බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home විද්‍යා හා තාක්ෂණ

නුදුටු විශ්වයේ අසිරිය පෙන්වන්නට තව දින 09කින් අභ්‍යාවකාශයට යන “ජේම්ස් වෙබ්“!

මිනිසා සෑදූ වටිනාම අභ්‍යවකාශ විද්‍යා උපකරණය ජෙම්ස් වෙබ් අභ්‍යාවකාශ දුරේක්ෂයයි.....

by editor
දෙසැම්බර් 13, 2021
in විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

October Sky ෆේස් බුක් පිටුවෙනි –

මිනිසා විසින් සෑදූ වටිනාම අභ්‍යවකාශ විද්‍යා උපකරණය හෙවත් James Webb අභ්‍යවකාශ දුරේක්ෂයේ දියත් කිරීමට ඇත්තේ තවත් දින 10 ක් පමණි. වසර 10 ක් පුරාවට මෙම දුරේක්ෂයේ දියත් කරන තුරු ලෝකය පුරාම විද්‍යාලෝලීන් ඇගිලි ගනිමින් සිටි අතර අවසාන‌යේ එම දිනයට ඇත්තේ තවත් දවස් 10 ක් පමණි. මේ ලිපියෙන් කතා කරන්න යන්නේ James Webb අභ්‍යවකාශ දුරේක්ෂයේ තාක්ෂණය ගැන නම් නෙමෙයි.
( ජෙම්ස් වෙබ් ගැන කියවන්න…https://www.facebook.com/octoberskyshow/posts/1040432393144650)

මේ වන විට James Webb දුරේක්ෂයේ දියත් කිරීමට සූදානම් කිරීමේ කටයුතු අවසන් වෙමින් පවතී. ප්‍රංශ ගයනාවේ Kourou හි පිහිටා ඇති ගයනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකලස් කිරීම් අවසන් කර ඇති Arianespace සමාගමේ Ariane 5 ECA VA256 රොකට්ටුවේ ඉහළින් මෙම දුරේක්ෂය සවි කිරීමේ කටයුත්ත නිම කරන්න තිබුනේ පෙරේදා (11) දිනයේය. තවමත් එම කටයුත්ත අවසන් කළ බවට නිල වශයෙන් ඡායාරූප ලැබී නැතත් ඉදිරි පැය කිහිපය තුළ ඒවා මාධ්‍යයට නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

ජෙම්ස් වෙබ් මෙහෙයුම –

James Webb අභ්‍යවකාශ දුරේක්ෂය ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය, එනම් නාසා ආයතනය, කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය එක් වී සිදු කරන මෙහෙයුමකි. නාසා ආයතනය විසින් මෙම දුරේක්ෂයේ දර්පණ, තාප ආවරණ, අභ්‍යවකාශ යානාව හා විද්‍යාත්මක උපකරණ කිහිපයක් සපයනු ලබයි. කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියෙන් අභ්‍යවකාශ යානයේ මගපෙන්වුම් උපකරණ හා තවත් විද්‍යාත්මක උපකරණ කිහිපයක් සපයන අතර යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මගින් ඉතිරි විද්‍යාත්මක උපකරණ සහ දියත් කිරීමේ සේවාව සපයයි. ඒ අනුව යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් යුරෝපයේ ප්‍රධාන රොකට් දියත් කිරීම් සමාගම වන Arianespace සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දුන් අතර ඒ සමාගමේ බලවත්ම සහ විශ්වාසනීයම රොකට්ටුව වන Ariane 5 ECA රොකට්ටුව මෙම දියත් කිරීමට තෝරා ගන්නා ලදී.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දුරේක්ෂයේ අවසන් එකලස් කිරීම භාරවූයේ ඇමරිකාවේ Northrop Grumman සමාගමටයි. වසර 25 ක සංවර්ධන කටයුතුවලින් පසු සියළු පරීක්ෂා කිරීම් අවසානයේ NG සමාගමේ කර්මාන්තශාලාවෙන් දුරේක්ෂය නැව් නැග්නේ සැප්තැම්බර් 26 වනදාය. කැලිෆෝනියා ජනපදයේ සිට පැනමා ඇළ හරහා ප්‍රංශ ගයනාවට ළගා වූ දුරේක්ෂය ඔක්තෝබර් 12 වනදා ගයනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගෙන එන ලදී.

