අඟහරුවාදා, ජූලි 7, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ව්‍යාපාර

ලෝක වෙළෙඳපොළේ තෙල් ගින්නට මැදි වූ ශ්‍රී ලංකාව: බලශක්ති අර්බුදය සහ රජයේ කළමනාකරණය පිළිබඳ විමසුමක්!

by editor
මාර්තු 22, 2026
in ව්‍යාපාර
fuel-sri-lanka
Share on FacebookShare on Twitter

ජාලිය වීරක්කොඩි –

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට ඉන්ධන මිල ගණන් අහස උසට නැග තිබේ. මෙම මිල විචලනය කොතැනින් කෙළවර වේදැයි කිසිවෙකුට නිශ්චිත අවබෝධයක් නොමැති තරමට ගෝලීය තත්ත්වය උග්‍ර වී ඇත. අද අලුයම සිට සියලුම ඉන්ධන වර්ග සියයට 25කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිය අතර, යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රතිශතය සියයට 30 ඉක්මවා ගොස් තිබේ.

රටේ බලශක්ති අර්බුදය පිළිබඳ ජාතිය දැනුම්වත් කිරීමේ අභිලාෂයෙන් අද (22) පැවති මාධ්‍ය හමුවේ දී  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පෙන්වා දෙන්නේ මෙය ජාතියක් ලෙස කල්පනා කර, පුද්ගලයින් ලෙස ස්වේච්ඡාවෙන් බලශක්තිය ආරක්ෂා කරගැනීමේ ප්‍රවේශයකට අවතීර්ණ විය යුතු තීරණාත්මක මොහොතක් බවය.

ඇමරිකාව සහ ඉරානය අතර පවතින උග්‍ර යුදමය වාතාවරණයත්, හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් හමුවේ ලෝක බලශක්ති සැපයුම බරපතළ අවදානමකට ලක්ව ඇත. මෙම තත්ත්වය එළඹෙන මැයි මාසය දක්වා පැවතුණහොත්, ඉන්ධන වියදම දරාගත නොහැකි සීමාවකට පත්වනු ඇති බවට දැනටමත් පුරෝකථනය වී තිබේ.

තෙල් මිල තීරණය වන ජාතික ප්‍රසම්පාදන ක්‍රියාවලිය

රටක් ලෙස ඉන්ධන මිලදී ගැනීමේදී ප්‍රධාන ක්‍රම දෙකක් අනුගමනය කරනු ලබයි. එනම් ‘ඒකල ටෙන්ඩර්’ (Single Tender) සහ ‘නියමිත කාලසීමාවක ටෙන්ඩර්’ (Term Tender) ක්‍රමවේදයන්ය.

RelatedPosts

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

“ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

ඒකල ටෙන්ඩර්: මෙහිදී මිල සකස් වන්නේ  ලෝක වෙළඳපොළේ පවතින මූලික තෙල් මිලට අමතරව සැපයුම්කරු විසින් අය කරනු ලබන අමතර ගාස්තුවක් (Premium)  සහ නෞකාව ගොඩබෑමට දින දෙකකට පෙර සහ දින දෙකකට පසු ඇතුළුව දින 5ක සිංගප්පූරු වෙළෙඳපලේ ඉන්ධන සඳහාවන මූලික විකිණුම් මිල ( Singapore Flat Rate)  අගය පදනම් කර ගනිමිනි.

කාලීන ටෙන්ඩර්: මෙහිදී සැපයුම්කරු විසින් අය කරන අමතර ගාස්තුවට  (Premium අගයට) අමතරව ගොඩබාන දිනයේ කැලැන්ඩර් මාසයේ සාමාන්‍ය අගය ගණනය කරනු ලබයි.

මේ අනුව, කුමන ක්‍රමය යටතේ වුවද ලෝක වෙළෙඳපොළේ පවතින මිල සෘජුවම බලපාන අතර, වත්මන් ගෝලීය මිල ඉහළ යාම මෙරට පාරිභෝගිකයාට දරා ගැනීමට සිදුව ඇත්තේ එම තාක්ෂණික පදනම මතය.

ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යාමේ දත්ත වාර්තාව

පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට මාර්තු 20 දක්වා කාලය තුළ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇත්තේ විශ්මයජනක වේගයකිනි.

  • 92 පෙට්‍රල්: පෙබරවාරි 28 වනදා ඩොලර් 79.63ක් වූ බැලරයක මිල, මාර්තු 20 වන විට ඩොලර් 150.61 දක්වා ඉහළ ගියේය. එය 89%ක අතිවිශාල වැඩිවීමකි.
  • ඩීසල්: පෙබරවාරි 28 වනදා ඩොලර් 92.26ක් වූ බැලරයක මිල, මාර්තු 20 වන විට ඩොලර් 222.01 දක්වා ඉහළ ගොස් ඇත. මෙය 141%ක දැවැන්ත මිල වැඩිවීමකි.
  • මර්බන් බොරතෙල්: පෙබරවාරි 28 වනදා ඩොලර් 72.25ක් වූ බැලරයක මිල, මාර්තු 20 වන විට ඩොලර් 138.60 දක්වා ඉහළ යමින් 92%ක වර්ධනයක් පෙන්නුම් කළේය.

මීට අමතරව තෙල් බැරලයක් සඳහා සැපයුම්කරුවන් විසින් එක් කළ අමතර ගාස්තුව ( ප්‍රිමියම් එක) පැවතියේ  ඩොලර් 3ක් හෝ 4ක් වැනි අවම මට්ටමකය.  තෙල් ප්‍රවාහනය සඳහා වැය වන පිරිවැයවන නැව් ගාස්තුව,  ප්‍රවාහනයේ දී සිදුවන හානි අවම කරගැනිමට සඳහා අය කෙරෙන රක්ෂණ ගාස්තුව, සැපයුම්කරුගේ ලාභය සහ අවදානම් දීමනාව මෙම අමතර ගාස්තුව හෙවත් ප්‍රිමියම් එකට යටත් වූයේය. මේ වනවිට සිදු වී ඇත්තේ පවතින අවදානම් සහගත තත්ත්වය මත රක්ෂණ ගාස්තුව ඇතුළු සියලුම ප්‍රවාහන වියදම් ඉහළ යෑමත් සමග මෙම  ‘ප්‍රිමියම්’ ගාස්තුව    ඩොලර්  3 සිට  45 -50 දක්වා ඉහළ ගොස් තිබීමය.

ඇණවුම් කළ නෞකා සහ පිරිපහදුවේ අර්බුදය

ශ්‍රී ලංකාව සිය අවශ්‍යතාවයෙන් ඩීසල්වලින් 30%ක් ද, පෙට්‍රල්වලින් 20%-25%ත් අතර ප්‍රමාණයක් සහ ජෙට් A1 ඉන්ධනවලින් 70%ක් සපයා ගන්නේ දේශීය පිරිපහදුවෙනි. එහෙත් වත්මන් යුදමය තත්ත්වය හමුවේ බොරතෙල් ආනයනයට බාධා එල්ල වී තිබේ.

මාර්තු 24 සහ 25 දිනවල පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90,000ක බොරතෙල් නෞකාව මෙරටට  එන්නේ නැත.  අප්‍රේල් මාසයේ පැමිණීමට නියමිත නෞකාව පිළිබඳව ද පවතින්නේ අවදානමකි. මේ හේතුවෙන් පිරිපහදුව හරහා සැපයෙන ඉන්ධන ප්‍රමාණය අහිමි වීමේ තර්ජනයක් මතුව ඇත.

රජය මේ සඳහා විකල්ප ලෙස අප්‍රේල් මාසය ඉලක්ක කරගනිමින් ඩීසල්, පෙට්‍රල් සහ ජෙට් A1 ඉන්ධන නෞකා කිහිපයක් සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති අතර, අඛණ්ඩ සැපයුමක් පවත්වා ගැනීමට උපරිම උත්සාහයක නිරත වේ.

