17 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු වීමත් සමග මහනුවර ශ්‍රී දළදා මාළිගාව අද (16) පැය දෙකක් වසා දැම්මේය.
ඒ වසා දැමූ පැය 2 තුළ දළදා මාළිගාවේ කාර්ය මණ්ඩලය පී.සී.ආර් පරීක්ෂණවලට ලක් කර තිබේ.
කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ දළදා මාළිගාවේ රාජකාරියෙහි යෙදෙන පොලිස් කණ්ඩායමක් ඇතුළු පිරිසකටය.
මේ තත්වය අස්ගිරි මල්වතු මහා නායක හිමි වරු දැනුවත් අතර උන්වහන්සේලා උපදෙස් දී ඇත්තේ හැකි ඉක්මනින් මාළිගාව විවෘත කර වත් පිළිවෙත් සම්ප්‍රදායන් අඛණ්ඩව කරගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කරන ලෙසය.
පසුගිය 11 වෙනිදා යුක්රේන් ජාතිකයන් 195 දෙනෙක් දළදා මාළිගා පරිශ්‍රයට පැමිණ සිටි අතර ඔවුහු පැය 03ක් පමණ මාළිගා පරිශ්‍රයේ රැඳී සිටියහ.
එම සංචාරකයන් පැමිණෙන අවස්ථාවේ සාමාන්‍ය බැතිමතුන් විශාල ප්‍රමාණයක් මාළිගා පරිශ්‍රය තුළ සිටි බව ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ පැවසූහ.