමගින් විශේෂයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ නිෂ්පාදන, එනම් බොරතෙල් සහ ගල්අගුරු මිලදී ගැනීමේදී සැලකිවයුතු ලාභයක්ද ලබමින් සිටී.නැවතත් ශ්‍රී ලංකාව දෙසට හැරුණහොත්, පසුගිය වසර ආරම්භයේ සිට රට මුහුණදී සිටින බරපතල ආර්ථික අර්බුදය හමුවේ, ඩොලර් හිඟයෙන් මිදී, සිය වෙළඳ හවුල්කරුවන් සමග ගනුදෙනු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේද අවධානය යොමුවිය. සිය යාබද දැවැන්ත පාර්ශ්වකරුවා සමග එරට මුදල් ඒකකයෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ශ්‍රී ලංකාව විසින් හඳුනාගන්නා ලද්දේ එහිදීය. ඒ අනුව 2022 වසර මැදභාගයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් ලෙසින් පිළිගැනීමට කටයුතු කළේය.

ඉන්දීය රුපියල පමණක් නොව, ඕස්ට්‍රේලියානු ඩොලර්, නෝර්වීජියානු ක්‍රෝනර්, කැනේඩියානු ඩොලරය,  ස්ටර්ලින් පවුම්, චීන රෙන්මින්බි (යුවාන්), සිංගප්පූරු ඩොලර්, ඩෙන්මාර්ක ක්‍රෝනර්, ස්වීඩන් ක්‍රෝනර්, යුරෝ, ස්විස් ෆ්‍රෑන්ක්, හොංකොං ඩොලර්, තායි බාත්, ජපන් යෙන්, එක්සත් ජනපද ඩොලරය සහ නවසීලන්ත ඩොලර් ශ්‍රී ලංකාව තුළ සන්තකයේ තබාගත හැකි විදේශීය මුදල් ඒකක ලෙස මහ බැංකුව එහිදී ප්‍රකාශ කළේය.

අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු රුපියල (INR) ශ්‍රී ලංකාවේ නිල වශයෙන් භාවිත කළහැකි විදේශ මුදල් වර්ගයක් ලෙස වර්ගීකරණය කිරීමට ඉන්දීය සංචිත බැංකුවේ (RBI) අනුමැතිය ඉල්ලා සිටි අතර, 2022 දෙසැම්බර් මාසයේ දී ඉන්දීය මහ බැංකුව එම අනුමැතිය ලබාදුන්නේය.

ඉන්දීය රුපියල (INR) යළිත් ශ්‍රී ලංකාවේ මාතෘකාවක් බවට පත්වන්නේ මෙවැනි පසුබිමකය. එම කතාබහ ආරම්භ වන්නේ ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් බවට පත්කිරීම පිළිබඳව සළකා බලමින් සිටින බව විදේශ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කිරීමත් සමගය. ඇමතිවරයා මෙම කරුණ පවසා තිබුණේ ඉන්දියාවේ පුවත් සේවයක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

“අපට අවශ්‍ය වන්නේ ඉන්දියානු මුදල් ශ්‍රී ලංකාව තුළ වෙළඳාම් කළ හැකි මුදල් ඒකකයක් බවට පත් කිරීමයි. එසේම ඉන්දියානුවන්ට මෙහි පැමිණ එය භාවිත කිරීමේ හැකියාව ලබාදීමයි. එමගින් ශ්‍රී ලාංකිකයින්ට තුන්වන මුදල් වර්ග මත යැපීමෙන් තොරව එය භාවිතා කිරීමට ඉඩ සැලසෙනවා,” ඇමතිවරයා එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කළේය.

ඒ මාර්තු 05වැනිදාය. ඊට දින තුනකට පෙර, එනම් මාර්තු 03වැනිදාද ඉන්දීය රුපියල සම්බන්ධයෙන් මෙරටදී තවත් විශේෂ සාකච්ඡාවක්ද පැවතිණි. එය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසිනි. ලංකා බැංකුව (BOC), ඉන්දීය රාජ්‍ය බැංකුව සහ ඉන්දියානු බැංකුවේ නියෝජිතයන් එහිදී ඔවුන්ගේ අත්දැකීම් බෙදාගත් අතර, ඔවුන් විසින් සක්‍රීය රාමුවක් නිර්මාණය කිරීමෙන් පසු Vostro නම් ගිණුම් හරහා ඉන්දියානු රුපියල(INR) ඔස්සේ, නම් කරන ලද වෙළඳ ගනුදෙනු සිදු කිරීමට මේ වන විටත පටන් ගත් බව එහිදී දෙරටේ ජනතාවට දැනුම් දෙන ලදී. ඉන්දියානු සංචිත බැංකුව (RBI) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් 2022 දී ඒ වෙනුවෙන් නිල අනුමැතීන් ලබාදී ඇති බවද එහිදී ප්‍රකාශ විය.

