පසුගිය 2021.12.01 සිට 2021.12.05 දක්වා ගෑස් අනතුරු ආශ්‍රිත සිද්ධීන් 430ක් වාර්තා වූ බව ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ කමිටුව විසින් නිකුත් කර ඇති නිවේදනයේ දක්වා තිබේ.
මහාචාර්ය ශාන්ත වල්පොලගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම ජනාධිපති කමිටු වාර්තාව ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
වාර්තා වී ඇති සමස්ථ සිදුවීම් 458න් 244ක් ම ගෑස් කාන්දුවීම සම්බන්ධව ලැබුණු පැමිණිලි බවට නිරීක්ෂණය වු බව කමිටු වාර්තාවේ දැක්වේ.
එමෙන්ම කමිටුව විසින් ගෑස් කාන්දුවීම් හඳුනා ගැනීම සඳහා අනන්‍ය වු ගන්ධය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ.
ඒ පිළිබඳව අදාළ අයාතන හා සමාගම් සමග කළ සාකච්ඡාවේ දී අදාළ සමාගම් මින් ඉදිරියට නිකුත් කරනු ලබන ගෑස්වල ප්‍රමාණවත් ඊතයිල් මර්කැප්ටන් රසායන ද්‍රව්‍ය නියමිත සාන්ද්‍රණයෙන් යුතුව ඇතුළත් කිරීමට එකඟ වී තිබේ.
වාර්තා වු සිදුවීම්වලට අදාළ ගෑස් කාන්දුවීම්වලදී මෙම ගන්ධය නිකුත් නොවීම නිසා පාරිභෝගිකයින් විසින් නොයෙකුත් අනාරක්ෂිත ක්‍රම ඔස්සේ ගෑස් සිලින්ඩරවල කාන්දුවීම් පරීක්ෂා කිරීමට යාමෙන් මින් ඉදිරියට වළකින ලෙස ද කමිටුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දෙවන කාරණය ලෙස කමිටුව විසින් හඳුනාගෙන ඇත්තේ තත්ත්වයෙන් බාල හා නියමිත කාලය ඉකුත්වු රෙගියුලේටර්, ගෑස් සැපයුම් නළ, හෝස් ක්ලිප් හා දිරාපත්වු උදුන් භාවිතය බව ද කමිටුව නිරීක්ෂණය කර ඇත.
පසුගිය කාලසීමාව තුළ වාර්තා වු සිදුවීම්වලට පාරිභෝගිකයා වෙත නිකුත් කර ඇති ගෑස්වල සංයුතියේ යම් වෙනස්වීමක් බලපෑවේද යන කාරණය පිළිබඳව තවදුරුත් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකෙරෙමින් පවතින බව කමිටුව දන්වයි.
එමෙන්ම පෙර තිබු තත්ත්වයෙන් යුතු ගෑස් පරිභෝගිකයා වෙත ලබාදීමට නව ක්‍රමවේදයක් කමිටුව විසින් නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
ෙපාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය හා ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය එකතුව සිදුකරන ගුණාත්මක ඇගයීමකින් පසු පහසුවෙන් හඳුනාගත හැකි විශේෂිත මුද්‍රාවක් සහිත ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කරනු ඇතැයි ද කමිටුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
එම නිවේදනය පහත දැක්වේ.