ඊයේ රාත්‍රියේ ඩීසල් මිල ඉහළ දැමීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද (01) ප්‍රකාශ කළේය.
ජාතික ප්‍රතිපත්තියේ මිල සූත්‍රය අනුව බස් ගාස්තුවට බලපෑමක් සිදු වන බවත් ඒ අනුව බස් ගාස්තුව වැඩි වීමේ ප්‍රවණතාවක් තිබෙන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
අද පස්වරුවේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතය සහ දිනය තීරණය කරන බව ඔහු පැවසීය.









