වසර 21කට පසු ඉන්දියාව විශ්ව රූ රැජණ කිරුළ දිනාගත්තේය. ඒ 2021 වසරේ විශ්ව රූ රැජණ ලෙස ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කර ගැනීමත් සමගය.
70වන වරට මෙවර විශ්ව රෑ රැජණ තෝරාගැනීමේ තරගය පැවැත්වුණේ ඊශ්රයාලයේ අයිලට්හි දී ය.
එහිදී පන්ජාබ් යුවතියක්වන 21 හැවිරිදි හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගත්තේ වර්ෂ 2000 දී ලාරා දත්තා විසින් එම කිරුළ ඉන්දියාවට දිනා දීමෙන් අනතුරුවය.
ඇය කිරුළ දිනාගත්තේ පැරගුවේ සහ දකුණු අප්රිකාවේ සුන්දරියන් අභිබවා යමිනි. 2020 විශ්ව රූ රැජණ වූ ඇන්ඩ්රා මේසා විසින් ඇයට කිරුළ පැළඳුවාය.