එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පැවැති දල්ලාස් ගුවන් සංදර්ශනය අතරතුරේදී ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී කඩා වැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට තහවුරු කරගෙන ඇතත් ගුවන් යානා දෙකේ සිටි සාමාජික සංඛ්‍යාව තවමත් තහවුරු කරගෙන නොමැත.

දෙවන ලෝක යුද්ධයේ යුග දෙකක් නයෝජනය කරන ඓතිහාසික ගුවන් යානා දෙකක් වන බෝයිං බී 17 හා පී 63 කින්ග්කෝබ්‍රා ගුවන් යානා දෙක සංදර්ශනය අතරතුර දී මෙලෙස අනතුරට ලක්වී තිබේ.
සංදර්ශනය පැවැත්වූ සමාගමේ සභාපති හැන්ක් කෝට්ස් AP පුවත් සේවය වෙත පවසා ඇත්තේ B-17 බෝම්බ හෙලන යානයක සාමාන්‍යයෙන් පුද්ගලයින් හතරක් හෝ පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිටින බවයි. . අනෙක P-63 Kingcobra ප්‍රහාරක ගුවන් යානයක සිටින්නේ තනි නියමුවෙක් බවය.
පටිගත කරන ලද දර්ශනවලට අනුව එක් ගුවන් යානයක් අඩු උන්නතාංශයක පියාසර කරද්දී පැමිණෙන තවත් ගුවන් යානයක් එහි ගැටීමෙන් එක් ගුවන් යානය අඩකින් කැඩී යයි. ගිනි බෝලයක් මෙන් ගුවන් යානා දෙකම බිම පතිත වේ.
මෙම අනතුරින් මිය ගොස් ඇතැයි දැනට තහවුරු කරගෙන ඇත්තේ ගුවන් යානා දෙකෙහි නියමුවන් වන ටෙරී බාර්කර් හා ලෙන් රූට් දෙදෙනාය.
මෙම අනතුර සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කටයුතු සිදු කෙරේ.







