බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වෙයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 6, 2025
in ව්‍යාපාර
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism Leaders’ Summit බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සාර්ථකව අවසන් විය. කර්මාන්ත නායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, ශාස්ත්‍රීය විශේෂඥයන්, ගෝලීය සහකරුවන් ඇතුළු පාර්ශ්ව රැසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්විණි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගී විය.

සමුළුව ආරම්භයේදී පිළිගැනීමේ කතාව කරමින් සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමයේ (AATEHM) සභාපති නිහාල් මුහන්දිරම් සඳහන් කළේ මෙම මුලපිරීම තුළින් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සහ එහි දියුණුවට දායක වන සියලු පාර්ශ්ව එක් වේදිකාවකට පැමිණි බවයි. ලෝකයේ අංක එකේ සංචාරක ගමනාන්තයක් බවට පත් වීමට අවශ්‍ය සියලු සම්පත් ශ්‍රී ලංකාව සතුව පවතින බව ඔහු සඳහන් කළේය. කොළඹ නගරය දකුණු ආසියාවේ වාණිජ කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ යුතු බවත්, ලෝක සංචාරක දිනයට සමගාමීව පැවැත්වුණු Colombo Travel Mart ඒ සඳහා වන ප්‍රයත්නයේ කොටසක් බවත් ඔහු පැවසීය. “රැකියා පොළක් ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කරන්නටත්, ඒවා සාර්ථකව අවසන් කරන්නටත් අපට හැකි වුණා. ඒ තුළින් විශේෂයෙන්ම තරුණ පරපුරට සහ වෘත්තිකයන්ට අවස්ථා රැසක් නිර්මාණය වෙනවා. සංචාරක කර්මාන්තය තුළින් ඔවුන්ගේ ජීවිත ගොඩ නගා ගත හැකියි. සියලු පාර්ශ්වවල සහයෝගය ඇතිව අප සියලු දෙනා සංචාරක කර්මාන්තය උපරිම මට්ටමට දියුණු කිරීම ඉතා වැදගත්.”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සුරංග සිල්වාද එහිදී අදහස් දැක්වූයේය. ඔහු සඳහන් කළේ මෙය හුදු සමුළුවක් පමණක් නොව සංචාරක කර්මාන්තය ගමන් ගන්නා දිශානතිය පිළිබිඹු කරන දැවැන්ත මුලපිරීමක් බවයි. සංචාරක ක්ෂේත්‍රයට පිවිස එහි සංවර්ධනයට දායක වීමට තරුණ පරපුර දිරි ගැන්වීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කළේය. “ඕනෑම ක්ෂේත්‍රයක දියුණුව සඳහා ඊට අදාළ දැනුම යාවත්කාලීන කර ගත යුතුයි. ඒ අරමුණ පෙරදැරිව සංව්ධානය කළ පර්යේෂණ වැඩසටහන සහ පාසල් සංචාරක සංසද තරගාවලිය ඉතා සාර්ථකව පැවැත්වුණා. කොවිඩ්-19 වසංගතය ඇතුළු සෑම දුෂ්කර අවස්ථාවකදීම සංචාරක කර්මාන්තය රටේ ඉදිරි ගමනට දායක වුණා. අනාගත අභියෝග, නව දැනුම, කුසලතා සහ දත්ත පදනම් කර ගත් උපාය මාර්ග සමග සංචාරක ක්ෂේත්‍රය ජය ගත යුතුයි. ශාස්ත්‍රීය විශේෂඥයන්ගේ දායකත්වය ගැනීම ඉතා වැදගත්.”

කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක සඳහන් කළේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුවට දීර්ඝ කාලීන සැළැස්මක් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවයි. එහිදී රජය, පෞද්ගලික සමාගම් සහ ග්‍රාමීය ප්‍රජාව එක් වී කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය. “විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ පරපුරට සංචාරක කර්මාන්තය තුළින් වෘත්තීමය, ආර්ථික සහ සමාජ වර්ධනය ළඟා කර ගත හැකි බව අවබෝධ කර ගත යුතුයි. ඒ වාගේම නිරන්තරයෙන් වෙනස් වන ගෝලීය ප්‍රමිතිවලට අනුගත වෙමින් සංචාරක කර්මාන්තය පවත්වා ගෙන යාමත් ඉතා වැදගත් වෙනවා.”

