සුසන්ත අමරබන්දු –
උහන පොලිස් බල ප්‍රදේශයේ ගෑස් අලෙවි කරණ නියෝජිත ආයතනයකදි වෙනත් ගෑස් සමාගමක ගෑස් සිලින්ඩර් වර්ණ ගන්වා වෙනස් කර විකිණීමේ ජාවාරමක නිරතව සිටි පුද්ගලයන් දෙදෙනෙක් ගැස් සිලින්ඩර් 167ක් සමග අත්අඩංගුවට ගැනීමට උහන පොලිසිය සමත් වුනේය.
එම වැටලීම සිදුකරන අවස්ථාවේ එක් ප්‍රධාන ගෑස් සමාගමක ගෑස් සිලින්ඩර 167 තිබූ අතර ඉන් 87 නිල් පැහැති වර්ණ ගන්වා තිබුණි. අනෙක් ගෑස් සිලින්ඩර් වර්ණ ගැන්වීම සඳහා සංකේත අංක සහ නම ග්‍රයින්ඩරයකින් කපා සකස් කර පැවතිිනි.
ඊයේ (09) එම ස්ථානය වටලන අවස්ථාවේ එහි කළමනාකරු අත්අඩංගුවට ගත් අතර අද ( 10) එම ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයාද නීතිඥයෙකු මාර්ගයෙන් උහන පොලිසියට භාර වන ලදී.
මෙලස අත්අඩංගුවේ පසු වන්නේ උහන සහ අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
මෙම නියෝජිත ආයතනය මගින් එක් සමාගමක ගෑස් සිලින්ඩර් රැගෙන
එම සමාගමේ සංකේත අංකය සහ නම ග්‍රයින්ඩර් යොදාගනිමින් කපා ඉවත් කර නිල් පැහැති වර්ණ ගන්වා ඇත. එලෙස සිදු කිරීම නිසා ගෑස් සිලින්ඩර් වල ඝනකම අඩූව පිපිරීමක් පවා සිදුවීමට ඉඩකඩ ඇති බවත්, අනෙක මේ කටයුත්ත බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් බවත් පොලිස් නිලධාරීන් පවසති.
වෙනත් වර්ණ ගන්නවා සකස් කල ගෑස් සිලින්ඩර් තම නියෝජිතායතනය ලවා පුරවා අලවි කිරීම මේ පුද්ගලයන් සිදූ කරගෙනගොස් තිබේ.
මේ පිළිබද පරීක්ෂණ කටයුතු නැගෙනහිර පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ මඟ පෙන්වීම මත අම්පාර භාර නියෝජ්‍ය පොලිස්පති අයාෂ කරුණාරත්න, අම්පාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක, අම්පාර කොට්ඨාස 2 භාර සහකාර පොලිස් අධිකාරි ටී. එම්. ජයරත්නගේ උපදෙස් මත උහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්. .ඩි.එන් . කරුණාරත්නගේ අධීක්ෂණය යටතේ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. විජේරත්න , උ.පො.ප. සමරවීර , උ.පො.ප. ධම්මික, පො.සැ. (58004) වේරගොඩ, පො.සැ.(35265) පියතිස්ස යන නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් පරීක්ෂණ පවත්වමින් සිටිති.