බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් හදිසි ඉන්ධන තොගයක්; රුසියානු තෙල් මිලදී ගැනීමට ඇමෙරිකාවෙන් අවසර ඉල්ලයි!

by editor
අප්‍රේල් 5, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී ඇති දැඩි ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස ප්‍රමුඛතා පදනම මත මෙරටට ඉන්ධන ලබා දීමට චීනය එකඟතාව පළ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. චීන තානාපති චී ෂෙන්හොං ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ විදේශ අමාත්‍ය විජිත හේරත් හමු වී මේ බව තහවුරු කර ඇත.

මෙම ඉල්ලීම චීනයෙන් සිදු කරනු ලැබුවේ ඉන්දියාවෙන් සහ රුසියාවෙන් ද සහාය පතන අතරතුර ය. ඒ අනුව, චීනයෙන් ලැබෙන පළමු ඉන්ධන නැව්ගත කිරීම අප්‍රේල් මැද භාගයේදී මෙරටට ළඟා වීමට නියමිතය. මෙම තොගය සයිනොපෙක් (Sinopec) සමාගම විසින් මෙරට පවත්වාගෙන යනු ලබන පිරවුම්හල් සඳහා ගෙන්වනු ලබන තොගවලට අමතරව රජයට ලැබෙන විශේෂ ආධාරයකි.

“පවතින බලශක්ති අර්බුදය හමුවේ චීනයෙන් කළ ඉල්ලීමට ශ්‍රී ලංකාවේ පැරණි සහ විශ්වාසවන්ත මිතුරෙකු ලෙස ඔවුන් යහපත් ප්‍රතිචාර දැක්වූවා,” යැයි විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේය.

මේ අතර, රුසියාවෙන් බොරතෙල්, ගල්අඟුරු සහ පොහොර මිලදී ගැනීම සඳහා සබඳතා ශක්තිමත් කර ගැනීමට රජය කටයුතු කරමින් සිටී. එහෙත් රුසියාවට පනවා ඇති ඇමෙරිකානු සම්බාධක හේතුවෙන්, රුසියානු ඉන්ධන ආනයනය කිරීම සඳහා විශේෂ නිදහස් කිරීමක් (Waiver) ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම මීට සති දෙකකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු විශේෂ නියෝජිත සර්ජියෝ ගෝර් වෙත ඉදිරිපත් කර තිබුණද, මේ දක්වා ඊට නිල ප්‍රතිචාරයක් ලැබී නොමැත.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුහුදේ ඇති රුසියානු බොරතෙල් නැව් විකිණීම සඳහා දින 30ක සහනයක් ලබා දුන් අතර එය අප්‍රේල් 11 වැනිදායින් අවසන් වේ. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අවම වශයෙන් මාස තුනක සහනයක් සහතික කරන්නේ නම් මිස රුසියානු ඉන්ධන මිලදී ගැනීමේ ගිවිසුම ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත් ගම්මන්පිලගේ පොතට ආවා… හිටියේ මට ඉස්සරහින්… දුමින්ද දිසානායක කියයි!

Next Post

ඉරාන ප්‍රහාරයෙන් විනාශ වූ ගුවන් යානයේ සිට දිවි ගලවා ගත් ගුවන් නිලධාරියා ගලවා ගත්  වික්‍රමාන්විත මෙහෙයුමේ ත්‍රාසජනක කතාව…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.