ලලිත් චාමින්ද –
ජනන බලපත්‍ර ලබානොගත් ස්වාධින බලශක්ති නිෂ්පාදකයින් තිදෙනෙකුගෙන් ගිගා වොට්පැය 732.192ක විදුලිය ලබාගෙන ඒ සදහා රුපියල් බිලියන 18.91 ( කෝටි 1891) මුදලක් ලංකා විදුලිබලමණ්ඩලය විසින් වැයකරතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.
2009 අංක 20 දරණ ලංකා විදුලිබල පනතේ අංක 7 (1), 43 (2) අංක 43 (7) යන වගන්තිවලට පටහැනිව නියාමකයාගේ අනුමැතියකින් තොරව මෙම විදුලිය මිලදිගැනිම් සිදුකොට ඇති බව විගණන වාර්තාවේ සදහන් වේ.
විදුලිය මිලදිගැනිමේ ගිවිසුම් සදහා අනුමැතියකින් තොරව ජනන බලපත්‍ර නොමැති නිෂ්පාදකයින්ගෙන් 2019 වර්ෂයේ මාස හයක් සදහා මෙගාවොට් 100ක අතිරේක විදුලිය මිලදිගෙන තිබුණි.
නැවතත් 2020 වර්ෂයේ පෙබරවාරි මසයේ සිට මාස 06ක් දක්වා කාලය දිර්ඝකොට ගිගාවොට් 78669ක විදුලිය ලබාගෙන ඒ සඳහා රුපියල් බිලියන 3.26ක් ලංකා විදුලිබලමණ්ඩලය විසින් වැයකර තිබු බවද විගණන වාර්තාවේ දැක්වේ.
එමෙන්ම 2018,2019 හා 2020 යන වර්ෂයන්හිදි මෙගාවොට් 1587ක නව ජනනයන් ක්‍රියාත්මක කිරිමට සැලසුම්කොට තිබුනද මෙගාවොට් 275.8ක ධාරිතාවයකින් යුතු බලාගාර පමණක් ආරම්භකොට තිබුණි.
මේ නිසා නව උත්පාදන බලාගාර ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය සැලකිය යුතු ලෙස අඩුවි තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙකි තත්වය නිසා 2020 වර්ෂයේ දි රුපියල් බිලියන 22.2ක වටිනාකමක් සහිත ගිගාවොට් පැය 811ක හදිසිවිදුලි මිලදිගැනිම්ප සිදුකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.