මේ වනවිට ලෝක අවධානය යොමු වී ඇති ගාලුමුවදොර පිටියේ අරගල කරුවන් පිරිසක් දැඩි සීතල, ධාරාණිපාත වර්ෂාව නොතකා රැය පහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගේට්ටුව අසල ඇති ආරක්ෂක වැටකඩොලු අභියස තවමත් සිය උද්ඝෝෂණයේ නිරතව සිටිති.
මේ වනවිට එම පිරිස හා එක් වීමට පවතින අයහපත් කාලගුණ තත්වය නොතකා තවත් පිරිස් එක් වෙමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපතිවරයාට සමගම රාජපක්ෂ පවුලට ඉල්ලා අස් වී දේශපාලන අර්බුදය විසඳන ලෙසත් ආර්ථික අර්බුදයට පිළිතුර සොයන ලෙසත් එම උද්ඝෝෂකයෝ පවසති.
මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය, NDTV, BBC, The Indian Express, Al Jazeera, ඇතුළු ප්‍රමුඛ පුවත්සේවාවන් වල ප්‍රධාන ප්‍රවෘත්තියක් වී තිබිණි







