බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරුමැද පළාත් ආණ්ඩුකාරයාගේ හිතවත්කම් ඇති ගුරුවරියක් විදුහල්පතිට වට්ස් ඇප් පණිවිඩයක් යවා පාසලෙන් මාරු වී ගිහින්… කලාප කාර්යාලයවත් මාරු වීම ගැන දන්නේ නෑ…

ගුරුවරයාගේ වගකීම කුමක් ද?... අම්මලා තාත්තලා පාරට බසිති...

by editor
ජනවාරි 30, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

  • වැලිකන්ද  කොට්ඨාසයේ  මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ තුන ශ්‍රේණියේ දරුවන් අනාථයි… දිඹුලාගල කලාප කාර්යාලය වටලා  මව්පියවරු උද්ඝෝෂණයක…

වැලිකන්ද කොට්ඨාසයේ මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ තුන්වෙනි ශ්‍රේණි‍යේ ඉගැන්වීමට සිටි ගුරුවරිය ඊයේ (29 )   විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට whatsapp පණිවිඩයක් යොමුකර හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයට මාරුවීමක් ලබා ගැනීමත් සමග සිය දරුවන් අසරණ කර ඇති ආකාරයට විරෝධය පාමින් අද එම විද්‍යාලයේ දරුවන්ගේ දෙමව්පිය පිරිසක් දිඹුලාගල අධ්‍යාපන කලාපයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් විරෝධතාවයක නිරත වූහ.

මීට වසර දෙකහමාරකට පෙර පැමිණි මෙම ගුරුවරිය වැලිකන්ද කලාප කාර්යාලය හෝ දැනුම්වත් නොකර මෙම මාරුව ලබා ගෙන ඇත්තේ සේවයේ  වසර පහක් සම්පූර්ණ වීමටත් පෙර බවත්, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා සමග ගුරුවරිය සහ ඇයගේ ස්වාමියාගේ පවතින සම්බන්ධතාවයක් මත ඇය මෙම මාරුවීම ලබාගෙන ඇති බවත් දෙමවුපියෝ චෝදනා කරති.

වැලිකන්ද මහසෙන්පුර සිරි මහසෙන් විහාරාධිපති පූජ්‍ය අලුත්වැවේ සේනාලංකාර නාහිමියන්ද පෙරටු කොට ගනිමින්   කළ මෙම විරෝධතාවය අතර නාහිමියන් සහ දෙමව්පියන් කීප දෙනෙක් දිඹුලාගල අධ්‍යාපන කාර්යාලයට ගොස් සාකච්ඡා කිරීමේ දී එම කලාප කාර්යාලයේ නිලධරීන් පවසා ඇත්තේ අදාල ගුරුවරියගේ මාරු වීම සම්බන්ධව කලාප කාර්යාලය කිසිම දැනුම්වත් විමක් නොමැති බවය.

මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලයේ එක වසරේ සිට පහවසර දක්වා දරුවන් 139 දෙනකු අධ්‍යාපනය ලබන අතර ඒ සඳහා ගුරුවරු හතරක් සේවය කරති.

වැලිකන්ද කොට්ඨාසයේ දුෂ්කර පාසලක් වුවත් පසුගිය වසරේ හොඳම ශිෂ්‍යත්ව ප්‍රතිඵල පෙන්වූ තම සිසුන්ට ඉගැන්වීම් කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබාදීමට විශාල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවත්, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට වෙනත් පාසලට යැවීමට ආර්ථික වත්කමක් නොමති බවත්, මෙම තත්ත්වය මත විද්‍යාලයේ ගුරු පුරප්පාඩුව ඉතා කඩනිමින් පියවීමට කටයුතු කරන ලෙසත් දෙමව්පියවරු  ඉල්ලීමක් කළහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ගුරු හිඟයට විසඳුමක් ලෙස ඉදිරියේදී ගුරුවරියක ලබාදෙන බවට බලධාරීන් ලබාදුන් පොරොන්දුවක් සමග විරෝධතාවය අවසන්  විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

PTA වෙනුවට ගෙනන නව නීතියට මහජන අදහස් ගන්න  සති දෙකක් වෙනුවට මාස 02ක් දීලා තියනවා… අවශ්‍ය නම් මහජන අදහස් අනුව පනතේ නමත්  වෙනස් කරනවා… අධිකරණ ඇමති කියයි!

Next Post

නව විගණකාධිපති නම අද ව්‍යවස්ථා සභාවට!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.