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණෙන රටවලට ඔවුන්ගේ භාෂාවලින් උපහාර දැක්වීමක්ද සිදු විය. ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, එක්සත් ජනපදය, බංගලාදේශය, ඉතාලිය සහ කැනඩාව යන රටවල් ඒ අතර විය.

=

ඉන් පසුව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් විද්වත් සාකච්ඡාවක් පැවැත්විණි. නිදහස් වාණිජ ගුවන් සේවා උපදේශක සහ ශ්‍රී ලංකන්-එමිරේට්ස් ගුවන් සේවාවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී පීටර් හිල්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති බුද්ධික හේවාවසම්, ෂැන්ග්‍රි-ලා සමූහයේ කියෙරාන් ට්වෝමි සහ සංචාරක උපදේශක මිගෙල් කුනාට් එහිදී අදහස් දැක්වූහ. ජෝන් කීල්ස් සමූහයේ දිලිප් මුදාදෙණිය විසින් සාකච්ඡාව මෙහෙයවන ලදී. සම්බන්ධතා, තරගකාරිත්වය, යටිතල පහසුකම්, සංචාරක පැමිණීම් ඉහළ නැංවීම සඳහා වන උපාය මාර්ග ඇතුළු බොහෝ දෑ එහිදී සාකච්ඡාවට ලක් විය.

දක්ෂිණ සංචාරක කළාපය තුළ නව පරිවර්තනයක් ඇති කිරීම ඉලක්ක කර ගනිමින් පෞද්ගලික අංශය හඳුන්වා දුන් “Ruhunu Ring” වැඩසටහන එළි දැක්වීමද එහිදී සිදු විය. “Culturally Wild” යන්න තේමාව කර ගත් මෙම වැඩසටහන යාල හා උඩවලව ජාතික වනෝද්‍යාන, සිංහරාජ වැසි වනාන්තරය, ආරුගම්බේ, මිරිස්ස, ගාලු කොටුව, කතරගම වැනි සංචාරක ගමනාන්ත රැසක් එකට යා කරයි. මේ තුළින් සාම්ප්‍රදායික ගමනාන්තවලින් ඔබ්බට යමින් ප්‍රාදේශීය ප්‍රජාව සමග කාලය ගත කරමින් නවමු සංචාරක අත්දැකීමක් අත් විඳීමට සංචාරකයන් දිරි ගැන්වීමට අපේක්ෂා කෙරේ. සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ යසස් හේවගේ සඳහන් කළේ වන ජීවී, ඉවුම් පිහුම්, ත්‍රාසජනක අත්දැකීම් සහ ක්‍රීඩා වැනි අංශ රැසක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි. එම ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය එළි දැක්වීමද එහිදී සිදු විය.

සංචාරක ක්ෂේත්‍රයට අදාළ අදහස් ජනගත කිරීම ඉලක්ක කර ගත් ‘Vision 2 Voice’ සඟරාව ජනාධිපතිවරයාට පිළිගැන්වීමද එහිදී සිදු විය.

