බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF එක්ක රනිල් ගිය පාරේම යන ආණ්ඩුව ගැන ඇහෙන කතා… ඇමරිකන් ඩොලර් මිලියන 333ක තුන්වන ණය වාරිකය අනුමතයි…

by editor
නොවැම්බර් 23, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

ශ්‍රී ලංකාවේ විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (නොවැම්බර් 23 වන දා) අනාවරණය කළේය.

මෙම සමාලෝචනය IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් විසින් අනුමත කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක පමණ වන මීළඟ ණය වාරිකය හිමිවනු ඇත.

2023 මාර්තු 20 වැනිදා අනුමත වූ සිව් වසරක මෙම ණය අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට හිමිවන සමස්ත ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 3කි.

නව ණය වාරිකය ලැබීමත් සමග ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය වාරිකවල සමස්ථ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 දක්වා ඉහළ යනු ඇත.

කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මේබව අනාවරණය කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ණය වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම විශ්වාසය වැඩි කර ඇති අතර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩතාව සහතික කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසීය.

මේ දක්වා ණය වැඩසටහන තුළ ලබා ඇති දුෂ්කරවූ ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම උදෙසා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම, ආර්ථිකය කල් පවතින ප්‍රකෘතිමත් සහ ස්ථාවර වර්ධනයක් කරා යන මාවතට ගෙන ඒම සඳහා ඉතා වැදගත් වන බවත් ජාත්‍යවන්තර මුල්‍ය අරමුදල අනාවරණය කළේය.

‘ඔවුන් එකඟ වෙලා තියෙනවා ඒ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම කරන් යන්න’

වයඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා කියා සිටියේ, IMF ණය වැඩසටහන යටතේ වන මීළඟ ණය වාරිකය ලබන මසදී මෙරට ට ලැබෙනු ඇති බවය.

“අලුත් ආණ්ඩුව පත්වුණාම ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නය තමා මේ අය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක යයිද ඒ ආකාරයෙන්ම, ඒක වෙනස් වෙයිද කියලා. දැන් මේ පාර IMF ගනුදෙනුවත් එක්ක අපි දැක්ක දේ තමයි මේ රජයත් කරන්නේ පරණ රජය කරපු දේම තමයි. ඔවුන් එකඟ වෙලා තියෙනවා. ඒ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන්ම කරන් යන්න. ඔවුන් පාර්ලිමේන්තුවේදීත් ඒක තහවුරු කළා.” ඔහු පැවසීය.

2024 ඔක්තෝබර් මාසය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය 6.4කට ආසන්න විය.

මේවන විට සංචාරක කර්මාන්තයෙන් මෙන් ම විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණවල වර්ධනයක් ද දක්නට ලැබෙයි.

මෙම තත්ත්වයත් සමග ආර්ථිකය යම් ආකාරයකට ස්ථාවර වෙමින් ඇතැයි මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අලුත් අනියම් සැමියා හා   එක්ව අනියම් බිරිය තම පරණ අනියම් සැමියාගේ ගෙල කපා ඝාතනය කරලා…

Next Post

වදුරව නිධාන සොමිය ඉවරයි… මහ ගල කුඩු කරයි… ඇති ලබ්බක් නෑ,…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.