බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන 2.5 අස්ථානගත වීම… පාර්ලිමේන්තුවේ දී සජිත් අහපු ප්‍රශ්න පත්‍රයට අනිල් දුන්න උත්තර ටික කියවන්න….

by editor
මැයි 5, 2026
in පුවත්
anil-sajith
Share on FacebookShare on Twitter

ඩොලර් මිලියන 2.5ක රාජ්‍ය ණය මුදලක් අස්ථානගතවිම සම්බන්ධ  විමර්ශනය සිදුකරන ස්වරූපය අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත් වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැති බවත් මෙම ණය ගෙවීමමේදී සිදුවූ ගැටලුව හේතුවෙන් ශ්‍රි ලංකා රජය තාක්ෂණික ණය පැහැර හරින්නෙක් බවට පත් වීමේ අවස්ථාවක් නොමැති බවත්  නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ ස්ථාවර නියෝග 13/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයට දීර්ඝ සහ පැහැදිලි පිළිතුරක් ලබා දෙමිනි. විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්න සහ නියෝජ්‍ය මුදල් ඇමතිවරයා විසින්  එම පිළිතුරු පූර්ණ වශයෙන් මෙසේය.

පළමු ප්‍රශ්නය –  (දේශීය හා විදේශීය රාජ්‍ය ණය කළමනාකරණයට අදාළ දැනට පවත්නා නීති හා එම නීති බලාත්මක කිරීමට වගකීම ඇති ආයතන ඉදිරිපත් කරන්න)

නියෝජ්‍ය මුදල් ඇමති –  රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පවතින 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත හා  දේශීය හා විදේශීය ණය කළමනාකරණය සඳහා පවතින   2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත මෙහි ප්‍රධාන නීතිමය රාමුව වේ.

එම නීති බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය වෙත වගකීම් පැවරී තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

විපක්ෂ නායක –  2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත සම්මත වූ දින සිට අද දක්වා ණය ගෙවීම් කළමනාකරණ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ආයතන අතර වෙනස් වූ ආකාරය දින වකවානු සහිතව ඉදිරිපත් කරන්න –

නියෝජ්‍ය මුදල් ඇමති – මෙම නීති රාමුව යටතේ 2025 දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේනතුව විසින් රාජ්‍ය ණය කළමනාකරණයේ වගකීම දරන ලද අතර එම ක්‍රමවේදයේ කිසිම වෙනසක් නොමැතිව 2026 ජනවාරි 01 දා සිට රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් රජයේ ණය කළමනාකරණය සඳහා අදාල වගකීම් ඉටු කිරීම ආරම්භ කරනු ලැබුවේය.

දෙවැනි ප්‍රශ්නය. – රාජ්‍ය මූල්‍ය කාරක සභාවට වාර්තා කළ පරිදි ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවීම් 10ක් තුළ අහිමි වී ඇති බවත් දැනට සනාථ කර ගත් තොරගුරු අනුව එම එක් එක් ගෙවීම් සිදු කර දිනයන් ඉදිරිපත් කරන්න

නියෝජ්‍ය මුදල් ඇමති – ගෙවීම් සිදුකළ දිනයන් මෙසේය.

  • 2025 නොවැම්බර් මස 14 වැනිදා ඩොලර් හත් ලක්ෂ දහ තුන් දහස් හත්සිය පනස් හතක් වන වව්චර් තුනකි.
  • 2025 නොවැම්බර් මස 28  වැනිදා තුන්  ලක්ෂ  හැත්තෑ හත් දහස් හයසිය හැටකි.
  • 2026 ජනවාරි මස 05 වැනිදා ඉන්වොයිස් පහකින් හාර ලක්ෂ විසි දහස් දෙසීය දහයකි.
  • 2026 ජනවාරි 20 වැනිදින නව ලක්ෂ අනූ හත් දහස් හත්සිය අනූ නවයකි.