විදේශ කටයුතු, සංචාරක සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත්ද අදහස් දැක්වූ අතර ඔහු සඳහන් කළේ සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ලෙස සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතු බවයි. ප්‍රධාන සංචාරක කේන්ද්‍රස්ථාන පමණක් නොව සියලු පළාත්වල ජීවත් වන ජනතාවට එහි ප්‍රතිලාභ ගලා යාම තහවුරු කිරීමත්, ක්ෂේත්‍රයේ දියුණුවට දායක වීමට ඔවුන්ට අවස්ථාව සළසා දීමත් ඉතා වැදගත් බව ඔහු පැවසුවේය. කුඩා පරිමාණ ව්‍යාපාර, කලා ශිල්පීන්, ප්‍රාදේශීය වශයෙන් සේවා සපයන්නන්ද ඇතුළු සියලු පාර්ශ්ව ආවරණය වන සේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම තුළින් සියලු ක්ෂේත්‍ර සංවර්ධනය කිරීමට ඉඩ ලැබෙන බවත්, ඒ තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. “විදේශවලට යාම වෙනුවට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් අර්ථවත් රැකියාවක නියැලීමට තරුණ පරපුරට අවස්ථාව තිබිය යුතුයි. සංචාරක ක්ෂේත්‍රය තුළින් ඒ අවස්ථාව නිර්මාණය කළ හැකි බව අප සියලු දෙනා දන්නවා. ඒ සඳහා වන පුහුණුව සහ අධ්‍යාපනය දීමට රජය කැප වී සිටිනවා. සංචාරක කර්මාන්තය කියන්නේ විදේශ විනිමය පමණක් නොවෙයි; අපේ රටේ සංස්කෘතිය සහ පරිසරය සුරැකීම වැනි සියලු දේ ඒ සමග සම්බන්ධයි. මේ කර්මාන්තය වඩාත් ශක්තිමත්, තිරසාර සහ සාධාරණ එකක් බවට පත් කරන්නට එකතු වන ලෙස මම සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා.”

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පැවසුවේ සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දෙන පසුබිමක වුවත් ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරය දිනා ඇති බවයි. “මේ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව හොඳම සංචාරක ගමනාන්තය බවට තේරී පත් වුණා. ඊට අමතරව තවත් බොහෝ ජාත්‍යන්තර ඇගැයීම් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. ඒ තුළින් පිළිබිඹු වන්නේ අප නිවැරැදි දිශානතියක ගමන් කරමින් සිටින බවයි. කෙසේ වෙතත් අපට අභියෝග නොසළකා හරින්න හැකියාවක් නැහැ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාරිතාව ප්‍රමාණවත් නොවීම ප්‍රධාන ගැටලුවක්. එය නිර්මාණය කර තිබෙන්නේ වාර්ෂිකව මගීන් මිලියන හයක් සඳහා අවශ්‍ය ආකාරයෙන් වුවත් මේ වන විට එම සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා තිබෙනවා. නිසි කාලයේදී අදාළ යාවත්කාලීන කිරීම් නොවීම තුළ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. සන්නාමකරණය තවත් ගැටලුවක් ලෙස හඳුනා ගන්නට පුළුවන්. ශ්‍රී ලංකාවට ශක්තිමත් ගෝලීය මට්ටමේ සන්නාමකරණ වැඩසටහනක් අවශ්‍යයි. ඒ තුළින් ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ තරගකාරී ගමනාන්තයක් බවට පත් වෙන්නට හැකියාව ලැබෙනවා.”

සංචාරක ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දක්වා ඇති දායකත්වය අගයමින් මහාචාර්ය සුරංග සිල්වා සහ කීර්තිමත් වෘත්තිකයෙකු වන චන්ද්‍රා වික්‍රමසිංහ වෙත විශේෂ සම්මාන ප්‍රදානයක්ද සිදු විය.

ඉන් පසුව සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ ජයග්‍රාහකයන්ට කුසලාන හා සහතික පත්‍ර ප්‍රදානය ජනාධිපතිවරයා අතින් සිදු විය.

ලෝක සංචාරක දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සංවිධානය කළ වැඩසටහන් මාලාවේ අවසන් අදියර ලෙස මෙම සමුළුව පැවැත්විණි. සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA), ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමය (THASL), ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය (AATEHM)සහ කොළඹ විශ්ව විද්‍යාලයේ තිරසාර සංචාරක ඒකකය මෙවර ලෝක සංචාරක දින වැඩසටහන් සාර්ථක කර ගැනීමට සුවිශාල දායකත්වයක් දැක්වීය.

Share69Tweet43
Previous Post

වැලිගම නිවසක් තුළ හැදු මරණයේ සංකේතය බඳු මෙෆෙඩ්‍රෝන්වල කතාව….

Next Post

අමුඩය ගහගෙන පිච් එක මැදට එන්න… ඉන්දියාව මහත්වරුන්ගේ ක්‍රීඩාවේ රෙදි ගලවා යට ඇඳුම් ද ඉවත් කර ඇත….

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.