සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

21 සඳහා අවසන් එකඟතාවයට පක්ෂ නායකයෝ හෙට රැස් වෙති!

Party Leaders to discuss tomorrow

by editor
ජූනි 2, 2022
in පුවත්
parliament of sri lanka
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය සම්බන්ධව අවසන් එකඟතාවයක් ඇති කරගැනීම සඳහා හෙට (03) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

කතා නායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කැඳවා ඇති එම සාකච්ඡාවේ දී නව සංශෝධනය සම්බන්ධව මතු වී ඇති ගැටලු සහ එයට අලුතින් එකතු කිරීමට අවශ්‍ය කරුණු සම්බන්ධව අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිතව තිබේ.

පක්ෂ නායකයින්ගේ තීරණය අනුව 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර එහි අනුමැතිය ලබා ගැනීමට තීරණය කර තිබේ.

මතභේදයට තුඩු දී තිබෙන විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සහ එහි බලතල අඩුකිරීමේ කටයුත්ත ජන මත විචාරණයකට යා යුතු දීර්ඝ ක්‍රියාවලියක් බැවින් ඒවා දෙවැනි පියවර ලෙස ගෙන ද්විත්ත්ව පුරවැසියෙකුට මෙරට  මහජන නියෝජිතයෙක් බවට පත්වීමට නොහැකිවන වගන්තිය  සහ රාජ්‍ය  තන්ත්‍රය ස්වාධීන කිරීම සඳවන කොමිෂන් සභා පිහිටුවීම ඇතුළු යෝජනා රැසක් යටතේ නව සංශෝධනය සම්මත කරගත යුතු බව දේශපාලන පක්ෂ බහුතරයකගේ මතය වී තිබේ.

මේ අතර අද රටේ ප්‍රධානතම ප්‍රශ්නය වී තිබෙන්නේ ද්විත්ව පුරවැසි භාවය බව හෝ ජනාධිපතිගේ බලතල අඩුකිරීම නොව, ජනතාව මුහුණ පා ඇති ආර්ථික හා සමාජ ගැටලු බැවින් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම ගැටලු විසඳා ගැනීමට අදාලව ගෙන එන කරුණුවලට මුල් තැන දිය යුතු බව පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමේ පිරිසකගේ මතය වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් පවසන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා එහි බලතල අඩු කිරීමත්, ද්විත්ව පුරවැසියෙකුට මෙරට පාර්ලිමේන්තුවේ තනතුරක් දැරීමට සම්බන්ධ යෝජනාත් දෙවැනි පියවර ලෙස තබාගෙන ජනතාවගේ ආර්ථික තත්ත්වය නගා සිටුවීම සම්බන්ධ කරුණු ඇතුළත් 21 වැනි සංශෝධනයක් වහාම ක්‍රියාත්මක කළ යුතුය යන්නය.

කෙසේ වෙතත් මේ සියල්ල සම්බන්ධව පක්ෂ නායකයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කරන බවත් කුමක් සාකච්ඡා කළත් ද්විත්ව පුරවැසි භාවය ඇති පුද්ගලයෙකුට මෙරට පාර්ලිමේන්තුවේ හෝ රාජ්‍ය තන්ත්‍රයේ වෙනත් තනතුරක් දැරිය නොහැකිය යන යෝජනාව අනිවාර්යෙන්ම 21 වැනි සංශෝධනයට ඇතුළත් කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසීය.

මේ අතර ආණ්ඩුවේ සිට ස්වාධීන වූ පක්ෂ 10ක නායකයින් හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් අද යළි පැවැත්වේ. 21 වැනි සංශෝධනයට ඇතුළත් විය යුතු පක්ෂ 10 අවසන් යෝජනාව  විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාට ඔවුන් අද (02) භාර දෙනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු මන්ත්‍රීවරුන්ට 21 ගැන විජේදාසගෙන් දේශනයක්….

Next Post

කැන්ගරුවෝ ගොඩබසිති….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.