තුන්වැන් ප්‍රශ්නය. – මෙවැනි ණය ගෙවීම් සිදුකිරීමේ සම්මත ක්‍රියාපටිපාටියේ පියවර ඉදිරිපත් කරන්න

නියෝජ්‍ය මුදල් ඇමති –     ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලය තුළ අනුගමනය කරනු ලැබූ සම්මත ක්‍රියා පටිපාටිය – ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් 2025 දෙසැම්බර් 31 වැනි දක්වා ක්‍රියාත්මක කළ අතර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් 2026 ජනවාරි මස 01 වැනිදා සිට එලෙසෙම පවත්වාගෙන එන්නේය.

  • ණය හිමියන්ගෙන් ලැබෙන ඉන්වොයිස් පත් විද්‍යුත් තැපෑල මගින් ලබා ගැනීම මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.
  • විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලැබෙන ඉන්වොයිස් පත් හි මුදල් ප්‍රමාණය CSDRMS (The Common Wealth Dead Record Management System ) දත්ත පද්ධතියේ ණය සේවා පුරෝකථනය හා සසඳා සත්‍යාපනය කිරීම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් සිදුකරයි.
  • අදාල ගිනුම් විස්තර ලබා ගැනීම සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමග සහ විදේශීය මුදල් වෙන්කිරීම සඳහා ශ්‍රි ලංකා මහ බැංකුව සමග සම්බන්ධීකරණය සිදු කිරීමත් රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.
  • මේ සියලු තොරතුරු සත්‍යාපනය කිරීමෙන් අනතුරුව සංචිත නොවන කළමනාකරණ පද්ධතිය (Non-reserve management system) වෙත අදාල දත්ත ඇතුළත් කර අදාල ණය කළමනාකරණ කාර්යාලය මගින් සිදුකරයි.අනතුරුව අරමුදල් නිදහස් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකරයි.

විපක්ෂ නායක – ඒ පියවරයන් හි වගකිවයුතු ආයතන හා නිලධාරීන් ඉදිරිපත් කරන්න

නියෝජ්‍ය මුදල් ඇමති –  මෙම ගෙවීම් සඳහා වගකීම් දරන්නේ කවුද යන්න පිළිබඳ පරීක්ෂණ මේ වනවිට සිදුවෙමින් පවතී.

4 වැනි ප්‍රශ්නය –  මේ සිද්ධිය අනාවරණය වූ දිනය කවදාද?

නියෝජ්‍ය මුදල් ඇමති –  සිද්ධිය අනාවරණය වන දිනය – සිද්ධිය අනාවරණය වන්නේ 2026 මාර්තු 23 වැනිදා ය. මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දුන් අතර මෙම විමර්ශනවලින් ලැබුණ තොරතුරු බී වාර්තාවක් මගින් අධිකරණය වෙත දැනටමත් වාර්තා කර තිබේ.

විපක්ෂ නායක –  සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුම්වත් නොකර මගහැරයේ කවර හේතු නිසා ද?

නියෝජ්‍ය මුදල් ඇමති –  පාර්ලිමේන්තුව අප්‍රේල් මස අවසන් සතියේ දී රැස් නොවූ නිසා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අවස්ථාවක් නොමැති විය. මේ සම්බන්ධව අඛණ්ඩව පරීක්ෂණ පවත්වාගෙන යන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  වෙත වාර්තා කිරීම මෙන්ම අභ්‍යන්තර කමිටුවක් මගින් පරීක්ෂණයක් කර එම කමිටුවෙන් අනාවරණය වන තොරතුරු මත නිලධාරීන් සිවු දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

ඒ අනුව කිසිම අයුරකින් මේ කරුණු වාර්තා කිරීම මග හැරීමක් සිදුකර නැත.

5 වැනි ප්‍රශ්නය – අපාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන්නට ප්‍රමාද වූයේ ඇයි?

නියෝජ්‍ය මුදල් ඇමති –  ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයට මෙය වාර්තා කරන්නේ 2026 ජනවාරි මස 09 වැනිදාය. එය ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පිටපත් කරන්නේ එදිනමය. අනතුරුව ඔස්ට්‍රේලියාවේ Export Finance ආයතනය, ( ණය හිමියා ) මුදල් නොලැබුන බව වාර්තා කරන්නේ 2026 මාර්තු 23 වැනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2026 මාර්තු 24 සිදුකරනු ලබන්නේය.

මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයට 2026 අප්‍රේල් 01 වැනිදා වාර්තා කරනු ලබන්නේය.

6 වැනි ප්‍රශ්නය. – මේ සම්බන්ධයෙන් පැමිණි කළ දිනය, පැමිණි අංකය සහ පැමිණිල්ල ඉදිරිපත් කළ අය කවුද?

නියෝජ්‍ය මුදල් ඇමති – 2026 මාර්තු 24 වැනි දින අදාල පැමිණිලි අංකය C51/26/CR  අධිකරණයට මේ සම්බන්ධ බී වාර්තාවක් ඉදිරිපත් කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් 2026 මාර්තු 24 සිදුකරනු ලබන්නේය. මේය කුමණ ගනයේ වරදක් ද යන්න තීන්දු කිරීමට අදාල ආයතන විසින් සිදුකරමින් පවතී.

7 වැනි ප්‍රශ්නය – මෙම මුදල් අස්ථානගතවීමත් සමග අයිඑම්එෆ් ගිවිසුම ප්‍රකාරව තාක්ෂණික ණය පැහැර හැරීමක් සිදුකර ඇත්නම් ඉන් මිදීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?

නියෝජ්‍ය මුදල් ඇමති –   මේ සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුගත කරණයට සම්බන්ධ වූ උපදේශකයින් දැනුම්වත් කර මෙය තාක්ෂණික ණය පැහැර හැරීමක් ද යන කාරණය පිළිබඳ අදහස් ලබාගෙන ඇත. ශ්‍රී ලංකාව විසින් ගෙවන ලද මුදල ඔස්ට්‍රේලියානු ණය හිමියා වෙත නොලැබී ඇතත් ණය ගෙවීමේ නොහැකියාවක් හෝ  ණය ගෙවිම පිළිබඳ කිසිදු අකමැත්තක් ශ්‍රී ලංකා රජයට නොමැති බැවින්, ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා රජය සමග ඉතාම සමීපව කටයුතු කරන බැවින් හා මෙය සයිබර් අපරාධකරුවන් විසින් කරන ලද්දක් බැවින් මේ ණය පැහැර හැරීමක් ලෙස ඔස්ට්‍රේලියාව සහ පැරිස් ක්ලබ් සාමාජික රටවල් විසින් නොසලකා හරිනු ඇති බවට ණය ප්‍රතිව්‍යුගත කරනු ලැබූ උපදේශකයන් විසින් රට දැනුම්වත් කර ඇත.

8වන ප්‍රශ්නය. – මුදල් අමාත්‍යාංශයේ ලේකම් තනතුරුවල සිටියදී පරීක්ෂණ ස්වාධීනව සිදු කරන්නේ කෙසේද?

නියෝජ්‍ය මුදල් ඇමති –  මේ සම්බන්ධව පරීක්ෂණ සිදු කරන්නේ හෝ   ක්‍රියාකාරකම්වලට  භාජනය වන ආයතන දෙක වන්නේ මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවත්, රජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයත් ය. එබැවින් සාධාරණ පරික්ෂණ සිදුකිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා තනතුරේ සිටීම බාධාවක් නොවේ.

නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීම පිළිබඳව පරීක්ෂණවලින් ලැබෙන තොරතුරු මත අදාල නිගමනයන් සහ ක්‍රියාමාර්ග ගනු ඇත.

ඒ ලෙසම කලින් දැනුම් දුන් පරිදි අමාත්‍යාංශ නිවේදන යටතේ තවත් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිදහසින් පසු ඉතිහාසයේ පළමු වරට ලක් රජය කළ ණය පියවීමක දී මුදල් අතුරුදහන් වෙලා… පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් අවශ්‍ය බව විපක්ෂ නායක කියයි!

Next Post

2016 රාජගිරිය රිය අනතුර: රියදුරු අසුනේ සිටියේ පාඨලී චම්පික බව පළමු සාක්ෂිකරු හඳුනාගනියි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.