බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම නිවසක් තුළ හැදු මරණයේ සංකේතය බඳු මෙෆෙඩ්‍රෝන්වල කතාව….

by editor
ඔක්තෝබර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

පසුගිය 21 වැනිදා වැලිගම සල්මල් උයන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් 18 හැවිරිදි    මෝල්ඩෝවා ජාතික තරුණයෙක් නිශ්පාදනය කළ සැක කටයුතු රසායනික ද්‍රව්‍ය පිළිබඳ රස පිරීක්ෂක වාර්තාව අද පැමිණියේය. මේ නිවස තුළ මෝල්ඩෝවා ජාතික තරුණයා  නිශ්පාදනය කර තිබුණේ  මෙෆෙඩ්‍රෝන් නම් භයානක මත්ද්‍රව්‍ය බව රජයේ රස පරීක්ෂකවරයා අද (05) තහවුරු කළේය. එම තහවුරුව සහිත වාර්තාව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අද පොලිසියට භාර දුන්නේය.

අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය මෙෆෙඩ්‍රෝන් බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය ද ඊයේ තහවුරු කර තිබුණි.

weligama
මත්ද්‍රව්‍ය තැනූ රසායානාගාරය පවත්වාගෙන ගිය වැලිගම නිවස…

නිශ්පාදනාගාරය හසුවීම

වැලිගම වැලිහිඳ සල්මල් උයන ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳී  සිටිමින් යම් සැක කටයුතු කාර්යයක නිරතවන විදේශික තරුණයෙක්  ගැන වැලිගම පොලිසියට තොරතුරක් ලැබිණි.

මේ තොරතු අනුව පසුගිය 21 වැනිදා වැලිගම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකටයුතු නිවස වැටලුවේය. නිවස තුළ සිටි සැකකටයුතු තරුණයා මෝල්ඩෝවා ජාතිකයෙකි. මෝල්ඩෝවා යනු යුක්රේනයට නිරිත දිගින් පිටිහි රාජ්‍යයකි.

බැලූ බැල්මටම මෙම තරුණයා තවත් පුද්ගලයින් කීප දෙනෙක් සමගන එක්ව අදාල  ස්ථානයේ යම්කිසි සැක කටයුතු ක්‍රියාවලියක නිරතවන බව මූලිව විමර්ශනවලදි අනාවරණය විය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ස්ථානයේ තිබී අවර්ණ දියර සහිත ලීටර 05 කෑන් 20ක්, ප්ලාස්ටීක් බෝතල්වල ඇසුරුම් කරන ලද රසායනික ද්‍රව්‍ය අඩංගු බෝතල් 04ක්, ප්ලාස්ටීක් කැබලි අඩංගු කිලෝ ග්‍රෑම් 05 බැගින් වු පැකට් දෙකක්, සුදු පැහැති කුඩු වැනි රසායනික ද්‍රවය ඇසුරුම් 02ක්, අයිස් මත්ද්‍රව්‍යයට සමාන ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමුවුනේය.

එමෙන්ම වායු සමනය කරන ලද කාමරයක කාමරයක් තුළ මෙම නිශ්පාදන ක්‍රියාවලිය සඳහා රසායනික ද්‍රව්‍ය දමා ඇති ප්ලාස්ටීක් තැටි 10ක්, තරාදියක් සහ උෂ්ණත්වමානයක් ආදී උපකරණ ද පොලිසිය විසින් සොයාගෙන ගත්තේය.

අපේ පොලිසියට මෙවැනි අත්දැකීමක් මෙතෙක් තිබුණේ නැත. මේ අයිස් මත්ද්‍රව්‍ය වුවත් නොවුනත් මේ නිවස තුළ නඩත්තු කරගෙන ගිය රසයානාගාරය තුළ සිදුකළ නිශ්පාදනය රටට යහපතක් සිදුකරන දෙයක් නොවුන  බවට වු සැකය විමර්ශන අංශවලට තිබිණි.

අදාල ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කෙරිනි. අද එහි අවසන් ප්‍රතිඵලය පැමිණියේය.   වැලිගම නිවසේ නිශ්පාදනය කර තිබුණේ අයිස් මත්ද්‍රව්‍ය නොව, මෙෆෙඩ්‍රෝන් නම් මත් ද්‍රව්‍යය ය.

මොනවද මේ මෙෆෙඩ්‍රෝන්  

2000 දශකයේ මැද භාගයේදී, යුරෝපය පුරා සාද දර්ශන සහ රාත්‍රී සමාජශාලා තුළ නව කෘතිම මත්ද්‍රව්‍යයක්  නිහඬව ව්‍යාප්ත වීමට පටන් ගත්තේය.  විදියේ දී එය වටෙක  මියෝව් මියෝව් නමින් හැඳින් විනි. තවත් වටෙක එහ හැඳින් වුයේ  එම්සීඒටී හෝ ඩ්‍රෝන්  නමිනි.  මුලදී මෙම නීති විරෝධී මත්ද්‍රව්‍යයක් වූයේ නැත.  නැටුම් පෙති ලෙස අපේ රටේ උන් හඳුන්වන  එක්ස්ටසි  හෝ කොකේන් වැනි මත්ද්‍රව්‍යවල විකෘතිය සොයන තරුණයින් අතර මියොව් මියොව් වේගයෙන් ජනප්‍රිය විය. එම මත්ද්‍රව්‍ය වෙත ප්‍රවේශ වීම පහසු විය. නීතිමය අවදානමක් තිබුණේ නැත.  මෙෆෙඩ්‍රෝන්  මුල් වකවානුවේ ලෝකයේ ව්‍යාප්ත වන්නේ ඒ ලෙසය.

