බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට යන ලංකාවේ ගැහැණිය!

by editor
මැයි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පාර්ලිමේන්තුවට යන්නීය. ඇය කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දුය.  ඊයේ (21) පැවති ඔස්ට්‍රෙලියානු මැතිවරණයෙන් ජයගත් එරට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඇය පාර්ලිමේන්තුවට යන්නීය. ඇය එම අසුන හිමි කරගන්නේ තවත් ශ්‍රී ලාංකිකයෙක් පරාජය කිරීමෙන් වීම විශේෂය. 

කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු  උපත ලැබුවේ  ශ්‍රී ලංකාවේ දීය. වර්ෂ  1988 දී ය.    ඇය 2022 ෆෙඩරල් මැතිවරණයේදී හෝල්ට් ආසනය සඳහා ඕස්ට්‍රේලියානු කම්කරු  පක්ෂයන් තරග වැදුනාය.

ඇය සිය දෙමාපියන් සමග  ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නී වර්ෂ  1999 දී ය.   ඇය හැදී වැඩුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඩැන්ඩෙනොන්ග් උතුරු ප්‍රදේශයේය.

කැසැන්ඩ්‍රා  ආගන්තුක සත්කාරය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ අධ්‍යාපන සහාය පිළිබඳ වෘත්තීය සුදුසුකම් ලබා ඇති තැනැත්තියකි. කම්කරු ප්‍රජා වෙනුවෙන් යොවුන් ජීවිතය කැප කළ තැනැත්තියකි

පේස්ට්‍රි සූපවේදිනියක  ලෙස   වසර 15 කට ආසන්න කාලයක්  වූල්වොර්ත් සුපිරි වෙළඳසල් ජාලයට සම්බන්ධව ඇය   ඩැන්ඩෙනොං ප්ලාසා වෙළෙඳ මධ්‍යස්ථානයේ ඇය සේවය කළාය.      ඇය සාප්පු, බෙදාහැරීමේ සහ අනුබද්ධ සේවක සංගමයේ  කම්කරු පක්ෂ නියෝජිතවරියක් බවට පත් වූ අතර පසුව එහි සංවිධායකවරියක් ලෙස වසර පහක් සේවය කළාය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග  කැසැන්ඩ්‍රා එම අසුන ජයග්‍රහණය කළේ ලිබරල් සන්ධානය නියෝජනය කළ රාන්ජ් පෙරේරා පරාජයට පත් කරමිනි.  රාජන්  ද ශ්‍රී ලාංකිකයෙකි. එහිදී කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඡන්ද 39,185 ක් එනම් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 57.09 ක් ලබා ගත්තාය.   රාන්ජ් පෙරේරාට හිමි වූයේ  ඡන්ද 28,777 කි.  එනම්, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 42.91 කි.

34 හැවිරිදි කැසෙන්ඩ්‍රා ප්‍රනාන්දු ඔස්ට්‍රෙලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ප්‍රථම කාන්තාවය.

මෙවර ඔස්ට්‍රෙලියානු මහ මැතිවරණයට ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකු තරග වැදුනහ.  ඔවුන් තුන්දෙනාම තරග වැදුනේ  ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයෙනි. හෝලට් අසුනට තරග වැදුණු  කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු සහ රාජන් පෙරේරාට අමතරව වික්ටෝරියා ප්‍රාන්තයේ ස්කොලින් අසුනට ලිබරල් සන්ධානයෙන්   ශ්‍රී ලාංකික විරෝෂ් පෙරේරා තරග කළේය. ඔහුට හිමි වූයේ  ඡන්ද 12,543 ක් එනම්, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 34.86 ක්  පමණි.

ඊයේ පැවති මැතවරණයෙන් කම්කරු පක්ෂයෙන් ඉදිරිපත් වුණු ප්‍රවීණ දේශපාලනඥ  ඇන්තනී ඇල්බනීස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විනි. ස්කොට් මොරිසන්ගේ ලිබරල් සන්ධානය පරදවා මෙලෙස ඔස්ට්‍රෙලියාවේ කම්කරු පක්ෂ රජයක් බිහි වී ඇත්තේ දශකයකින් පමණ පසුවය.

මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂයට ආසන 72 ක් හිමි වී ඇති අතර, ලිබරල් සන්ධානයට හිමිව ඇත්තේ ආසන 55 ක් පමණයි. කෙසේ නමුත් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන 76 ලබාගැනීමට ඔවුන්ට හරිත පක්ෂය, ස්වාධීන සහ අනෙකුත් සුළු පක්ෂවල සහාය ලබාගත යුතුව තිබේ.

59 හැවිරිදි නව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස්, නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (22) උදෑසන දිවුරුම් දීමට නියමිතය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවේ තේ අපනයනය කඩා වැටීමෙන් ඉන්දියාවට වාසි

Next Post

ඉන්දීය අධාර යටතේ මෙට්‍රික් ටොන් 40000ක ඩීසල් නැවක්..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.