අමායා උඩුවැරැල්ල
Academy of Motion Picture Arts and Sciences (AMPAS) විසින් පිරිනමනු ලබන 96 වැනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන) මාර්තු 10 එනම් ඉරිදා ලොස් ඇන්ජලීස් හි හොලිවුඩයේ ඩොල්බි රඟහලේදී එරට වෙලාවෙන් රාත්‍රී 7.30 සිට පැවැත්වීමට නියමිත ය.
උත්සවය අතරතුර AMPAS විසින් 2023 වසරේ දී නිකුත් කරන ලද චිත්‍රපට ඇගයීම සඳහා කාණ්ඩ 23 ක් යටතේ සාමාන්‍යයෙන් ඔස්කාර් ලෙස හැඳින්වෙන සම්මාන පිරිනමනු ඇති. මෙහි නිෂ්පාදනය කටයුතු සිදු කරනු ලබන්නේ රාජ් කපූර්, මොලී මැක්නර්නි සහ කැටී මුලන් වන අතර, හමිෂ් හැමිල්ටන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරයි. ඇමරිකානු රූපවාහිනී නිවේදකයෙකු, විකට නළුවෙකු, ලේඛකයෙකු සහ නිෂ්පාදකවරයෙකු වන ජිමී කිමෙල් විසින් සම්මාන උළෙල මෙහෙයවීමට නියමිත ය.







