කීර්ති ප්‍රනාන්දු –
අතුරුදහන් වූ කොටදෙණියාවේ දරුවන් දෙදෙනා ගැන තවම නිශ්ඡිත තොරතුරක් නැතැයි කොටදෙනියාව පොලිසිය කියයි.
මේ දරුවන්ගේ පවුල් පසුබිම ඉතාම සංකීර්ණ බවත්, අතුරුදහන් වූ එක් දරුවෙකුගේ පවුලේ දරුවන් නව දෙනෙක් සිටින බවත් එම දරුවන් නව දෙනා පියවරුන් සිවු දෙනෙකුගේ බවත් විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.
මවගෙ කටඋත්තරය ඉතාම සංකීර්ණ පරස්පරතාවලින් යුතු බව පොලිසියිය කියයි. මේ වනවිට දරුවන් දෙදෙනා ගැන සමාජයෙන් ලද තොරතුරු දෙකක් ඔස්සේ විමර්ශන අරඹා ඇතැයි මේ සම්බන්ධව ලංකාසරට කළ විමසීමක දී කොටදෙණියාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂිකා ආශෝකා රන්දුණු ලංකාසරට කීවාය.







