අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පිටියේ මැර කල්ලියක මැරයෙක් A9 ගත් දරුවෙකුව භූමිතෙල් දමා ගිනි තියලා… දරුවාට අසාධ්‍යයයි!

by editor
නොවැම්බර් 28, 2022
in පුවත්
fire
Share on FacebookShare on Twitter
  • ගිනි තියලා තියෙන්නෙ අත්තම්මට ප්‍රතිඵල කියලා එද්දි තාත්තා ඉදිරිපිට…. ගිනි තිබ්බෙ කවුද කියලා හෙළි කළොත් පවුලම විනාශ කරන බවට ඇති තර්ජන නිසා වින්දිතයින් වචනයක් කියන්නෙ නෑ….

  • දරුවාගෙ බෙල්ලෙ සිට පහළට ඇඟෙන් බාගයක් පිච්චිලා… තත්ත්වය අසාධ්‍යයයි… අද මහනුවර රෝහලේ දි සැත්කමක් කරලා…

  • පුද්ගලයෙක් කුරුසයට තබා ඇණ ගැසු සිද්ධියටත් මේ මැරයා සම්බන්ධයි… මිනිස්සු අම්පිටියෙ මැර කල්ලිය ගැන වචනයක් කියන්නෙ නෑ… පොලිසියට දෙන ඔත්තු මැරයින්ගෙ කණට යනවලු…

අම්පිටිය ප්‍රදේශය බිය ගන්වමින් ක්‍රියාත්මක වන මැර කල්ලියක සාමාජිකයෙකු විසින්  මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සමාර්ථ නවයක් සමඟින් සමත් වූ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුට ගිනි තබා ඇති අතර මේ වනවිට සිසුවා බරපතල පිලිස්සුම් තුවාල සහිතව මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටී.

මෙම මැරයා විසින් සිසුවා ඇදගෙන ගොස්  සිරුරට  භූමි තලේ වත්කර ගිනි   දමා තිබේ. අපරාධයට ගොදුරු වී ඇත්තේ   අම්පිටිය ශාන්ත බෙනඩික් විදුහලේ අධ්‍යාපනය ලබමින් සිටින සිසුවෙකි.   ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මහනුවර අම්පිටිය පල්ලේගම පදිංචි සිසුවා ප්‍රතිපල නිකුත් වීමෙන් පසු තමන් ලද විශිෂ්ට ප්‍රතිපලය සිය මිත්තණියට දැනුම් දීම සඳහා පෙරේදා ( 26 )   රාත්‍රියේ   පියා සමඟ ආපසු එමින් සිටිය දී අම්පිටිය මී කණුව ප්‍රදේශයේ රැක සිට දරුවාට භූමිතෙල් ගසා ගිනි තබා ඇත්තේ තාත්තා ඉදිරියේ දීය.

එහෙත් ගිනි තැබීම සිදුකළ පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකි වූ බව සිසුවාගේ පියා පොලීසියට පවසා තිබේ.

සිසුවාගේ ගෙළ ප්‍රදේශයේ සිට පහළට සම්පූර්ණයෙන්ම පිළිස්සී ඇති අතර අද  (28) පෙරවරුවේ ඔහු සැත්කමකට ලක්කර තිබිණි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම අපරාධය සම්බන්ධව සොයා බැලීමට ගිය අවස්ථාවේ දී සිසුවාගේ පවුලේ කිසිවෙක් අපරාධය සම්බන්ධව වචනයක් හෝ කතා නොකිරීම විශේෂ සිද්ධියක් විය.

එහෙත් ප්‍රදේශවාසීන් සමග කළ සාකච්ඡාවල දී හෙළි වූයේ  මෙම අපරාධය   සිදුකළ මැරයා  ප්‍රදේශයේ කවුරුත් හොඳින් දන්නා බවත්,     මෙම අපරාධය හෙළි දරව් වුවහොත්    මුලු පවුලම විනාශ කරන බවට තර්ජන එල්ල වී ඇති බවත්ය.

අම්පිටිය ප්‍රදේශය භීතියට පත් කරමින් ක්‍රියාත්මක මැර කල්ලි සාමාජිකයින් පසුගිය කාලය පුරා මෙවැනි අමානුෂික ක්‍රියා සිදුකළ නමුත් පොලීසිය ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග නොගන්නා බව ද ප්‍රදේශවාසීහූ චෝදනා කළහ.

හෙරෝයින්,ගංජා ඇතුළු විවිධ මත්ද්‍රව්‍යය ජාවාරම්කරුවන් මෙන්ම භාවිත කරන්නන් කලක පටන් අම්පිටිය හා ඒ ආශ්‍රිත ජනතාව භීතියට පත් කරමින්  එළිපිට කප්පම් ගැනීම් සිදු කරන නමුත් ජීවිතාරක්ෂාව වෙනුවෙන් නිහඬව සිටීමට සිදුව ඇතැයි පවසන ප්‍රදේශවාසීන් පොලීසියට තොරතුරු ලබාදුන් විට ඇතැම් නිලධාරීන් අපරාධකරුවන්ට තමන්ට තොරතුරු ලබා දුන් පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙලි කරන   නිසා කිසිවෙකුත් මෙම මැර කල්ලිවලට එරෙහිව කටයුතු කරන්නට නොයන බවද කීහ.

මේ පිළිබඳව කළ විමසීමක දී  උක්ත අපරාධය කළ අපරාධය සිදුකළ  සැකකරු හඳුනාගෙන ඇතැයි කී මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක ඔහුව  අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබෙන බව ද   පැවසුවේය.

මෙම සිද්ධියට අදාළ සැකකරු මීට පෙර අවස්ථාවක අම්පිටිය ප්‍රදේශයේ දී  පුද්ගලයෙකු කුරුසයක තබා ඇණ ගැසූ සිද්ධියට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ද මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය.

පොලිස් අධිකාරීවරයා කීවේ මේ වනවිට සැකකාර අපරාධකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති නමුත් හැකි සියලුම ශක්තිය යොදා වහාම ඔහුව අත්අඩංගුවට ගන්නා බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අපේ සල්ලි ඩොලර් කර ආණ්ඩුවේ ආයතනවල ආයෝජන කළ පීරමීඩ චීන්නු !

Next Post

A9 ගත් සිසුවාට ගිනි තිබ්බේ මිනිහෙක් කුරුසයට තබා ඇණ ගැසූ අම්පිටියෙ කපුවාගේ මැරයෙක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.