අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

9/11 අමතක නොවන දිනයක් කළ 9/11 ප්‍රහාරය

by Lanka Sara Editor
සැප්තැම්බර් 11, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

“මීට වසර 19කට පෙර, පැහැදිලි නිල් අහස යට මිනිත්තු 102 ක් තුළදී අපගේ ජීවිත සදහටම වෙනස් විය. ඒ 2001 සැප්තැම්බර් 11 වන සිකුරාදායි. 9‍/11 ප්‍රහාරයේ 19 වන සංවත්සරය සැමරීම සඳහා අපි ජාතියට සහ ලෝකයට නායකත්වය දෙන අතර, එය සිහිකිරීමට අප හා එක්වන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.”

 

මිනිත්තු 102 ක් වැනි කෙටි කාලයක් තුළදී ලෝකයම කම්පනයට පත්කළ, ගෝලීය ඉතිහාසයට කළු පැල්ලමක් ඇති කරමින් ලොවටම සදාතනික පාඩමක් ඉගැන්වූ සැප්තැම්බර් ප්‍රහාරය හෙවත් 9‍/11 සිදුවී අදට වසර 19ක් ගතවී තිබේ. ඉහත සටහන සිය නිල සමාජ ජාලය ඔස්සේ මුදාහැර තිබුණේ 9/11 අනුස්මරණ සහ කෞතුකාගාරය විසිනි.

2001 වසරේදී අමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඇතුළුව ස්ථාන 4කට අද වැනි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ප්‍රහාරයක් යැයි හැදින්වුවද සැබැවින්ම එය ප්‍රහාර මාලාවක් බව කිව හැකිය. අමෙරිකානුවන් හා විදේශිකයන් ද ඇතුළුව 3000කට අධික පිරිසකට මරු කැදවූ එම ප්‍රහාරයෙන් ආබාධිත, තුවාල සිදුවූවන් 6000කට අධිකය. එක්සත් ජනපදය දෙදරුම් කෑ එම ප්‍රහාර මාලාව ගෝලීය වශයෙන් ද විශාල බලපෑමක් ඇති කළේය.

ප්‍රහාරයෙන් වසර 6කට පමණ පසුව එය සිදුකළ අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම විසින් ප්‍රහාරයේ වගකීම බාරගන්නා මොහොත වනවිටත් එම ත්‍රස්ත නායකයා ඇතුළු ත්‍රස්ත සංවිධානයම විනාශයට පත්කරන බවට අමෙරිකානු පාලනය ජනතාවට ප්‍රතිඥා දී වසර 6ක් ඉක්මවා තිබුණි. කෙසේවෙතත් එම පොරොන්දුව ඉටු කරමින් අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් වසර 10කට පසුව එනම් 2011 දී ඝාතනය කිරීමට එවකට ඔබාමා පාලනයට හැකිවිය. අද වනවිට අල්කයිඩා ත්‍රස්ත සංවිධානය කෙටි කලක් තුළ ලොව භීතියෙන් තෙත් කොට කෙටි කලක් තුළ අඩපණ කළ ත්‍රස්ත සංවිධානයක් බවට පත්කිරීමට අමෙරිකාව පමණක් නොව ලෝකයේ සෙසු රාජ්‍යයන් ද සහය වූයේ සැප්තැම්බර් ප්‍රහාරයෙන් උගත් පාඩම් අනුවය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