හදිසි ආපදාව

දුරේක්ෂයේ පරීක්ෂා කිරීම් අවසානයේ එය රොකට්ටුවට සම්බන්ධ කිරීම සදහා Clamp Band එකට සම්බන්ධ කළ අතර නොවැම්බර් 22 වනදා හදිසියේම Clamp Band එක විවෘත වීමෙන් මුළු දුරේක්ෂයම කම්පනයට ලක් විය. මේ නිසා අමතර පරීක්ෂා කිරීම් සදහා දියත් කිරීම දින 4 කින් කල් දැමූ අතර දුරේක්ෂයට කිසිදු හානියක් වී නොමැති බව නොවැම්බර් 24 වනදා දැනුම් දෙන ලදී. ඉන්පසු නොවැම්බර් 25 වනදා දුරේක්ෂයට ඉන්ධන පිරවීම ආරම්භ කරන ලදී.

ඉතා විෂ සහිත හයිඩ්‍රසීන් ඉන්ධන කිලෝග්‍රෑම් 168 ක් සහ ඩයිනයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් ඔක්සිකාරක කිලෝග්‍රෑම් 133 ක් දුරේක්ෂයට පිරවූ අතර මෙම ඉන්ධන හා ඔක්සිකාරක ටැංකි සම්පීඩනයට ලක් කරනා හීලියම් වායුවත් අදාළ ටැංකිවලට පුරවන ලදී. දුරේක්ෂය හැරවීමට භාවිතා කරනා කුඩා රොකට් එන්ජින් (Thrusters) 16 ක් ඇති අතර ගමන් මාර්ගයේ වෙනස්කම් සිදු කරනා ප්‍රධාන රොකට් එන්ජින් 4 ක් ඇත. ඉන්ධන පිරවීමේ කටයුතු දෙසැම්බර් 3 වනදා අවසන් වූ අතර ඉන්පසු දුරේක්ෂය තමන්ව අභ්‍යවකාශයට ගෙන යන රොකට්ටුව මුණ ගැසීමට ගෙන යන ලදී.

ඝන ඉන්ධන බූස්ටර් දෙකක්, ද්‍රව හයිඩ්‍රජන්/ද්‍රව ඔක්සිජන් පළමු අදියරක් සහ ද්‍රව හයිඩ්‍රජන්/ද්‍රව ඔක්සිජන් දෙවන අදියරකින් සමන්විත Ariane 5 ECA රොකට්ටුවේ එකලස් කිරීම් ආරම්භ වූයේ නොවැම්බර් 6 වනදායි. ඉන්පසු රොකට්ටුව නොවැම්බර් 29 වනදා දුරේක්ෂය සම්බන්ධ කිරීමට අවසන් එකලස් කිරීම් ගොඩනැගිල්ල වෙත ගෙන ලදී. ඉන්පසු ඇති භාරදූරම කාර්යය වන්නේ ඩොලර් බිලියන 10 ක් වටිනා දුරේක්ෂය තට්ටු 15 ක් පමණ උස රොකට්ටුව මතට එසවීමයි. මෙම දොඹකරය ක්‍රියාකරවන පුද්ගලයින්ට ඇති වගකීම ඔබට සිතා ගත හැකිද?

දුරේක්ෂය රොකට්ටුවේ දෙවන අදියරට සවි කළ පසු  ඇති කාර්යය වූයේ දියත් කිරීමට පෙර මෙතෙක් පැවති ආරක්ෂක ආවරණ ගලවා ඉවත් කිරීමයි. එම කාර්යය ඊයේ (12) සිදු කිරීමට නියමිත වූ අතර අද (13)   දිනයේදී ස්විට්සර්ලන්තයේ RUAG Space සමාගම විසින් නිෂ්පාදනය කරන Payload Fairing ආවරණවලින් දුරේක්ෂය ආවරණය කරනු ඇත.. ඒ අනුව අදින් පසු James Webb දුරේක්ෂය දැක ගැනීමට කිසිවෙකුටත් හැකියාවක් නැත.