ඒ අනුව පෙනීයන්නේ අලුතින් කතාබහක් නිර්මාණය වුවද, මේ වන විටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉන්දීය රුපියල භාවිතයට ගනිමින් වෙළඳ ගනුදෙනු ආරම්භ කර ඇති බවයි.

එම වෙළඳ ගනුදෙනු හරහා සුවිශේෂී වාසි කිහිපයක්ම අත්කරගැනීමට විශේෂයෙන් ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව දැකගත හැකිය. ඒ අතරින් ප්‍රධාන වන්නේ රට මුහුණදී සිටින බරපතල ඩොලර් හිඟය හමුවේ ශ්‍රී ලංකාවෙන් පිටතට ඩොලර් ගලායෑම පාලනය කිරීමයි.

2021-2022 මුල්‍ය වර්ෂයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික වෙළඳාම එක්සත් ජනපද ඩොලර් බිලියන 6.81 ක් විය. එහිදී ආනයනයට වඩා වැඩි භාණ්ඩ හා සේවා ප්‍රමාණයක් ඉන්දියාවෙන් අපනයනය කර තිබේ. එහි අදහස වන්නේ ඉන්දියාවෙන් සිදුකෙරෙන සියලුම භාණ්ඩ අපනයනයන් වෙනුවෙන් මින් ඉදිරියට එක්සත් ජනපද ඩොලර් සොයමින් ශ්‍රී ලංකාව කරදර විය යුතු නැති බවයි. ඒ වෙනුවට එම ඩොලර් බිලියන 05කට වැඩි විදේශ විනිමය ගනුදෙනු ප්‍රමාණයක් දැන් ඉන්දීය රුපියල භාවිත කරමින් සිදුකර, සොයාගැනීමට වඩා අර්බුදකාරී එක්සත් ජනපද ඩොලර් ඉතිරි කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේ.

අනෙක් අතට ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් සොයාගැනීම, එනම් උපයාගැනීමද දුෂ්කර කාර්යයක් නොවේ. පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ප්‍රධානම සංචාරක මුලාශ්‍රය වූයේ ඉන්දියාවයි. 2022 වසරේ මෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් ඉන්දියානුවෝ වූහ. ඒ අනුව ඉන්දීය රුපියල ශ්‍රී ලංකාවේ නිල මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගැනීම හරහා පහසුවෙන් ඉන්දීය මුදල ඒකකය මෙරට බහුල පරිශීලන විදේශ විනිමය මාධ්‍යයක් බවට පත්කරගත හැකිය.

රට හමුවේ පවතින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට නම්, අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව විසින් තෝරාගත් ලොව දැවැන්ත ආර්ථිකයන් කිහිපයක් සමග සම්මුඛ විය යුතුමය. ඉන්දියාව යනු මේ වන විටත් G20 සංවිධානයේ සභාපතිත්වය උසුලන, යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් මැදිහත්වනු ඇතැයි අපේක්ෂිත, ලොව වේගවත්ම ආර්ථික වර්ධන වේගයක් සහිත ජාතියකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ඓතිහාසික අසල්වසියාය.

ඒ අනුව, ඉන්දීය රුපියල භාවිත කරමින් මෙලෙස ඉන්දීය ආර්ථිකය සමග මෙලෙස සම්බන්ධවීම හරහා ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන් සුවිශේෂී ඉදිරිගමනක් නිර්මාණය කරදෙන බව පැහැදිලිවම හඳුනාගත හැකිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රෙඩිට් කාඩ්වලින් කරන පිට රට ගනුදෙනුවල සීමා ලිහිල් වෙයි !

Next Post

ක්‍රීඩා පනතට ගෙනා නව සංශෝධන ගැන විමසන්න ක්‍රීඩා ඇමති හිටපු ක්‍රිකට් සභාපතිවරු සහ ලේකම්වරු හමුවෙයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.