සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවුන්දර මුහුදේදී   රුපියල් බිලියන 3ක හෙරොයින් තොගයක් සමග යාත්‍රාවක් කොටුකරගෙන දික්ඕවිට වරායට ගෙනෙද්දී   තවත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවක් බේරුවලදි නාවික හමුදා අත් අඩංගුවට…

by editor
මාර්තු 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

ඊයේ (15) නාවික හමුදාව විසින් වටලනු ලැබූ මෙම යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබීය. එහිදී සිදුකළ පරීක්ෂාවලින් අනතුරුව එම උර 6 තුළ අඩංගු ද්‍රව්‍ය හෙරොයින් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තහවුරු කර ඇත. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවයි.

යාත්‍රාව සමඟ එහි සිටි සැකකරුවන් පස්දෙනෙකු නාවික හමුදාව විසින් භාරයට ගෙන තිබූ අතර, යාත්‍රාව ගොඩබිමට රැගෙන ඒමෙන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, බේරුවල මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව විසින් මීට සුළු මොහොතකට පෙර සිය භාරයට ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අනාවරණය කළේය.

එම යාත්‍රාවද මේ වන විට ගොඩබිමට රැගෙන එමින් පවතින අතර එහි අඩංගු මත්ද්‍රව්‍ය ප්‍රමාණය පරීක්ෂාවෙන් පසු දැනුම් දෙන බව හෙතෙම පැවසීය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මෙම වැටලීමත් සමඟ 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ බහුදින ධීවර යාත්‍රා 15කට අධික සංඛ්‍යාවක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂයෙන් පසුගිය මාර්තු 12 වැනිදා සහ පෙබරවාරි මස අග සතියේ සිදුකළ මෙහෙයුම් ද ඇතුළුව, මෙම වසරේ ගතවූ මාස දෙකහමාරක කාලය තුළ නාවික හමුදාව විසින් රජයේ භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍ය තොගවල මුළු වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 25 ඉක්මවා යන බව නාවික හමුදා දත්ත වාර්තා පෙන්වා දෙයි.

මේ ලිපියත් කියවන්න…

දෙවුන්දර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව හෙට ගොඩබිමට!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇත්තටම ඉරානයට සිදුවන්නේ කුමක් ද?

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට සහාය නොවන්නේ නම් නේටෝ සංවිධානයේ අනාගතය අවදානමක: ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.