සයිනොපෙක් ශ්‍රී ලංකා (SINOPEC Lanka) ශ්‍රී ලංකාව සඳහා සිය සිල්ලර ඉන්ධන මිල ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව,
ඔක්ටේන් 92 පෙට්‍රල් (ලීටර් 1) රු. 358.00
ඔක්ටේන් 95 පෙට්‍රල් (ලීටර් 1) රු. 414.00
ඔටෝ ඩීසල් (ලීටර් 1) රු. 338.00
සුපර් ඩීසල් (ලීටර් 1) රු. 356.00
භූමිතෙල් (ලීටර් 1) රු. 231.00
SINOPEC Lanka ඊයේ (අගෝස්තු 31) මත්තේගොඩ ප්‍රථම බලයලත් පිරවුම්හල සමඟින් නිල වශයෙන් මෙහෙයුම් ආරම්භ කළේය.
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම පිළිබඳ දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සමඟ මැයි මාසයේදී අත්සන් කිරීම යටතේ, සිනොපෙක් සමාගමට ඉන්ධන පිරවුම්හල් 150ක් ක්‍රියාත්මක කිරීමට වසර 20ක බලපත්‍රයක් ලබා දී ඇත. නව ඉන්ධන පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීමටද හැකියාව ඇත.







