ආසියානු කුසලාන විස්සයි 20 අවසන් මහා තරගයෙන් ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාව පරදා අති විශිෂ්ට කඩුළු 8ක ජයග්‍රහණයක් ලැබූහ.
පන්දු ඕවර 20ක් තුළ ශ්‍රී ලංකා කණ්ඩායම අමාරුවෙන් ලබා ගත් ලකුණු 65 පන්දු ඕවර 8.3ක් තුළ කඩුළු 02ක් පමණක් දැවී ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.
අති විශිෂ්ට පිතිකරණයක යෙදුන ඉන්දීය ආරම්භක පිතිකාරිණිය ස්ම්‍රිති මන්ධනා පන්දු 25ක් තුළ අතිශය ප්‍රවේගකාරී ලකුණු 51ක් ලැබුවාය.ය ඊට හතරේ පහර 6ක් සහ හයේ පහර 03ක් ඇතුළත් විය.

ලකුණු 65ක් හඹා යද්දී අනෙක් ක්‍රීඩිකාවට කරන්නට දෙයක් තිබුණේ නැත. ඇය සමග තරගය නිමා කළ නායිකා හර්මන්ප්‍රීත් කවුර් පන්දු 14ක් තුළ ලකුණු 11ක් ලැබුවාය.
පන්දු යැවිමේ දී ඉනෝකා රණවීර සහ කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් ලැබූහ.
ඉන්දියානු කණ්ඩායම පන්දු ඕවර 8.3ක දී ජයග්‍රහී ඉලක්කය ලබා ගත්තේය. ඒ ස්ම්‍රිති මන්ධනා එල්ල කළ හයේ පහරකිනි.