මේ සියළු කාර්යයන්ගෙන් පසු දෙසැම්බර් 15 වනදා Arianespace සමාගම විසින් දියත් කිරීමේ පෙරහුරුව සිදු කරනු ඇත. ඉන්පසු දෙසැම්බර් 17 වනදා දියත් කිරීම සදහා සියළු දේ සූදානම් දැයි පරීක්ෂා කිරීමේ අවසන් හමුව (Launch Readiness Review) පවත්වනු ඇත.

අවසන් රැස්වීම

මෙය දුරේක්ෂය සහ රොකට්ටුව සම්බන්ධ සියළු පාර්ෂවයන් එක්ව සිදු කරන රැස්වීමක් වන අතර එහිදී සියළුම පද්ධතිවල තත්ව පරීක්ෂා කිරීම් අධ්‍යයනය කර අවසානයේ දියත් කිරීම සදහා අනුමැතිය ලබා දෙනු ඇත. ඉන්පසු සියළු දෙනා සති අන්තය තරමක් සැහැල්ලුවෙන් ගත කරන අතර ඉන්පසු ලබන සදුදා (20) James Webb දුරේක්ෂය රැගත් Ariane 5 ECA VA256 රොකට්ටුව දියත් පුවරුව වෙත ප්‍රවාහනය කරනු ලැබේ.

ඉන්පසු ඔවුන්ගේ වේලාවෙන් 21 වනදා රාත්‍රියේ (ලංකාවේ වේලාවෙන් 22 වනදා අළුයම) පැය 12 ක දියත් කිරීමේ ක්‍රියාපටිපාටිය ආරම්භ කරනු ලබයි. රොකට්ටුවේ අදියර දෙකටම ඉන්ධන පුරවන අතර අවසානයේ ලංකාවේ වේලාවෙන් දෙසැම්බර් 22 වනදා ප.ව. 05.55 ට James Webb දුරේක්ෂය අභ්‍යවකාශ ගත වනු ඇත.

රොකට්ටුව විසින් නියමිත ප්‍රවේගය ලබා දීමෙන් පසු, දියත් කිරීමෙන් පැය බාගයකට පසු, දුරේක්ෂය රොකට්ටුවෙන් වෙන් වෙයි. ඉන්පසු එයට පෘථිවියේ සහ සූර්යයාගේ ගුරුත්වාකර්ෂණයන් සමබර වන සූර්ය-පෘථිවි L2 ලක්ෂ්‍ය බලා මාසයක පමණ චාරිකාවක් ඉතිරිව ඇත.

මෙම ස්ථානය ගැන වැඩිදුර තොරතුරු

මෙම කාලය තුළ හකුළා තිබූ දර්පණ, සූර්ය පැනල, තාප ආවරණය ආදිය දිගහැරිය යුතු වේ. මෙම කාර්යය ඉතා සංකීර්ණ ක්‍රියාවලියකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙන්මාර්කයේ හිටපු අමාත්‍යවරියක් සිරගෙට

Next Post

දියර පොහොර කෑන් පුපුරනවා නම් එහි ප්‍රමිතියක් නෑ…  මහාචාර්ය බුද්ධි මාරඹේත් කියයි!

Related Posts

විද්‍යා හා තාක්ෂණ

NASA ආයතනයෙන් සඳ මත මිනිස් ජනාවාසයක් හැදීමේ ඓතිහාසික මාර්ග සිතියම එළිදක්වයි: 2026 දී විශේෂ කාර්ගෝ මෙහෙයුම් 3ක් සඳේ දක්ෂිණ ධ්‍රැවයට!

මැයි 27, 2026
විද්‍යා හා තාක්ෂණ

චීනයේ සෙරෙස් (Seres) සමාගමෙන් මෝටර් රථ තුළටම වැසිකිළි පහසුකමක්!…

අප්‍රේල් 18, 2026
Gen-Z-Vs-Gen-Y
විද්‍යා හා තාක්ෂණ

මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට මිනිස්  බුද්ධිය හැකිලෙයි!  තාක්ෂණය අපව ගෙනයන්නේ කොතැනට ද?… අමෙරිකානු පර්යේෂණයකින් හෙළි කරන බිහිසුනු කතාවක්…

පෙබරවාරි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.