විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසා හැකි ඉක්මණින් දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට අද (05) උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම උපදෙස් දෙනු ලැබුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාව සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් අවස්ථා කිහිපයකදීම පරස්පර ස්ථාවර ගැනීම පිළිබඳ කරුණු අනාවරණය කිරීමෙන් පසුවය.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සිට මේ වන විට විපක්ෂයට ගොස් සිටින කණ්ඩායම එක් මතයක්ද, විපක්ෂනායකවරයා ඇතුළු අනෙක් පාර්ශ්ව තව මතයක්ද පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කර ඇති ආකාරයට ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව තිබිණි.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ කණ්ඩායම් මුල් අවස්ථාවේදී දරන ස්ථාවරය තවත් අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක් ගන්නා බවට ජනාධිපතිවරයාට දිගින් දිගට කරුණු පෙන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට ඉහත දැනුම් දීම කිරීමට හේතුවිනැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.







