බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

PTA වෙනුවට ගෙනන නව නීතියට මහජන අදහස් ගන්න  සති දෙකක් වෙනුවට මාස 02ක් දීලා තියනවා… අවශ්‍ය නම් මහජන අදහස් අනුව පනතේ නමත්  වෙනස් කරනවා… අධිකරණ ඇමති කියයි!

by editor
ජනවාරි 30, 2026
in පුවත්
Harshana
Share on FacebookShare on Twitter

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකොට, ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව නීතියක් ගෙන ඒම සඳහා වූ මහජන අදහස් ලබා ගැනීම සති දෙකකට සීමා නොකර ලබන පෙබරවාරි 28 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බවත්, අවශ්‍ය නම් ජනතා අදහස් මත නීතියේ නම පවා වෙනස් කළ හැකි බවත් අධිකරණ ඇමති  හර්ෂණ නානායක්කාර අද ප්‍රකාශ කළේය.

විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමතිවරයා අවධාරණය කළේ රියෙන්සි අර්ස කුලරත්න ජනාධිපති නීතිඥවරයාගේ මූලිකත්වයෙන් වූ කමිටුවක් අවස්ථා 33ක දී රැස්වී මේ සම්පාදනය කර ඇත්තේ ජනතා අදහස් ලබා ගැනීම වෙනුවෙන් සකස් කළ කෙටුම්පතක් මිස අවසානාත්මක ලියැවිල්ලක් නොවන බවය.

ඇමතිවරයා මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් මෙසේ කීවේය.

“පසුගිය දෙසැම්බර් මාසයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකොට ත්‍රස්වාදය වැළැක්වීම සඳහා නව නීතියක් ගෙන ඒමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරනු ලැබුවා.

මෙය අධිකරණ අමාත්‍යාංශය ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහත්මයාගේ ප්‍රධානත්වයෙන් යුක්ත කමිටුවක් තිස් තුන් වතාවක් එකතු වෙලා සම්පාදනය කරපු කෙටුම්පතක්.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සාමාන්‍යයෙන් අපේ  රටේ මහජන අදහස් විමසීමේ කාලයන් නීතියක් සඳහා දෙනවා අඩුයි.    ත්‍රස්වාදය වැලැක්වීමේ පනත ඓතිහාසිකවම සංවේදී කාරණාවක් වුන නිසා  මේ අවස්ථාවේ  දී අධිකරණ අමාත්‍යාංශයත් රජයත් තීන්දු කළා සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන සුමාන දෙකට අමතරව  වැඩිපුර කාලයක්  ජනතා අදහස් විමසීම සඳහා  ලබා දිය යුතු බව.

එම හේතුව නිසා ගිය දෙසැම්බර් මස මෙය භාෂා ත්‍රිත්වයෙන්ම එළි දක්වලා තිබෙනවා. ඒ එළි දක්වලා තියෙන්නෙම ජනතාවගේ අදහස් අභිලාෂ මේකට එකතු කරගන්න අවශ්‍ය නිසා. ඒ කාලය  පෙබරවාරි 28 වැනිදා දක්වා තිබෙනවා.

මේ වනවිට ඇත්තේ  මේක අවසාන ලියවිල්ල හෝ අවසානාත්මක දේ  නොවෙයි. මහජන අදහස් විමසීම සඳහා  මෙය පවතින්නේ කෙටුම්පතක් වශයෙන්. ඒ සියලුම මහජන අදහස් නැවත කමිටු එක් වී සමාලෝචනයකොට මෙම පනත සංශෝධනය කරන්නට  වෙනස් කරන්නට හැකියාව තිබෙනවා.

අවශ්‍ය නම්  පනතේ නම පවා වෙනස් කරන්නට හැකියාව තියනවා. මොකද මහජන අදහස් විමසීමේ මූලික පරමාර්ථය වෙන්නෙත් එයමයි.

දැන් මේ වනවිට සිවිල් සංවිධාන රාශියක් මෙහෙ ඉන්න එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඇතුළු නොයෙකුත් සංවිධානවල අදහස් ඒ වගේම මහජන අදහස්  රාශියක් මේ වනවිටත් ඊ මේල් හරහා සහ සාමාන්‍ය විදිහට අමාත්‍යාංශ ලේකම් තුමියට භාර දීලා තියනවා.  ඒ සියල්ලම මේ  දවස්වල අධීක්ෂණය කරමින් පවතිනවා.

මේ සියල්ලන්ගෙන්ම පස්සේ තමයි අලුත් පනත ගෙනඒමේ  වැඩ කටයුත්ත සිද්ධ වෙන්නේ. “

මේ සම්බන්ධව මාධ්‍ය හරහා පුවත්පත් හරහා විවේචන සහ අදහස් දැක්වූ අයට ස්තුතිවන්ත වන බවත් තවත් මාසයක කාලයක් ඇති බැවින් තවත් අදහස් එවන ලෙසත් ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

පෙබරවාරි 28න් පසු කමිටුව එක් වී සියලුම සාධනීය අදහස් හා යෝජනා සලකා බලා අවශ්‍ය ආකාරයට වෙනස් කරගැනීමේ හැකියාව ඇති බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත උපාධිධාරීන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්…  උපවාසය නවත්වන්නැයි රජය ඉල්ලයි!

Next Post

උතුරුමැද පළාත් ආණ්ඩුකාරයාගේ හිතවත්කම් ඇති ගුරුවරියක් විදුහල්පතිට වට්ස් ඇප් පණිවිඩයක් යවා පාසලෙන් මාරු වී ගිහින්… කලාප කාර්යාලයවත් මාරු වීම ගැන දන්නේ නෑ…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.