අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොමර්ෂල් පොරහොර සමාගම බෙදූ ලෝක බැංකු ආධාර යූරියා මිටිවල බර අඩුවීම ගැන විමර්ශනයක්

by editor
නොවැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 ශ්‍රියානි විජේසිංහ –                                                          

නියමිත බරට වඩා අඩු යූරියා පොහොර  වාර්තා වීම සම්බන්ධව වහාම පූර්ණ විමර්ශනයක් පවත්වන්නැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර   ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරාට උපදෙස්  දී ඇත.

ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු මෙම යූරියා පොහොර බෙදා හැරීම රජයේ ආයතන දෙකක්වන ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර ආයතන මගින් සිදු කෙරිනි.

කොමර්ෂල් පොහොර සමාගමෙන් බෙදා හරිනු ලැබූ යූරියා කිලෝ ග්‍රෑම් 50 මිටිවල නියමිත බර නොමැති බව ගොවීන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබීම නිසා පාරිභෝගික සේවා අධිකාරිය ඊයේ අනුරාධපුරයේ විලච්චිය, පේමඩුව රජයේ පොහොර ගබඩාවේ  කළ වැටලීමකින් අනතුරුව කළ සාම්පල් පරීක්ෂාවක දී     නියමිත බරට වඩා කිලෝ 1 -3 දක්වා අඩු පොහොර මිටි 14ක් සොයා ගත්තේය. 

ඒ අනුව අද (18) දිනම මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පැවැත්වීම සඳහා කොමර්ෂල් පොහොර සමාගමේ නිලධාරීන් පිරිසක් පිටත්කර හැරීමට සභාපතිවරයා පියවර  ගෙන තිබේ..

මෙම විමර්ශන කණ්ඩායම ලංකා කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යධිකාරී ආචාර්ය ජයන්ත වීරරත්නගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබ තිබේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම අද දිනය තුළම මීට අදාළ වාර්තාව ලබා දෙන ලෙස ද සභාපතිවරයා එම නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පොහොර බෙදාහැරීම පිළිබඳව යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ පිළිබඳව ගොවි ජනතාවට පැමිණිලි කිරීම සදහා අද (18) දින සිට තවත් අළුත් දුරකථන අංක 03 ක් හඳුන්වා දී ඇත. ඒවා පහත දැක්වෙන පරිදි වේ.

077 – 3497565     – ධම්මිකා එදිරිසූරිය මිය – සහකාර අධ්‍යක්ෂ

071 – 2962006     – ජී.අයි.ඩී.අයි. සංජීව මහතා – සහකාර අධ්‍යක්ෂ

071 – 8614557 /070 – 6664550 –චන්දන් මහතා – කොමසාරිස්(සේවා)

පොහොර බෙදාහැරීම සම්බන්ධව සියලුම දිස්ත්‍රික් ගොවිජන සේවා සහකාර ලේකම්වරුට අද (18) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේදී සාකච්ඡාවක් පැවති අතර මහ කන්නයේ පොහොර බෙදාහැරීම් කටයුතු අවසන් වන තෙක් ඒ සම්බන්ධව කටයුතු කරන සියලු නිලධාරීන්ගේ නිවාඩු ලබා ගැනීම අවලංගු කරන ලෙසත්, ඉරිදා, සෙනසුරාදා සහ වෙනත් නිවාඩු දිනවල පවා මෙම කටයුතු අවසන් වන තෙක් සේවය සඳහා වාර්තා කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අන්තරේ විරෝධතාවය ඇරඹෙයි…

Next Post

වැඩිහිටයන් අතර නිව්මෝනියාව වැඩියි… රෝගයෙන් ප්‍රවේසම් වෙන්න… ලෙඩ උනොත් බෙහෙත් නෑ – GMOA

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.