කීර්ති ප්‍රනාන්දු
මෙරට කෘතහස්ත දේශපාලනඥයෙකු වූ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ අද(07) අලුයම අභාවප්‍රාප්ත විය.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් රෝගාතුර වූ ඔහු මීට දින කිහිපයක සිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටියේය.
මිය යන විට ඔහු 83 වියේ පසු විය
මෙරට දේශපාලනයේ ප්‍රවීණයකු මෙන්ම ජ්‍යෙෂ්ඨයෙකු වූ වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නායකයාද වේ.