2000 මුල් දශකයේ වඩාත් ජනප්‍රිය වුව ද  මෙෆෙඩ්‍රෝන් (රසායනික නාමය: 4-මෙතිල්මෙතකැතිනෝන්) ප්‍රථම වරට සංස්ලේෂණය කරන්නේ  20 වන සියවසේ මුල් භාගයේදී ය.    2003 දී පමණ නැවත මතු වන තෙක් මෙම මත්ද්‍රව්‍ය  බොහෝ දුරට නොදන්නා මට්ටමක පැවතුනි. ප්‍රධාන වශයෙන් රහසිගත රසායනාගාරවල මෙම මත්ද්‍රව්‍ය නිශ්පාදනය විය. විශේෂයෙන් චීනයේ සහ පසුව යුරෝපයේ මෙෆෙඩ්‍රෝන්,  නිෂ්පාදනය විය. මෙම මත්ද්‍රව්‍ය අන්තර්ජාලයේ අලෙවි වන්නේ “ශාක පොහොර” හෝ ස්නානයේ දී භාවිතා වන  ” bath salt,” ලෙස අන්තර්ජාලය හරහා අලෙවි කෙරනි.  එම නිශ්පාදන “මිනිස් පරිභෝජනය සඳහා නොවේ” යනුවෙන් ලේබල් කිරීමෙන් මත්ද්‍රව්‍ය නීති මග හරින ලදී. යුරෝපය පුරා අතශය සීඝ්‍රයෙන්  මෙෆෙඩ්‍රෝන් පැතිරී ගියේය.

2009 වන විට, මෙෆෙඩ්‍රෝන් එක්සත් රාජධානියේ සහ යුරෝපයේ සමහර ප්‍රදේශවල සාදවල අනිවාර්ය අංගයක් වි තිබිනි.  මෙම මත්ද්‍රව්‍ය සාපේක්ෂව ලාභ දායී විය. ඉතාම පහසුවෙන් ඒ වෙත ලඟා විය හැකි වුයේය. අවශ්‍ය වූයේ , අන්තර්ජාලය හරහා ලබා දිය හැකි අනවුමක් පමණි. එය ඒ තරම් පහසුවෙන් ලබා ගත හැකි වුවත් එය භාවිතයෙන් එක්ටසි පෙත්තක් ලබා ගන්නවාටත් වඩා ඉහළ උත්තේජනයක් ලබා ගත හැකි වූයේය. සමාජ මාධ්‍ය එහි ව්‍යාප්තිය තවදුරටත් වැඩි කළ අතර, රාත්‍රී ජීවිත සංස්කෘතිය තුළ මෙෆෙඩ්‍රෝන්  විශාල ඉඩක් අත්පත් කරගෙන තිබුණේය.

අඳුරු පැත්ත

මෙෆෙඩ්‍රෝන් අඳුරු සමාජ ශාලා අතර රැළි පිට රැළි නැගූ  බව සැබෑය. එහෙත්   මෙෆෙඩ්‍රෝන් හි විනාශකාරී ස්වරූපය ඉන් ඇතිවන අතුරු ආබාධ සහිත සමාජ ව්‍යසනය  හෙළි කළේය. එම  මත්ද්‍රව්‍ය පුද්ගලයින් අධික ලෙස ඇබ්බැහියට පත් කළේය.  ඇබ්බැහි වූවන්ගේ ශාරීරික සහ  මානසික පැවැත්මට මෙෆෙඩ්‍රෝන් අනිවාර්ය වූයේය. ඒ සමගම ඇබ්බැහි වූවන් හෘද රෝගවලට ලක් වීම,  නින්ද නොයාම, කාංසාව, ව්‍යාකූලත්වය සහ දරුණු මානසික පීඩාවන්ට පත්වීම වාර්තා විය.  පවුල් ජීවිත බිඳී විසිරිණි.  මානසික සෞඛ්‍ය අර්බුද උත්සන්න විය.    එහි අන්තරායන් අවතක්සේරු කළ තරුණයින් අතර ව්‍යසනයක් නිර්මාණය වී තිබිණි. අවසානයේ දී මේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ මිනිස්සුන්ගේ ජිවිත ඛේදනීය මරණයෙන් කෙළවර විය.

මේ නිරික්ෂණත් සමග  ලොව පුරා රජයන් වේගයෙන් ක්‍රියා කළේය. 2010 වන විට, එක්සත් රාජධානිය මෙෆෙඩ්‍රෝන් B පන්තියේ පාලිත ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කෙරනි. ,එය නිශ්පාදනය සහ විකිණිම නෛතිකව තහනම් කරනු ලැබුවේය.   එහෙත් මෙම මත්ද්‍රව්‍ය නීති විරෝධි සහ රහසිගත ලෙස  වෙළඳාම දිගටම  පැවතිනි.  අදටත් එසේය.

වැලිගම දී මෙෆෙඩ්‍රෝන්  නිශ්පාදනය කරන ෆැක්ටරියක්ම හම්බවෙන්නේ ඒ පසුබිමේ දී ය. අලි මදිවාට හරක් කීවාක් සේ දැන් මෙතන්ෆිටමීන් මදිවාට නිශ්පාදනාගාරවලින් මතුවන්නේ  මෙෆෙඩ්‍රෝන් ය.

යළිත් කියන්නේ මේ රට මත්ද්‍රව්‍ය ජාවාරම්වල තෝතැන්නක් වෙමින් පැවති ආකාරය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නාරිගම පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම මුහුදේ ගසාගෙන ගිය රුසියානු තරුණයෙකුගේ ජිවිතය බේරා ගනී…

Next Post

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වෙයි

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.