ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර්විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවධානය කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් මේ වනවිට පැවැත්වෙමින් තිබේ.
මෙම විරෝධතාවය හේතුවෙන් මේ වනවිට තුන්මුල්ල මංසන්ධියේ සිට බුලස් මාර්ගය අවහිර වී ඇතැයි පොලිසිය කියයි.
මෙම විරෝධතාවය සඳහා සිවිල් සංවිධාන සහ මානව හිමිකම් පිළිබඳ ක්රියාකාරිකයෝ එක්වී සිටිති.
සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ ඊයේ (17) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි.
මෙම ශිෂ්‍ය නායකයින් දෙදෙනා සම්බන්ධව නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළේය.
https://www.facebook.com/iusfsrilanka/videos/651159369720541