බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන වැඩි කළේ ගල් අඟුරු වංචාවේ පාඩුව වහන්න… සලෙයි අත් අඩංගුවට ගත්තේ දෙමළ ඩයස්පෝරාව සනසන්න…  නාමල් හෙළි කරයි!

by editor
මාර්තු 22, 2026
in පුවත්
namal
Share on FacebookShare on Twitter

ගල් අඟුරු හොරකමෙන් සිදුවූ පාඩුව වසා ගැනීමට ඉන්ධන මිල වැඩි කර ජනතාව මත දැවැන්ත බරක් පැටවූ ආණ්ඩුව දෙමළ ඩයස් පෝරාව සැනසීම සඳහා හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි අත් අඩංගුවට ගත් බවත්, බොරු සාක්ෂි හදා රට බේරාගත් ජනාධිපතිවරවරයා හිරේ විලංගුවේ දැමීමට සූදානම් වන බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පවසන්නේ මේ වනවිට මේ දූෂිත ආණ්ඩුව ඉන්ධන මිල දී ගන්නේ අද ලෝක වෙළෙඳපලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් බවය.  ආණ්ඩුවේ මෙම දූෂිත මෙන්ම මර්ධනකාරී වැඩපිළිවෙළට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් නාමල් රාජපක්ෂ පැවසුවේය.

ඔහුගේ මාධ්‍ය අංශය නිකුත් කර ඇති දීර්ඝ ප්‍රකාශයක් අතර නාමල් රාජපක්ෂ මෙසේත් පවසා තිබෙන්නේය.

“ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. හැබැයි ගල්අඟුරු ගැන එක වචනයක්වත් කතා කරේ නෑනේ. ඉතිං පැහැදිලිවම බාල ගල් අඟුරු ගෙනාව බවට අද මුළු රටම ලෝකයම දන්නවා.  අවසානයේ ඒකෙන් වෙච්ච පාඩුව වහගන්න තෙල් වල මිල වැඩි කරලා ඒක ජනතාවගේ පිටට දානවා. විදුලි බිල වැඩි කරලා ඒකත් ජනතාව ට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා..

දැන් කලින් කිව්වේ කොහොමද තමන්ට හිතවත්තු ඉන්නවයි කිව්වා.ඒ අය එක්ක සාකච්ඡා කරනවා කිව්වා තෙල් මිලදී ගන්න. හැබැයි අද මිලදී ගන්නේ කොහොමද?. අද ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් තමයි ඩීසල් මිලදී ගන්නේ.    හැබැයි කලින් කිව්වේ මිත්‍රශීලී රටවල් එක්ක සාකච්ඡා කරලා  අඩුවට තෙල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. හැබැයි එහෙමවත් කරන්න උත්සාහයක් දක්වන්නෙ නැතුව ජනතාවට එක කාරණයක් කියලා වෙන කාරණයක් කරන්න පෙළඹෙන ආණ්ඩුව තවදුරටත් අපිට මඩ ගැහුව කියල ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නෑ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මරණ තර්ජනය කර සාක්ෂි ගැනීම

ශ්‍රී ලංකන් හිටපු සභාපති කපිල චන්ද්‍රසේන විසින් සිදුකළ ලෝක ප්‍රකට එයාර් බස් වංචාව සම්බන්ධව විමර්ශනයට අදාලව කපිල චන්ද්‍රසේන විසින් අල්ලස් කොමිසමේ සභාපතිවරයාට එරෙහිව  ලබා දුන් දිවුරුම් ප්‍රකාශය සම්බන්ධව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා කතා කළේය.

“රටේ වගකිවයුතු නිලධාරීන් මරණ තර්ජනය කරලා කට උත්තර ලියාගන්නවනම් පොලිස්පතිවරයාත් ඒකට සහයෝගය දෙනව නම් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් ඒ පිටිපස්සේ නම් ඉන්නේ අපි කාගේ ගාවටද යන්නේ? ඉතින් එතනින් එහාට අපට සාධාරණයක් ගන්න මොන ආයතනය ද තියෙන්නේ.  ඒ හින්ද තමයි මම පැහැදිලිවම කියන්නේ මේ කරන වැඩෙන් වෙන්නේ මේ ස්වාධීන  ආයතනය කෙරෙහි තියෙන විශ්වාසය බිඳවැටෙනවා . අපි ආණ්ඩුවටත් කියන්නේ කරුණාකරලා සාධාරණව පරීක්‍ෂණ කටයුතු කරන්න. “

“දැන් එක් පුද්ගලයෙක් එල්ලිලා මැරිච්ච කාරණාවකුත් ඒ සම්බන්ධව සඳහන් වෙනවා. එල්ලිලා මැරෙන තැනට යනකම් පීඩනයක් දීලා තියෙනවා .එල්ලිලා මැරෙන තැනට ඔහුව තල්ලු කරලා තියෙනවා. අර අසූ අට අසූ නමය වගේ දැන් රජයේ ස්වාධීන ආයතන තුළත් එවැනි පීඩනයක් දීලා බොරු සාක්ෂි හදාගන්න හදනවා නම් ඒ කාරණය පෙන්නලා තවත් කෙනෙක්ව බිය ගන්නවන්න උත්සාහ කරනවනම් ඉතින් එතනින් එහාට මේ රටේ රාජ්‍ය ආයතන සහ ස්වාධීන ආයතනවල තියෙන විනිවිද භාවය ගැන කාටද අපි කියන්නේ?. “

යුද්දෙ ඉවර කරපු නායකයගෙන් පළිගන්න හදනවා

“පැහැදිලිවම අපි ගතයුතු   නීතිමය ක්‍රියාමාර්ග හා දැනුම් දිය යුතු හැම ආයතනයටම අපි දැනුම් දෙනවා .හැබැයි ඉතින් අවසානයේ තමන් හදපු බොරු සාක්ෂි තමයි අධිකරණවල නඩු අහන්න වෙන්නේ.  ඉතින් මෙහෙම නම් යුද්දේ ඉවර කරල මේ රට ගොඩනගපු ජනාධිපතිවරයාටත් සලකන්නේ ඉතින් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතාව ඉටුකරන්නේ නැති අයට මේ ආයතන කොහොම හැසිරෙනවද කියලා හිතාගන්න පුළුවන්නේ.

එක පැත්තකින් මේ ආණ්ඩුවට ඩයස්‌පෝරාවේ අවශ්‍යතාවය ඉටු කරන්න ඕන.ඩයස්පෝරාවේ අවශ්‍යතාවය මත අපි දැක්කා සුරේෂ් සලේව  අරගෙන තියෙනවා. ඒ වගේම නොයෙක් කාරණා ක්‍රියාත්මක වෙනවා අවසානයේ මෙහෙම නම් පරීක්ෂණ කටයුතු වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාටවත් මේ රටේ ජනතාවටවත් මේ ආණ්ඩුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න ආයතන වල අධිකරණ වල හා පොලිසියෙන් සාධාරණයක් නම් වෙන්නේ නෑ .  හැබැයි ඉතින් අපි ඕන එකකට ලෑස්තියි. ඒකත් මතක තියාගන්න.” නාමල් රාජපක්ෂ පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කූඨ ලෙස ඉන්ධන තොග රැස්කළ 80 හැවිරිදි ව්‍යාපාරිකයෙක් සහ 25 හැවිරිදි තරුණයෙක් දැලේ!

Next Post

ලෝක වෙළෙඳපොළේ තෙල් ගින්නට මැදි වූ ශ්‍රී ලංකාව: බලශක්ති අර්බුදය සහ රජයේ කළමනාකරණය පිළිබඳ විමසුමක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.