මෙරට ක්‍රියාත්මක වන වානිජ බැංකු විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ් විදේශවලදී පරිහරණය කිරීමේදී මෙතෙක් පනවා තිබූ බාධක ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වෙළෙඳ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කාලය තුළ මෙම බැංකුවල විදේශ මුදල් තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වීම හේතුවෙන් සිය කාඩ්පත් හිමියන්ට විදේශ සංචාරවලදී ඉහළ වියදම් සීමාවන් ලබා දීමට පිවර ගෙන ඇත.
මෙම සීමා එක් එක් කාඩ්පත් හිමියාගේ ධාරිතාවට සාපෙක්ෂව ඉහළ නංව ඇති අතර පසුගිය වසරේ රටේ විදේශ මුදල් කොන්දේසි දැඩි වෙමින් තිබියදී, ක්‍රෙඩිට් කාඩ්පත් නිකුත් කළ බැංකු රට තුළ සීමිත විදේශ මුදල් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම සඳහා විදේශයන්හි කරන ගෙවීම් සඳහා කාඩ්පත් භාවිතය සඳහා දෛනික සීමාවන් පැනවීය.
කෙසේ වෙතත්, දේශීය බැංකු අංශයේ මෑත කාලීන අතිරික්ත විදේශ මුදල් ද්‍රවශීලතා තත්ත්ව, එවැනි සීමාවන් ඉවත් කිරීමට සහ කාඩ්පත් හිමියන්ට ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ් සීමාවන් දක්වා දේවල් සඳහා වියදම් කිරීමට නිදහස ලබා දීමට ඔවුන් පොළඹවා ඇති බබද එම ආරංචි මාර්ග සදහන් කරයි.
සීමාවන් ඉවත් කර තිබියදීත්, කාඩ්පත් භාවිතා කරන්නන් තම කාඩ්පත් භාවිතා කරන විට, විදේශ විනිමය ගනුදෙනු සඳහා ඔවුන්ගේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කිරීමෙන් වැළකී සිටීම, බිට්කොයින් වැනි අතථ්‍ය මුදල් ගනුදෙනුවලට අදාළ ගෙවීම්, ගෙවීම් සම්බන්ධ අනෙකුත් නියාමන මාර්ගෝපදේශ පිළිපැදිය යුතු වේ.