ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන නිකුත් කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉන්ධන හිඟයක් ඇති වීමත් සමග බෙදා හැරීමේ කටයුතු පහසු කිරීම සඳහා මෙම ක්‍රමෝපාය යොදා ගැනීමට බලධාරීහු කටයුත කළහ.
ඒ අනුව අද සිට ඉන්ධන මිලදී ගැනීමට QR ක්‍රමෝපාය අවශ්‍ය වන්නේ නැති බව ඇමතිවරයා ප්‍රකාශ කළේය.