ශ්‍රියානි විජේසිංහ
-
ප්‍රතිජීවක ඖෂධ තබා ඉන්හෙලර් එකක්වත් රෝහල්වල නෑ… මුව ආවරණ හැකි සෑම වෙලාවම පළඳන්න…
වැඩිහිටියන් අතර සැලකිය යුතු නියුමෝනියා රෝගීන් සංඛ්‍යාවක් වර්තා වන බැවින් පුද්ගලයින් ඒකරාශිවන ස්ථානයන් වෙත යන්නේ නම් මුව ආවරණයන් පැළඳීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.
මේ වන විට සෙම් රෝග .උත්සන්න වූ වැඩිහිටි රෝගීන් සැලකිය යුතු පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත වන අතර ඉන් නියුමෝනියා තත්ත්වයට පත්වු පිරිසද ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් මේ වන විට රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය හේතුවෙන් නියුමෝනියාව මර්දනය සඳහා ලබා දෙන ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ වෙනුවෙට ආදේශක ඖෂධ ලබා දීමට සිදුව ඇති බවත්, රෝගය සුවපත් වීමට කාලයක් ගත වන බවත් ඒ හේතුවෙන් රෝහල තුළ නේවාසිකව රෝගීන්ට සැලකිය යුතු කාලයක් සිටීමට සිදුව ඇති බවත් වෛද්‍ය රාජපක්ෂ පෙන්වාදේ.
කෙසේ නමුත් ස්වසන අපහසුතාවන් මගහැරවීමට රෝගීන්ට ලබාදෙන ඉන්හෙලර් පවා නොමැති වීම හේතුවෙන් ශ්වසන අපහසුතා පවතින රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇතැයිද හෙතෙම කීවේය.







