ප්‍රංශය විසින් එරට වසය අවුරුදු 65 ඉක්මවූ තෙවන එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන්ට හට අද සිට සංචරණ සීමා පැනවීමට තීරණය කරනු ලැබ තිබේ.
ඒ අනුව තෙවන මාත්‍රාව ලබා නොගත් පුද්ගලයන්ට හට අවහන්හල්, පොදු ස්ථානවලට ඇතුලු වීමත් පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමටත් අවසර හිමි නොවනු ඇත.
මීට පෙර එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට ලබාදුන් ඩිජිටල් අවසර පත මින් ඉදිරියට වලංගු නොවන බවද තුන්වන මාත්‍රාව ලබගැනීමෙන් පසු පමණක් එය යලි සක්‍රීය වන බවද ප්‍රංශය රජය ප්‍රකාශ කරයි.
ප්‍රංශය තුල වයස අවුරුදු 65 ඉක්මවූ තෙවන මාත්‍රාව ලබා ගැනීම සුදුසුකම් ලැබූවන් ලක්ෂ හතරක් පමණ සිටින බවද ප්‍රංශ රජය පවසයි.
මේ අතර ලබන වසරේ ජනවාරි 15 වැනිදා සිට සියලුම වයස් කාණ්ඩ වලට පුද්ගලයන්ට හට තුන්වන මාත්‍රාව ලබාදීමට ප්‍රංශය තීරණය කර ඇති බවද වාර්තා වේ.
ප්‍රංශය මේවන විට තෙවන මාත්‍රා එක්කොටි හැට ලක්ෂයක් පමණ ලබාදී ඇති අතර නත්තලට පෙර එම සංඛ්‍යාව කෝටි දෙක ඉක්මවීමට ඔවුන් බලාපොරොත්තුවේ.







