අම්පිටියේ බෙනඩික් විද්‍යාලයේ A9ක් ලබා ගත් දරුවාට ගිනි තබා ඇත්තේ වර්ෂ 2021 ජනවාරි මස 26 වැනිදා අම්පිටිය ගාලතැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට පුද්ගලයින් දෙදෙනෙක් රැගෙන ගොස් කොටයකට තබා පරාල ඇණ ගසා අමානුෂික වදයට ලක් කළ මත්ද්‍රව්‍ය ජාවරම්කාර කපුවාගේ මැර කල්ලියේ සාමාජිකයෙක් බව මහනුවර පොලිසිය පවසයි.
එම අපරාධයට සම්බන්ධවූ දඹුල්ලේ දේවාලයක් පවත්වාගෙන යන අම්පිටියේ කපුවා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරුවන් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ මේ වනවිට බන්ධනාගාරගත කර ඇති නමුත් එම කණ්ඩායමේ ප්‍රධාන අපරාධකරුවන් දෙදෙනෙක්වන පැතුම් සහ අසිත යන පුද්ගලයින් දෙදෙනා නිදහසේ සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි.
හන්තානේ ඉන්ධන බවුසරය කොල්ලකෑම පසුපස ද මෙම අපරාධකරුවන් විසින් මෙහෙයවූ පිරිසක් සිටින බව වාර්තා වේ.
මුලු නුවරටම බරපතල ප්‍රශ්නයක් වී ඇති මෙම අපරාධකරුවන් සහ මහනුවර පොලිසියේ නිලධාරීන් අතර ඇති සම්බන්ධතාවය නිසා ජනතාව පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කරගෙන ඇති බවද පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
මෙම අපරාධකරුවන් කුඩා ව්‍යාපාර කරගෙන යන පුද්ගලයින් පවා බිය ගන්වා රුපියල් පනස් දහස, ලක්ෂය, ලක්ෂ දෙක ආදී වශයෙන් කප්පම් ගන්නා බව ද වාර්තා වේ.
මෙම භීෂණයේ තරම කොපමණ ද කිවහොත් සිය දරුවා දෑස් ඉදිරිපිට ගිනි තැබූ අපරාධකරු ගැන තොරතුරු හෙළි කිරීමට දරුවාගේ පියා සූදානම් නොවීමෙන්ම තේරුම් ගත හැකි බව මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ අම්පිටියේ ප්‍රදේශවාසියෙක් පැවසුවේය.
පොලිසිය පවසන්නේ අපරාධකරු හඳුනාගෙන ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි සෑම ශක්තියක්ම යොදවන බවය.
මේ ලිපියත් කියවන්න….
අම්පිටියෙ කඳුමුදුනේදී පුද්ගලයන් 02කට ඇණ ගැසුවෙ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කපුවෙක්…