පෞද්ගලික ඉන්ධන සමාගම් රුපියල් 200 මිල වැඩිවීමක් ඉල්ලයි

මෙරට ඉන්ධන වෙළෙඳපොළෙන් 43%ක් පෞද්ගලික අංශය විසින් සපයනු ලබයි. පිරිවැය ඉහළ යාම හමුවේ පෞද්ගලික සමාගම් රුපියල් 200කට ආසන්න මිල වැඩි කිරීමක් ඉල්ලා සිටියද, රජය උත්සාහ කරන්නේ එම පීඩනය අවම කිරීමටය.

තෙල් සංස්ථාව (CEYPETCO) දිගින් දිගටම පාඩු ලැබුවහොත්, ඉදිරි ඇණවුම් සඳහා ණය ලබා ගැනීමට සිදුවන අතර, එවිට අධික පොළියක් ගෙවීමට සිදුවේ. එය අවසානයේදී තෙල් මිල තවත් ඉහළ දැමීමට හේතු වනු ඇත. මේ නිසා, වත්මන් මිල සංශෝධනයේදී රජය යම් පිරිවැයක් දරාගෙන ඇත.

  • ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනයක් රජය විසින් දරනු ලබයි.
  • පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් රජය දරයි.

මේ සඳහා රජයට මාසිකව රුපියල් බිලියන 20ක අමතර වැයක් දැරීමට සිදුවන අතර, එය වසරකට ඩොලර් බිලියන 1.5ක බරකි. මෙය රටේ සමස්ත ආර්ථිකයටම බලපාන බැවින්, මිල යම් මට්ටමකට ඉහළ දැමීම අනිවාර්ය වී තිබේ.

ආර්ථික ස්ථාවරත්වය සහ අනාගත අපේක්ෂා

2022 වසරේ පැවති දැඩි ආර්ථික අර්බුදයෙන් පසු 2025 වන විට ශ්‍රී ලංකාව යම් ස්ථාවරත්වයක් අත්පත් කර ගනිමින් සිටියේය. සංචිත වර්ධනය, අපනයන ආදායම සහ සංචාරක ඉපැයීම් ඉහළ යාම වැනි සුබදායී ලක්ෂණ පෙන්නුම් කළද, මෙම ගෝලීය යුදමය වාතාවරණය එම ගමනට බාධාවක් වී ඇත.

යුද්ධය හෙට අවසන් වුවද, තෙල් යටිතල පහසුකම්වලට සිදුව ඇති හානිය නිසා එහි බලපෑම දීර්ඝකාලීන වනු ඇත. රජය පවසන පරිදි රජයේ මූලික පරමාර්ථය වන්නේ ආර්ථික කටයුතු අඩාල නොවන පරිදි, රට වසා නොදමා, අඛණ්ඩ බලශක්ති සැපයුමක් සහ විදුලි සැපයුමක් සහතික කිරීමය. මේ මොහොතේ විදුලි කප්පාදුවක් සිදු කිරීමේ බලාපොරොත්තුවක් රජයට නොමැත.

බලශක්ති අරපිරිමැස්ම සහ නීතිය ක්‍රියාත්මක කිරීම

මෙවැනි අර්බුදකාරී අවස්ථාවකදී ජනතාව සතු වගකීම වන්නේ බලශක්ති පරිභෝජනය උපරිමයෙන් සීමා කිරීමයි. QR කේත ක්‍රමය මේ සඳහා සාර්ථකව යොදා ගැනෙන අතර, මේ වන විට පාරිභෝගිකයින් ලක්ෂ 60කට ආසන්න පිරිසක් එහි ලියාපදිංචි වී ඇත.

අනෙක් අතට, ඉන්ධන අර්බුදය හමුවේ කළුකඩ නිර්මාණය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දී තිබේ. නීතිවිරෝධී ලෙස QR කේත ලබාගත් ජංගම දුරකථන අංක 153ක්    හඳුනාගෙන ඇති අතර, තෙල් ගබඩා කරන්නන්ට එරෙහිව ද වැටලීම් ක්‍රියාත්මක වේ. මෙහිදී මහජනතාවගේ සහ මාධ්‍යයේ සහයෝගය රජය අපේක්ෂා කරයි.

