තවත් වසර දෙකකින් විශ්‍රාම යාම පිළිබඳව තමන්ට කිසිදු අදහසක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අගමැතිවරයා තම වසර දෙකකින් විශ්‍රාම යන බවට පළ වූ මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාරයක් දක්වමිනි.
තමන් ජනතාවට ජනතාව තෝරා පත්කරගත්තේ වසර පහක කාලයකට බවත් එම කාලය සම්පූර්ණ වීමට පෙර තනතුරක් හැරීමට කිසිදු තීරණයක් නැති බවද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.