9/11 ප්‍රහාරය පිළිබද අමෙරිකානු බුද්ධි සේවයවන එෆ්බීඅයි ආයතනයේ විමර්ශනය හැදින්වෙන්නේ “PENTTBOM” ලෙසයි. එම බුද්ධි සේවාව විසින් මෙතෙක් කළ විශාලතම විමර්ශනය මෙම ප්‍රහාර මාලාව බව එෆ්බීඅයි බුද්ධි සේවය පවසයි. විමර්ශනයේ උච්චතම අවස්ථාව වන විට, ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම විමර්ශනයට දායක වෙමින් ත්‍රස්තයන් සහ ඔවුන්ගේ අනුග්‍රාහකයන් හඳුනා ගැනීමට සමත් වී ඇත. එමෙන්ම වෙනත් ත්‍රස්ත සංවිධාන සමග වුවද අනාගතයේදී සිදුවිය හැකි ඕනෑම ප්‍රහාරයක් වළක්වා ගැනීමට පෙර සූදානම් වීමට තරම් මෙම ප්‍රහාරය බලපෑම්සහත වී ඇත. එෆ්බීඅයි බුද්ධි සේවාව මෙම විමර්ශනයේදී මහජනයාගෙන් ලබාගත් ඉඟි ලක්ෂ ගණනක් බව එම සේවාව පවසයි. එමෙන්ම විමර්ශන තොරතුරු මිලියන භාගයකට වඩා එෆ්බීඅයි බුද්ධි නිලධාරීන් පසුහඹා තිබේ. 9‍/11 ප්‍රහාරය සිදුවූ ස්ථාන සහ කඩාවැටීම් ස්ථාන සියල්ලම සළකා බැලූ කළ එෆ්බීඅයි ඉතිහාසයේ විශාලතම අපරාධ භූමි කලාපය මෙය බව එෆ්බීඅයි බුද්ධි සේවය පවසයි.

මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් 19 වසරකට පසුව ලෝකයේ ත්‍රස්ත සංවිධාන පිළිබද මතුව ඇති වත්මන් පොදු විශේෂඥ මතය වී ඇත්තේ අද වනවිට ත්‍රස්තයන්ගේ ඉලක්ක, සංවිධානගත වීම හා පැතිරීම වෙනස් කෝණයකින් සිදුවන බවයි. ලෝකයම ගිලගත් කොරෝනා වැනි වසංගත තත්ත්වයක් අතරතුරදී පවා සන්නද්ධ වන ත්‍රස්ත සංවිධාන හැසිරීම වර්තමානයේ වෙනස්ම ආරක් ගන්නා බව ඔවුන් කියාසිටී.

රටක යහපාලනය බිඳ වැටෙත්ම, ත්‍රස්තවාදී ව්‍යාපාරවලට තමන්වම එම රටවල් තුළට කාවැද්දීමට අවස්ථාවක් ලැබේ. ඔවුන් තම පැතිරීම හා සංවිධානය වීමේ මං පාදා ගැනීම වෙනුවෙන් දුක්ගැනවිලි සඳහා ඒඒ රටට ගැළපෙන දේශීය වශයෙන් බලපාන හේතුවක් ඉදිරිපත් කර ඔවුන්ගේ ගෝලීය පොදු ඉලක්කයේ කොටසක් ලෙස එය ක්‍රමානුකූලව සකස් කරන බව ත්‍රස්ත විශේෂඥයෝ මත පළ කර ඇත. උදාහරණයක් ලෙස ත්‍රස්තයන් වසංගත සමය තුළදී අප්‍රිකාවේ සහ මැදපෙරදිග සමහර ප්‍රදේශවල, අල්කයිඩා සංවිධානයට පෙලගැසී සිටින කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රජා සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා වසංගතය තුළ පුද්ගලික ආරක්ෂක උපකරණ, සෞඛ්‍ය ආරක්ෂක උපකරණ බෙදා හැරීම වැනි සුබසාධනවල වැඩිපුර නියැලෙන බවට ද ඔවුන් හෙළිකර තිබේ. COVID-19 වසංගතයේ තත්වය තුළදී ලොක්ඩවුන් කාලසීමාවන්වලදී පවා සිය කුමන්ත්‍රණ න්‍යායන් වැඩි කිරීම වැනි කරුණු අන්තවාදී බඳවා ගන්නන් සඳහා සුදුසු තත්වයන් නිර්මාණය කර ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

පරපෝෂිතයා දුර්වල ශරීරයක් මතට වැටෙන්නාක් මෙන්, ත්‍රස්තවාදී කණ්ඩායම් ඉලක්ක කරන්නේ දුර්වල රාජ්‍ය පාලනය සහිත කලාප සහ රටවල් බව ගෝලීය ත්‍රස්තවාදයේ ඉලක්කය පිළිබද නවතම අනතුරු ඇගවීමයි.

