2023 අය-වැය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ප්‍රාග්ධන වෙළෙඳපල, අපනයන වෙළෙඳපල, ශ්‍රම වෙළෙඳපල, සහ ඩිජිටල් ආර්ථික අංශ කෙරෙහි විශේෂ අවධානයක් මෙම අයවැයෙන් යොමු කෙරෙනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
සමාජ ප්‍රතිලාභ නිශ්ඡිතවම අවශ්‍ය ජනතාවට වෙත පිරිනැමීමටටත්, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයේ ගාමක බලවේගය ලෙස ගෙඩනැගීමට සඳහාත්වන ප්‍රතිපත්තිමය පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ද මෙවර අයවැයෙන් වැඩ අවධානයක් යොමුවනු ඇති බව පැවසේ.
ජනාධිපති මාධ්‍ය අංශය කියන්නේ 2023 අයවැයෙන් ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩනැන්වීමේ ක්‍රියාවලිය අරඹමින් අලුත් වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට නියමිත බවය.







