බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

2016 රාජගිරිය රිය අනතුර: රියදුරු අසුනේ සිටියේ පාඨලී චම්පික බව පළමු සාක්ෂිකරු හඳුනාගනියි!

by editor
මැයි 5, 2026
in පුවත්
patali
Share on FacebookShare on Twitter

2016  වසරේ දී රාජගියේ දී සංගීත් සම්පත් නැමැති තරුණයා බරපතල අනතුරකට ලක් කළ රිය අනතුරේ රියදුරු අසුනේ ගමන් කළේ පාඨලී චම්පික රණවක බව පැමිණිල්ලේ පළමු සාක්ෂිකරු අද සාක්ෂි දෙමින් පැවසුවේය.

අපරික්ෂාකාරී රිය පැදවීමෙන් සිදුකළ අනතුරක සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අදාලව ගොනු ඇති නඩුව අද විභාගයට ගැනුණේ කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රමගේ මෙහෙයවීමෙන් පැමිණෙල්ලේ පළමු සාක්ෂිකරුගේ සාක්ෂි සටහන් කර ගැනුණි.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රිය අනතුර සිදුවු දිනයේය සිදුවු සිදුවීම් පිළිබඳව අධිකරණයේ දී අද ප්‍රශ්න කරනු ලැබුවේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් –  ඔබ අනතුරක් වෙලා කියලා දැන ගත්තේ  කෙසේ ද?

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පළමු සාක්ෂිකරු – මම  යාලුවෙක් එක්ක බයික් එකේ යනකොට ඉස්සරහා දුමක් වගේ තියනවා දැක්කා. එතකොට මම හිතුවා ඇක්සිඩන්ට් එකක් කියලා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඊට  පස්සේ ඔබ මොනවද කළේ

පළමු සාක්ෂිකරු – ඊට පස්සේ මම එතෙන්ට ගියා.  එතකොට මම අඳුනා ගත්තා ඒ සංදීප් කියලා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඊට පස්සේ මොකද කළේ.

පළමු සාක්ෂිකරු – ඊට පස්සේ වාහනයක් කතා කරලා සංදීප්ව හොස්පිටල් යැව්වා.

රිය අනතුර සිදු කරපු වාහනය මොකක්ද කියලා දැනගත්තේ කොහොම ද? – එතන හිටිය කට්ටිය කිව්වා අර තියෙන්නේ හප්පු වාහනය කියලා. එතකොට මම යාලුවා එක්ක පිටිපස්සේන් ෆලෝ කලා නවත්වන්න නවත්වන්න කියලා කෑ ගගහ…

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඊටපස්සේ වාහනය නැවැත්තුව ද?.

පළමු සාක්ෂිකරු – අපි ජීප් එක ඕවර්ටේක් කරලා බයික්  එක නැවැත්තුවා. නැවැත්තුවට පස්සේ මම වාහනය ලඟට ගිහින් පැසෙන්ජර් සීට් එක පැත්තෙන් වාහනයේ ඩෝ එක ඇරලා ඩ්‍රයිවිං සීට් එකේ හිටපු කෙනාට ගහන්න හැදුවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඔබ ගහන්න හැදුවා ද?

පළමු සාක්ෂිකරු  – ඔව්… ගහන්න හැදුවා. ඒත් ගැහුවේ නෑ. මම අයිඩි ලයිෂන් දෙන්න කියලා බැන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඒ අවස්ථාවේ රියදුරු අසුනේ හිටපු පුද්ගලයා මොන වගේ ද?

පළමු සාක්ෂිකරු – උසයි . කළු ෂර්ට් එකක් අඳලා සන්ග්ලාස් දාලා හිටියේ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඔබ ඔහුව අඳුනා ගත්ත ද?

පළමු සාක්ෂිකරු – නෑ… මම පුද්ගලයා මෙයා කියලා ඒ වෙලේ අයිඩින්ටිෆයි කරගත්තේ නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් – ඊට පස්සේ මොකද වුනේ

පළමු සාක්ෂිකරු – මම ගහන්න හැදුවා. කෑ ගැහුවා. බැන්නා  අයි.ඩී ලයිසන් එක දෙන්න කියලා. එතකොට ඩ්‍රයිවින් සීට් එකේ හිටපු කෙනා කිව්වා මම පාඨලී චම්පික. එන්න මාත් එක්ක බොරැල්ල පොලිසියට යන්න කියලා.

මේ අවස්ථාවේ දී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න පළමු සාක්ෂිකරුගෙන් සාක්ෂි විමසීම සම්බන්ධව මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය. ඔහු පැවසුවේ මීට අදාලව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩුවක් විභාග කළ අතර එම නඩුවෙ දී දෙවැනි විත්තිකාර දිනිල් තුසිත කුමාර වරද භාර ගැනීමෙන් පසු දඬුවම්ද නියම කර තිබෙන බවය.

මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව මෙම නඩුකරයට බාධාවක් නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදි කියා සිටියේය.

අනතුරුව විත්ති කූඩුවේ සිට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඔහුගේ රියදුරුවන දිලුම්  තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සුදත් අස්මඩල යන අය පෙන්වා අනතුර සිදුවූ දින රියදුරු අසුනේ සිටි පුද්ගලයා විත්ති කූඩුවේ සිටී දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සාක්ෂිකරුගෙන් විමසුවේය.

එහිදී සාක්ෂිකරු ඇඟිල්ලක් දිගු කරමින් ඔව්… අර ඉන්නේ යනුවෙන් පවසා විත්ති කූඩුවේ සිටි පාඨලි චම්පික රණවක පෙන්වූයේය.

විත්තිකාර පාඨලී චම්පික රණවකගේ රියදුරාවන දිලුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසුවේය. අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ වැඩිදුර සාක්ෂි විභාගය හෙට දක්වා කල් තබන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් මිලියන 2.5 අස්ථානගත වීම… පාර්ලිමේන්තුවේ දී සජිත් අහපු ප්‍රශ්න පත්‍රයට අනිල් දුන්න උත්තර ටික කියවන්න….

Next Post

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන අසත්‍ය ප්‍රකාශ කළ   ගම්මන්පිලට එරෙහිව නීතිමය පියවර ගන්නේ ඇයි- පොලිසිය කියන කතාව!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.