9/11 ප්‍රහාරය කරුණු 10කින්,

  1. අල්කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනෙකු පෙරවරු 8 ත් 9 ත් අතර කාලය තුළ අමෙරිකානු මගී ගුවන් යානා 4ක් පැහැරගෙන තිබුණි.
  2. මැන්හැටන් හි ලෝක වෙළඳ මධ්‍යස්ථාන සංකීර්ණයේ ද්විත්ව කුලුනු පසාරු කරගෙන යමින් ගුවන් යානා දෙකක් කඩා වැටුණි.
  3. තුන්වන යානය වර්ජිනියාවේ අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථානය පිහිටි පෙන්ටගනයට කඩා වැට්ටවීය.
  4. සිව්වන ගුවන් යානය පෙන්සිල්වේනියාවේ කෙතකට කඩා වැටුණේ මගීන් ත්‍රස්තයන් සමග සටන් කිරීමට උත්සාහ කිරීම නිසයි. එමගින් ත්‍රස්ත ඉලක්කය වැරදුණු නමුත් එහි සිටි සියලුදෙනා ජීවිතක්ෂයට පත්විය.
  5.  ප්‍රහාරයෙන් විදේශිකයන් ද ඇතුළුව 3,000 ක් පමණ මිය ගියහ. 6,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
  6. පැය දෙකක් ඇතුළත ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ මහල් 110 කුළුණු දෙක කඩා වැටුණි. නිවුන් කුලුනුවල සුන්බුන් නිසා සංකීර්ණයේ අනෙකුත් ගොඩනැගිලි කඩා වැටුණි.
  7.  ලෝක වෙළඳ මධ්‍යස්ථාන භූමිය පිරිසිදු කිරීම 2002 මැයි මාසයේදී අවසන් කරන ලදී. පෙන්ටගනයේ ගොඩනැගිල්ල වසරක් ඇතුළත අලුත්වැඩියා කෙරිණි.
  8.  ලොව ත්‍රස්ත ප්‍රහාර ඉතිහාසයේ දරුණුතම ප්‍රහාරයක් ලෙස 9/11 ඉතිහාසයට කැළලක් එක්කළේය.
  9. ත‍්‍රස්තවාදය සහ එවැනි වැරදිකරුවන්ට එරෙහිව කටයුතු කිරීමේ ගෝලීය ප‍්‍රවේශය සහ උපායමාර්ගය, ඉලක්ක, සන්නද්ධ වීම් ආදිය අතිවිශාල ලෙස වෙනස් වූයේ 9/11 ප‍්‍රහාරයෙන් පසුවයි.
  10. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් මියගිය අය සිහි කිරීම සඳහා ස්මාරක කිහිපයක් ඉදිකර ඇත. නිව්යෝර්ක් නගරයේ ජාතික සැප්තැම්බර් 11 අනුස්මරණ හා කෞතුකාගාරය, පෙන්සිල්වේනියාවේ ස්ටොනික්ක්‍රීක් ටවුන්ෂිප් හි ක්ෂේත්‍රයක ෆ්ලයිට් 93 ජාතික අනුස්මරණය සහ වර්ජිනියාවේ ආර්ලිංටන් ප්‍රාන්තයේ පෙන්ටගන් අනුස්මරණය ඊට ඇතුළත් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කහ ගෑස් නිල් කර විකිණූ ගෑස් වෙළෙන්දා සිලින්ඩර 167ක් සමග කොටු

Next Post

ජේම්ස් බොන්ඩ්ගේ පෙම්වතිය පිළිකාවක් නිසා මෙලොවෙන් සමුගනී.

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.