ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (22) මේ නව ඉන්ධන තොගය පිළිබඳව දැනුම් දුන්නේය. මෙම ඉන්ධන තොගය ලංකාවට පැමිණීම සම්බන්ධව අතිශයින් තෘප්තිමත්වන බලශක්ති ඇමතිවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දියාවට ස්තුති කර තිබිණි.
Pumping diesel into #SriLanka!!! Another 40,000 MT consignment of diesel under the credit line from #India reached #Colombo today. pic.twitter.com/FNk5fbvSFj
— India in Sri Lanka (@IndiainSL) May 21, 2022
තවද, ඉන්දියාවේ සිට රුපියල් බිලියන 2 කට වැඩි වටිනාකමකින් යුත් සහල්, කිරිපිටි සහ ඖෂධ තොග රැගත් තවත් නෞකාවක් ඉරිදා කොළඹට පැමිණීමට නියමිතය.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම් කේ ස්ටාලින් විසින් චෙන්නායි නුවර සිට මෙම තොගය ලංකාවට එවීමේ වැඩ කටයුතු ආරම්භ කළේය.
ඔහු ප්‍රකාශ කළේ පීඩාවට පත් උතුරේ දෙමළ වැසියන්ට සහ වතුකරයේ වැසියන්ට මෙම ආධාර එවන බවය.