අවසාන වශයෙන්, මෙම අභියෝගය රජයට පමණක් තනිව ජයගත නොහැකිය. ගෝලීය තත්ත්වය තේරුම් ගෙන, භාණ්ඩාගාරයට දරාගත හැකි සීමාව තුළ සිටිමින් ජනතාවට අවම පීඩාවක් එල්ල වන පරිදි කටයුතු කිරීමට රජය කැපවී සිටී.

එක එකාට කා කොටාගෙන මේ මොහොතේ අත්පත් කරගත හැකි කිසිවක් නැත.  මොළයක් ඇති දේශපාලනයක් කළ යුත්තේ වඩාත් ජනතා හිතවාදි ලෙස හැසිරෙමින් මේ අසිරු මොහොත වගකීම් දරන උන් පිටින්ම තබා අද්දවා ගැනීමය. ඉන් පසු බලය ගැන කල්පනා කිරිමය.

මේ අප ගත කරන්නේ වලේ ගැට්ට උඩය. ඒ මත වන්නම් නටන්නට කාලයක් නැත. ජාතියක් ලෙස නොවැළලි ඉන්න නම් මුලින්ම කළ යුතු දෙයක් ඇත. එනම් ලෝකය පෙරළාගෙන හමන මේ බලශක්ති කුණාටුවට එක්ව මුහුණ දීමය.

අනතුරුව මේ අරගලයේ තමන්ගේ පංගුව සලකුණු කරගෙන බලය වෙනුවෙන් කුලල් කාගන්නට හැකිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්ධන වැඩි කළේ ගල් අඟුරු වංචාවේ පාඩුව වහන්න… සලෙයි අත් අඩංගුවට ගත්තේ දෙමළ ඩයස්පෝරාව සනසන්න…  නාමල් හෙළි කරයි!

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය: ලොව විශාලම තෙල් අපනයනකරු – සවුදි අරාම්කෝ සමාගම දෙවන මාසයටත් ආසියාවට ලබා දෙන බොරතෙල් සැපයුම කප්පාදු කරයි!

Related Posts

පුවත්

ආර්ථික ප්‍රකෘතිමත් වීමේ දැවැන්ත සන්ධිස්ථානයක්: ලෝක බැංකුව ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් කාණ්ඩයට එක් කරයි!

ජූලි 2, 2026
daya-g
පුවත්

දයා ඇපරල් සමාගමේ දේපළ වෙන්දේසි කිරීමට අභියාචනාධිකරණයෙන් ලැබෙන වසරයේ නීතිමය පූර්වාදර්ශය මෙන්න..

ජූනි 21, 2026
ව්‍යාපාර

මහ බැංකුවෙන් අපනයනකරුවන් ඉලක්ක කරගෙන අති විශේෂ ගැසට් පත්‍රයක්…

ජූනි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!

ජූලි 7, 2026

නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!

ජූලි 7, 2026

“ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

ජූලි 7, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • සුරේෂ් සලෙයිගේ CID විමර්ශකයින් වෙනස් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි: රහසිගත ප්‍රකාශයක් දීමේ ඉල්ලීමත් ප්‍රතික්ෂේප වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • පරිගණකයේ සහ දුරකථනයේ මුර පද ලබාදෙන ලෙස ලද අධිකරණ නියෝගය අභියෝගයට ලක් කිරීමට සලේ සූදානම්!

    172 shares
    Share 69 Tweet 43
  • සතුරු ප්‍රහාර මැද අප්‍රිකාවේ දී ජීවිත 14ක් බේරාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වීරෝදාර මෙහෙයුම!

    172 shares
    Share 69 Tweet 43
  • ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය 27 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වෙන් වෙන්ව අධිකරණයට දෙන්නැයි නියෝගයක්!
  • නාමල් ගේ  ක්‍රිෂ් නඩුව විභාගයට දින නියම වෙයි: ඉන්දීය සාක්ෂිකරුවන්ට සිතාසි!
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.